• 77 දී හඳුන්වා දුන් විවෘත ආර්ථිකය ක්‍රමය හා දේශපාලන ක්‍රමය පිළිබඳ ව ඔබට තිබෙන්නේ මොන වගේ කියවීමක්ද?

1977 දී වගේම 77ට පෙර සිට ලංකාවේ සිදු වුණු ආර්ථික වෙනස්කම් සහ දේශපාලන වෙනස්කම් සියල්ලක් ම අපට තේරුම් ගන්න වෙන්නේ ගෝලීය තලයක සිදු වූ වෙනස්කම් විදියටයි. උදාහරණයක් විදියට දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ බටහිර ජාතීන් අතර කිසියම් සම්මුතියක් ඇති වුණා. ඒ අය ඒක හැඳින්වූයේ පශ්චාත් යුද ස්ථායීකරණය කියලා. දෙවන ලෝක යුද්ධයෙන් බිඳ වැටුණු යුරෝපා ආර්ථිකය නැවත ගොඩනැඟීමේ වැඩපිළිවෙලක් තමයි ඔවුන් මින් අදහස් කළේ. තවත් විදියකින් කිව්වොත්, ඇමරිකා එක්සත් ජනපදය මූලික වෙලා මාෂල් සැලැස්ම හරහා ලෝක ක්‍රමය නැවත සකස් කිරීමේ වැඩ පිළිවෙලක් ක්‍රියාවට නැඟුණා. මේ ක්‍රියාවලිය තුළ සුබසාධන ආර්ථිකයට යම් වැදගත්කමක් හිමි වුණා. 1929 දී ඇති වුණ යුරෝපයේ මහා ආර්ථික අවපාතයෙන් පස්සේ ජෝන් මේනාඩ් කේන්ස් (John Maynard Keynes) වැනි අයගේ අදහස් මත පදනම් වුණු රාජ්‍ය කේන්ද්‍රීය ආර්ථික මොඩලය පිළිගැනීමට ලක් වුණා. දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ මේකට අලුත් හැඩයක් ලැබුණා. යුද්ධයෙන් විනාශ වුණු ආර්ථිකයන් නැවත ගොඩනඟන්න රාජ්‍ය මැදිහත්වීම අවශ්‍ය වුණා. ඒ කාලේ (1947 සිට) ලංකාවේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් තිබුණට යුරෝපයේ ක්‍රියාත්මක වුණු මේ පශ්චාත් යුද ස්ථායීකරණ වැඩ පිළිවෙල හරහා ඇති වුණ සුබසාධන ආර්ථික වැඩ පිළිවෙල තමයි ක්‍රියාවට නැඟුණේ.

 

ඉංග්‍රීසි භාෂා අධ්‍යාපනය හා සම්බන්ධ මේ කෘති දෙක ඔබ හඳුන්වාදෙන්නේ කුමන ආකාරයටද?‍

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි භාෂා ඉගැන්වීමේ ඒකකය හරහා බොහෝ පිරිසක් එකතු වෙලා කිසියම් වැඩ කොටසක් කළා. ඒවායේ සාර්ථක ප්‍රතිඵල අපට දකින්න ලැබුණා. ඒ අත්දැකීම් මේ කෘති දෙක රචනා කරන විට මට ඉතා වැදගත් වුණා. ඇත්තටම මේ කෘති ලියන්න මම පෙලඹුණේත් ඒ අත්දැකීම් නිසා කියලා මම හිතනවා.

  • A Thousand Voiced Choir කෘතියේ පසුබිම කුමක්ද?

