Saturday, 03 February 2018 14:52

බෙල්ලන්විල විමලරතන හිමියෝ අපවත්වෙති

Written by 
Rate this item
(0 votes)

බෙල්ලන්විල විහාරාධිපති ආචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරතන හිමියන් මීට සුළු මොහොතකට පෙර ආසිරි ශල්‍ය රෝහලේදී අපවත් වී ඇතැයි වාර්තා වේ.

 

 

විහාරස්ථානයේ ඇතෙකු ට ආහාර ලබාදීමේ දී සිදුවූ අනතුරකින් තුවාල ලැබූ විමලරතන හිමියන් ප්‍රතිකාර සඳහා ඊයේ (22) මූලික වශයෙන් කළුබෝවිල රෝහල්ගත කර තිබුණු අතර, වැඩිදුර ප්‍රතිකාර සඳහා ආසිරි ශල්‍ය රෝහල වෙත ගෙන ගොස් තිබුණි.

 

බෙල්ලන්විල විහාරස්ථානයේ මිලන් කුමාර් නමැති ඇතා හට ආහාර වශයෙන් සියඹලා ලබාදීමේදී එම සත්ත්වයා ආහාර එකවර ඩැහැගැනීමට යාමේදී උන්වහන්සේට අනතුරකට ලක්වී ඇති අතර, මෙම සිද්ධියෙන් උන්වහන්සේ ගේ පෙනහළු වලට දැඩි හානි සිදුවී ඇතැයි වාර්තා වේ.

 

ප්‍රතිකාර සිදුකරන අතරතුරේදී උන්වහන්සේට හෘදයාබාධයක් ඇතිවී ඇතැයි වාර්තා වේ

Read 409 times Last modified on Saturday, 03 February 2018 15:27

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.