Friday, 20 April 2018 15:48

තෙරේසා මේ වෙත ආදරයෙන්..

Written by 
Rate this item
(0 votes)

අප ජීවත්වන්නේ මානව ඉතිහාසයේ ඉතාමත් අදුරුතම අවදියකය. මිනිස් ජාන වල සිට පානිය ජලය ද සෞඛ්‍ය සහ අධ්‍යාපනය දක්වා වූ සියල්ල ප්‍රාග්ධනය විසින් ඉතා බරපතල අන්දමින් යටත්කර ඇත. ධනේෂ්වර ප්‍රාග්ධනය විසින් මෙහයවනු ලබන ඇමෙරිකාව හා බ්‍රිතාන්‍ය ප්‍රමුක බටහිර අදිරාජ්‍යයවාදී පිලිවෙතට එකඟ නොවෙන රාජ්‍යයන්හි ඉරණම තීන්දු කිරීම වෙනුවෙන් මොවුන් සියලු දෙනාම එකම පෙලකට සැරසී බිහිසුනු යුද්දයකට සූදානම් වෙමින් සිටී. ඇමරිකාව ඇතුළු මෙම බටහිර ගැති බාවයෙන් මිදී තරමක් හෝ නිදහස් රාජ්‍යයන් ලෙස ක්‍රියාත්මක වීමට උත්සාහ දරන බොහෝ රටවලට එරෙහිව යුදමය තත්වයන් ඇතිකරලීමේ බිහිසුනු කුමන්ත්‍රණ සිදු වෙමින් පවතී. අද සිරියාවෙත් , වෙනේසුලාවෙත්, උතුරු කොරියාව සහ කියුබාවෙත් අපි දිනපතා දකින්නෙමු.

 

 

මෙකී ඇමෙරිකානු මැදිහත්වීම් මැද පෙරදිග අන්තවාදී කල්ලි හරහාත්, ලතින් ඇමෙරිකාවේ මද්‍රව්‍ය නාශක ව්‍යාපාරයන් ලෙසත්, තවත් රටවල විවිධ සමාජ කැරලි හරහා ආරම්භව අවසාන වන්නේ සිරියාවේ, ඉරාකයේ , ලිබියාවේ වැනි ආක්‍රමණය ලෙසය.

 

එම ඇමෙරිකානු අදිරජ්‍යවාදී යුද්ධයන්හි මියයන මිලියන ගණනක් වූ ගැහැනුන් , මිනිසුන් සහ දරුවන් ගේ අදෝනාවන් දෙස වැඩිහිටියන් වූ බොහෝ මිනිසුන් නිහඬව, අසරණව බලා සිටී... සිරියානු ජනයා වෙතට ගුවනින් බෝම්බ හෙලීමට බ්‍රිතාන්‍ය රජය පියවර ගැනීමෙන් කම්පිතවූ ලන්ඩනයේ අද්‍යාපනය හදාරන 11 හැවිරිදි දැරියක විසින් එක්සත් රාජධානියේ අගමැතිනි තෙරේසා මේ වෙත යැවූ ලිපියකි....

 

Dear Theresa May,

 

My name is xxxxxxxx from xxxx junior school, xxxxx. I am neither a follower of the consecutive party nor a fan but I am writing this letter to inform you about how the decision you have made (by creating an unnecessary campaign against Syria) is going to make the situation neither in Syria nor the whole country is in any better. If you think that millions of children are not watching or reading the news, You are very wrong. And if you continue to push the limits of these poverty-sickened countries (such as Syria) what will happen to poor areas in Eastbourne? What will happen to your country? What will happen to all the memories you’ve had? Because of the decision you have made your homeland and your birthplace will perish with the extra millions of innocent people, if a World War brokeout. Just think about it for one second. Would you rather create a war and let millions of people die and be proud of it? Or Would you save your country and others, by saving millions of lives and actually be proud of it? It’s your choice. You can be Prime minister all you like. But it would help if you made things better.

 

Love from xxxxx

 

හිතවත් තෙරේසා මේ වෙත,

මගේ නම xxxxxx සහ මා අද්‍යාපනය ලබන්නේ xxxxxx . මම ඔබගේ කොන්සවේටිව් පක්ෂයේ හිතවතෙකු හෝ පාක්ෂිකයකු නොවෙන නමුත්, මා මේ ලිපිය ලියන්නේ ඔබවිසින් සිරියාවට පහරදීම පිළිබඳව ඔබගේ තීරණය හිතකර නොවන බව පැවසීමටය.

 

ඔබ දරුවන් ප්‍රවෘති සහ පුවත්පත් නොකියන බව සිතන්නේනම් ඔබ මුලා වී ඇති බව පවසමි. ඔබ දුප්පත් රටවලට මෙසේ පහර දෙන්නේ නම් රටේ දුප්පත් ප්‍රදේශ වල ඉරණම කුමක්ද? ඔබගේ රටට අත්වන ඉරණම කුමක්ද? ඔබගේ තීරන නිසා ලෝක යුද්ධයක් ඇතිවුවහොත් මියයන මිලියන ගණනක් අහිංසක ජිවිත ගැන ඔබට ආඩම්බර විය හැකිද? මොහොතකට සිතන්න.

 

වඩාත් හිතකර වන්නේ රටෙත් අන් රටවලත් මිනිස් ජිවිත බේරාගැනීම නොවේද? තීරණය ඔබ අතේය. අගමැතිවරිය ලෙස ඔබට කැමති තීරණයක් ගත හැක. යෝග්‍යවන්නේ වඩා යහපත් තත්වයක් නිර්මාණය කිරීමය.

 

ආදරයෙන් ,

Read 199 times

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.