අපේ ඉංග්‍රීසි භාෂා ඉගැන්වීම් ඒකකයේ යම් යම් වෙනස්කම් හඳුන්වාදුන් මුල්ම අවුරුද්ද අවසන් වුණේ මුළු කණ්ඩායමම ශාලාවේ රැස් වෙලා ඉංග්‍රීසි සිංදුවක් ගායනා කිරීමෙන්. ඒ කණ්ඩායමේ දහසක පිරිසක් හිටියා. දහස් දෙනෙකුට අපි කොහොමද ඉංග්‍රීසි ඉගැන්නුවේ කියලා කෙනෙකුට පුදුම හිතෙන්නත් ඉඩ තියෙනවා. මේ වැඩසටහන අවසානයේදී ඒ දහස් දෙනා එක්කම තනි තනි වශයෙන් සාකච්ඡා කරන්න අපට හැකියාවක් තිබුණා. ඒ හැමෝම ඉංග්‍රීසියෙන් කතා කළා. සමහරු කිසියම් චකිතයකින් වෙව්ලමින් හරි ඉංග්‍රීසියෙන් කතා කළ අවස්ථා තිබුණා. ඒ තත්ත්වය නිර්මාණය කිරීමේ ක්‍රියාදාමය සිදු වුණේ කොහොමද කියන එක මතක සටහන් පෙළක් හැටියට ලේඛනගත කරන්න පුළුවන් නම් හොඳයි කියලා මට හිතුණා. මේ පොත ලියැවුණේ ඒ අනුවයි.

ඉංග්‍රීසි ඉගෙන ගැනීමේදී සහ ඉගැන්වීමේදී අපි මුහුණ දෙන ගැටලු ගැන මේ පොතෙන් කතා කරන්න මට ඕන වුණා. ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්න සහ උගන්වන්න අපි කළ යුත්තේ මොනවද කියලා බොහෝ අය අහනවා. ඒ ප්‍රශ්නවලට පිළිතුරු මේ පොතේ තියෙනවා. ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගැනීමේදී සහ ඉගැන්වීමේදී බොහෝ අය කරන වැරදි හඳුනාගැනීම ඉතා වැදගත් කියලා මම හිතනවා. බොහෝ අය කියන විදියට ඉංග්‍රීසි ඉගෙන ගන්න බැහැ කියලා කියන එක බුද්ධි මට්ටමේ අඩුවක් හා සම්බන්ධ දෙයක් නෙවෙයි. බොහෝ විට එතැන තියෙන්නෙ මානසික ප්‍රශ්නයක්. අපේ රටේ වැඩි දෙනෙක් තුළ ඉංග්‍රීසි ඉගෙන ගන්න අකමැත්තක් තියෙනවා. ඉංග්‍රීසි කියන්නේ අපේ භාෂාව නෙවෙයිනෙ. බොහෝ අය හිතන්නේ තමන්ගේ භාෂාවට අමතරව ඉංග්‍රීසි වගේ භාෂාවක් ඉගෙනගැනීම දේශද්‍රෝහී වැඩක් කියලයි. අපේ බහුතරයක් ඉංග්‍රීසි කථා කරනවා කියන එක එක්තරා සමාජ තලයකට පමණක් අයිති දෙයක් විදියට දකින ස්වාභාවයක් තියෙනවා. ළමයි අතරෙ වුණත් ඉංග්‍රීසි දන්න අයට තියෙන පිළිගැනීම වැඩියි. මොනවා හරි උත්සවයක් සංවිධානය කළත් ඉංග්‍රීසි දන්න අය ඉදිරියට එනවා. අනෙක් අය වුණත් ඉංග්‍රීසි දන්න අයව ඉස්සරහට දානවා. ඔවුන් හිතන්නෙ ඉංග්‍රීසි දන්න අය අනෙක් අයට වඩා දක්ෂයි කියලයි. බොහෝ වෙලාවට යම් යම් දේවල්වලට ඉදිරිපත් වෙන්න තරම් නිර්භය වෙන්නෙත් ඉංග්‍රීසි දන්න අයයි. ඒක එහෙම වෙන්නම අවශ්‍ය නැහැයි කියලයි මම හිතන්නෙ. මම මේ කියන්නෙ ඉංග්‍රීසි ඉගෙන ගන්න එපා කියන එක නෙවෙයි. ඉංග්‍රීසි ඉගෙන ගන්න. ඒකෙන් තමන්ට කිසියම් අමතර අවස්ථා ලැබෙයි. හැබැයි, මේක සිංහල සහ දෙමළ භාෂා කතා කරන බහුතරයක් ජීවත් වෙන රටක්. ඒ භාෂා දෙක දන්නවා නම් ඉංග්‍රීසි නොදන්නවා කියලා හීනමානයක් ඇති කරගන්න වුවමනා නැහැ. හැබැයි ඉංග්‍රීසි ඉගෙන ගන්නවා නම් වඩා හොඳයි. මොකද එතකොට වඩා වැඩි වැඩ කොටසක් කරගන්න එයින් අවස්ථාව ලැබෙනවා. ඒ භාෂාව හරහා පහසුවෙන් අමතර දැනුම ලබාගන්න පුළුවන්.

