Tuesday, 03 July 2018 02:16

අපජලය කළමනාකරණයේ විප්ලවීය වෙනසකට මුල පුරමින්    ඩව් කෝපරේෂන් තම මෙහෙයුම් අරඹයි

Written by 
Rate this item
(0 votes)

කසල කළමනාකරණය විශාල ගැටළුවක් බවට පත්ව ඇති යුගයක අප ජලය සහ ඝන අප ද්‍රව්‍ය කළමනාකරණයේ විප්ලවීය වෙනසකට මුලපුරමින් ‘ඩව් කෝපරේෂන් ’ සමාගම පසු ගියදා ශ‍්‍රී ලංකාව තුළ තම මෙහෙයුම් ආරම්භ කළේය. නවීනතම තාක්ෂණය භාවිතා කරමින් ඝන අප ද්‍රව්‍ය කළමනාකරණය සහ අප ජලය පිරිපහදු කිරීමේ පද්ධති ශ‍්‍රී ලංකාවට ගැලපෙන අයුරින් සහ දැරිය හැකි මිලකට ලබා දීම සමාගමේ අරමුණ වේ. මෙම නව සමාගමේ විශේෂත්වයක් වන්නේ මූලික පරිවැය සහ නඩත්තු වියදම් ඉතා අවම පද්ධති නිර්මාණය කිරීමේ හැකියාවයි. 

 

මේ වන විට ශ‍්‍රී ලංකාව පුරාම පාහේ කසළ කළමනාකරණය විශාල ගැටළුවක් බවට පත්ව තිබේ. විශේෂයෙන් කර්මාන්ත ශාලා ආදියෙන් පරිසරය පද්ධතියට මුදා හැරෙන අපජලය මිනිස් ජීවිතවලට සේම රටේ පැවැත්මට පවා කර ඇති බලපෑම සුළුපටු නොවේ. සැබවින්ම මෙහි ඇති ගැටළුව වන්නේ නිසි කළමනාකරණයනකින් තොරව එම අපජලය පරාසරයට මුදා හැරීමය. 

 

කර්මාන්තශාලා වලින් බැහැර කෙරෙන අපජලය පරිසර පද්ධතියට අතිශය තර්ජනකාරී ලෙස බලපෑම් එල්ල කොට තිබේ. බොහෝ විට මෙම අප ජලය පිරිපහදු කොට පරිසරයට මුදා හැරීමට එවැනි කර්මාන්ත ශාලා පියවර නොගන්නේ එ් සඳහා විශාල පිරිවැයක් දැරීමට සිදුවන බැවිනි. අපජලය පරිසරයට මුදා හැරීම වෙනුවට එ්වා නැවත පිරිපහදු කොට භාවිතයට ගැනීම හෝ පරිසරයට මුදා හැරීම කළ හැක. මේ අන්දමින් දියුණු තාක්ෂණය යොදා ගනිමින් මුහුදු වතුර පවා පිරිසිදු පානීය ජලය බවට පත් කිරීම සහ පානය සඳහා නුසුදුසු භූගත ජලය සෞඛ්‍යාරක්ෂිත ලෙස පානය කිරීමට සුදුසු තත්වයට පිරිපහදු කිරීමේ හැකියාව තිබේ. එමගින් පරිසර හානිය අවමවනු පමණක් නොව එම ජලය නැවත භාවිතා කිරීමෙන් විශාල ඉතිරියක් කරගැනීමටද අවස්ථාව සැලසේ. 

 

වර්තමාන ලෝකයේ පරිසරය සුරැකීම දැඩි ලෙස කතා බහට ලක්වන මාතෘකාවක් බවට පත්ව තිබේ. මේ සඳහා අපජලය කළමනාකරණය බෙහෙවින් වැදගත් වේ. එබැවින් ලොව පුරා පරිසර හිතකාමී ලෙස අපජලය කළමනාකරණය කිරීම සඳහා වන තාක්ෂණයන්ද ඉතා වේගයෙන් දියුණු වෙමින් පවතී. එකී දියුණු තාෂණයන්හී ඵලයන් ශ‍්‍රී ලාංකිකයන්ටද උරුමකර දෙමින් රටේ සොඳුරු පරිසර පද්ධති අනාගත පරපුර උදෙසා සුරැඑකීම මෙන්ම ශ‍්‍රී ලංකාවේ ඉංජිනේරු වෘත්තිකයන්ගේ දැනුම හා තාක්ෂණය භාවිතයෙන් විදෙස් රටවලටද සේවා සපයමින් ශ‍්‍රී‍්‍රී ලංකාවට විදේශ විනිමය රැගෙන ඒම ඩව් කොපරේෂන් හී අරමුණයි. 

 

මේ පිළිබද වැඩි විස්තර සදහා පිවිසෙන්න www.daw.lk 

 

 

 

Read 150 times Last modified on Tuesday, 03 July 2018 02:21

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.