දැනුම කියන්නේ බලය. ඉංග්‍රීසි කතා නොකරන අය අතරෙත් ඉතා ඉහළ දැනුමක් තියෙන අය ඉන්නවා. ඔවුන් අලුත් සාහිත්‍යවාද වැනි දේවල් ගැන බොහෝ දේවල් සිංහල හෝ දෙමළ වැනි භාෂාවලින් ඉගෙන ගන්නවා. ඒ දැනුම ඉංග්‍රීසි හරහාම ලබාගන්න අවශ්‍යත් නැහැ. හැබැයි ඉංග්‍රීසි දන්නවා නම් ඒ දැනුම ලබාගැනීම තවත් පහසු වෙනවා. මේ කෘතිය පළ කිරීමේ එක අරමුණක් වුණේ මෙන්න මේ වගේ අදහස් සමාජගත කිරීමයි. ලේඛිකාවක් හැටියට මේ දේවල් ගැන ලියන්න මට තිබුණු ආසාව සහ ඉංග්‍රීසි ගුරුවරියක් හැටියට වෘත්තීය වශයෙන් මම ලබපු අත්දැකීම් එකතු වෙච්ච තැනක් හැටියට මේ පොත සලකන්න පුළුවන්.

  • Grammar through Literature කෘතිය ගැනත් විශේෂයෙන් යමක් කියනවා නම්?

මේ කෘතියෙන් මම පෙන්වා දෙන්නේ සාහිත්‍යය ඔස්සේ භාෂාවේ ව්‍යාකරණය ඉගෙන ගත හැකි ආකාරය ගැනයි. ඇත්තටම ඉංග්‍රීසි ඉගෙන ගන්න මුලින්ම ව්‍යාකරණ කියලා වෙනම දෙයක් ඉගෙන ගන්න අවශ්‍ය නැහැ. අපට හුරුපුරුදු සාහිත්‍යය ඔස්සේම ව්‍යාකරණය ඉගෙන ගත හැකියි. අපි සිංහල කතා කරන්න ව්‍යාකරණ ඉගෙන ගත්තෙ නැහැනෙ. ටියුෂන් පන්තිවල එහෙම ඉංග්‍රීසි භාෂාව උගන්වන්න පටන් ගන්නෙම ව්‍යාකරණවලින්. හැබැයි ව්‍යාකරණ දන්නවා කියන එක ඉංග්‍රීසි භාවිත කරන්න පුළුවන්ද බැරිද කියන එක පිළිබඳ මිනුමක් නෙවෙයි. හිස් තැන් පුරවන ප්‍රශ්නවලට පිළිතුරු දීලා ලකුණු සියයක් ගන්න දරුවෙකුට එළියට ගිහිල්ලා වචන එකතු කරලා වාක්‍යයක් කථා කරන්න පුළුවන්ද කියන එක හොයලා බලන්න ඕන. භාෂාවක් ඉගෙන ගන්නවා කියන්නේ පීනනවා වගේ වැඩක්. පීනන්න වතුරට බහින්නම ඕන. අන්න ඒ වගේම ඉංග්‍රීසි වගේ භාෂාවක් ඉගෙන ගන්න නම් ඒ භාෂාව භාවිත කරන්නම ඕන. ඒ සඳහා භාෂා භාවිතයේ අවශ්‍යතාවක් ඇති විය යුතු වෙනවා.

  • ලංකාවේ සිංහල අයට ඉංග්‍රීසි නැතිව ජීවත් වෙන්න පුළුවන්නෙ.

මේ හැම කෙනෙක්ම අරගෙන ගිහිල්ලා සතියක් වගේ කාලයක් එංගලන්තයේ අතඇරියොත් එහෙම ඒ හැම කෙනෙක්ම ඉංග්‍රීසි කථා කරන්න පටන් ගනියි. එහෙම නොකළොත් ඒ අයට එහේ ජීවත් වෙන්න අමාරු වෙනවා. ඒ නිසා ඉංග්‍රීසි ඉගෙනගන්න ඕන නම් භාෂාවක් හැටියට එය භාවිත කළ යුතුයි. අපේ රටේ බොහෝ අය ඉංග්‍රීසි භාවිත නොකරන හේතු බොහොමයක් තියෙනවා. ඒ භාෂාව භාවිත කිරීම සඳහා බොහෝ වෙලාවට ඔවුන්ට අවස්ථාවක් ලැබෙන්නෙත් නැහැ. ඔවුන්ට ඉංග්‍රීසි නැතිව වැඩ කටයුතු කරගන්න පුළුවන්. අනෙක් එක අපි වැරදියට ඉංග්‍රීසි භාවිත කරන කොට සමාජය හිනා වෙනවා. මම ඔය තත්ත්වය දැකලා තියෙන්නේ ලංකාවේ විතරයි. මොකක් හරි හේතුවක් හින්දා අපි ඉංග්‍රීසි වරද්ද ගත්තොත් සිදු කෙරෙන සමච්චලය හින්දම අපේ ළමයි ඉංග්‍රීසියෙන් කථා කරන්න කැමති නැහැ. කෙනෙක් ඉංග්‍රීසි වරද්දනකොට සමහරු හිනා වුණාට ඒක හීනමානය සම්බන්ධ ගැටලුවක් මිසක් වෙන දෙයක් නෙවෙයි. ඉංග්‍රීසි ඉගෙන ගන්න නම් වරද්ද වරද්ද හරි ඒ භාෂාව භාවිත කරන්න ඕන. එතැනදි අපට සමීප වෙනත් විෂයන් මේ භාෂාවත් එක්ක සම්බන්ධ කරගන්නත් අපට පුළුවන්.

සාහිත්‍යය කියන්නෙත් ඒ වගේ විෂයක්. මම Grammar through Literature පොත ලිව්වේ සාහිත්‍යය හරහා ඉංග්‍රීසි භාවිත කළ හැකි ආකාරය පෙන්වා දෙන්නයි. මේ පොත ඉංග්‍රීසි ඉගැන්වීමේ පාඨ ග්‍රන්ථයක් හැටියට සලකන්නත් පුළුවන්. ඒවුණාට මේ පොත සාම්ප්‍රදායික ව්‍යාකරණ ග්‍රන්ථයකට වඩා තරමක් වෙනස්. මේ පොතේදී භාවිත කරන සම්පූර්ණ අමුද්‍රව්‍ය වෙන්නෙ සාහිත්‍යයයි. ඉංග්‍රීසි සාහිත්‍යය කිව්වාම බොහෝ අය හිතන්නේ ඒක ව්‍යාකරණත් එක්ක සම්බන්ධයක් නැති වෙනම අංශයක් කියලයි. ඉංග්‍රීසි සාහිත්‍යය කියපු ගමන් බොහෝ අයට මතක් වෙන්නේ ආර්. එල්. ස්ටීවන්සන්, ඇල්ෆ්‍රඩ් ටෙනිසන් හෝ රබීන්ද්‍රනාත් තාගෝර් ඉංග්‍රීසි භාෂාවෙන් ලියපු දේවල් වගේ වෙනම සාහිත්‍යයක් වෙන්නත් පුළුවන්. ඇත්තටම සාහිත්‍යය කියන්නේ එහෙම එක පිරිසකට හෝ එක තැනකට සීමා වූ දෙයක් නෙවෙයි. සාහිත්‍යයත් එක්ක බැඳුණු තවත් බොහෝ දේවල් තියෙනවා. ඒනිසා ව්‍යාකරණ සහ භාෂාව ඉගෙන ගන්නත් සාහිත්‍යය උපයෝගී කරගන්න පුළුවන්. මේ පොත පළ කරන්න කලින් පුවත්පත් ලිපි ඔස්සේත් මම මේ විදියට සාහිත්‍යය ඔස්සේ ව්‍යාකරණය ඉගැන්විය හැකි ආකාරය ගැන ලිව්වා. ඒ ලිපි ලියනකොට ඉංග්‍රීසි කවි තෝරගෙන ඒ හරහා මම භාෂාව සහ ව්‍යාකරණ ගැන යම් යම් අදහස් පළ කළා.

  • සාහිත්‍යය ඔස්සේ ඉංග්‍රීසි ඉගැන්වීම ළමා වියේ සිටම කළ හැකි යැයි ඔබ විශ්වාස කරනවාද?

ඔව්, ඉංග්‍රීසි සාහිත්‍යය ළමා වියේ සිටම දරුවන්ට කියලා දෙන්න පුළුවන් නම් ඉතා වටිනවා. ඒ සඳහා සාහිත්‍යය ඉතා රසවත් ආකාරයෙන් ඉදිරිපත් කළ හැකි ක්‍රම තියෙනවා. වෙළෙඳපොළේ තියෙන ලොකු අකුරු සහිත ලේඩිබර්ඩ් කතන්දර පොත් කියවන ළමයින්ගේ ඉංග්‍රීසි දැනුම දියුණු වෙනවා. හැබැයි ඒ පොත්වල මිල අධික නිසා ඒවා කියවන්න අවස්ථාව හැම කෙනෙකුටම ලැබෙන්නේ නැහැ. අපේ අම්මලාට අප්පච්චිලාට වුණත් ලොකුවට මුදල්හදල් තිබුණෙ නැහැ. හැබැයි තිබුණු මුදලින් අපේ අම්මා සහ තාත්තා වැඩිපුරම ගත්තේ පොත් කියලයි මට හිතෙන්නේ. අපි හැදුණෙ වැඩුණෙ පොත් එක්කයි. කුඩා දරුවෙකුට ලොකු ඉංග්‍රීසි අකුරු තියෙන පොත් කියවන්න දුන්නොත් කාලයක් යනකොට ඒ දරුවා ක්‍රමයෙන් ඉංග්‍රීසි භාෂාවට හුරු වෙන්න පටන් ගන්නවා. එතකොට ඉංග්‍රීසි භාෂාවට ඒ දරුවා තුළ තියෙන බය අඩු වෙනවා. ඒ නිසා හොඳ ඉංග්‍රීසියෙන් ලියැවුණු, අඩු මිල පොත් අපේ දරුවන්ට කියවන්න දෙන්න පුළුවන් නම් ළමයින්ව ඉංග්‍රීසි භාෂාවට හුරු කරවන්න ඉඩ ලැබෙනවා.

සාකච්ඡා කළේ [අජිත් නිශාන්ත]

රැස

ආදරේ කියන්නෙ ම මහ පුදුම හැඟීමක්. මට හිතුනේ එහෙම. ඒ හැඟීමට පුලූවන් හදවතක් සුන්දර කරන්න. ඒ වගේ ම ඒ හැඟීමට පුලූවන් හදවතක් වේදනාවෙන් රිද්දලා විඳවන තැනට ඇදලා දාන්න. පහුගිය කාලෙ ලංකාවේ සිද්ධ වුණ දේවල් දිහා බැලූවා ම හදවතක් සුන්දර කරන එක කෙසේ වෙතත් හදවතක් රිද්දන එක නම් සිද්ධවෙලා ඒ රිදවීම තවත් දුර දිග ගිහින් ඒක ජීවිත වලින් වන්දි ගෙවීමෙන් කෙළවර වුණ බව නම් අපි හොඳින්ම දැක්කා. පෙම්වතා පෙම්වතිය ඝාතනය වගේ සිද්දි ඒවට සාක්ෂ.

වටලවල තේ කියූ පමණිනින් මේ වන විට ලංකාවේ අස්සක් මුල්ලක් නෑර වටවල යන නාමය හදුනා ගන්නේ අපට තේ බෙදා හරින සුපිරිසිදු වෙළද ආයතනයක් ලෙසය. එහෙත් සෑම සුදු පිරුවටයක් යටම විෂ සහිත අක්මුල් ඇති බව වන කියනම සනාථ කරමින් වටවල වැවිලි කර්මාන්ත සමාගම මේ වනවිට ආරම්භ කොට ඇති වටුපොල් වගාව විසින් දෙවැනි රතුපස්වලක් නිර්මාණය කිරීමට සමත්ව ඇත.
මහා ව්‍යාපාර දියත් කරන සමාගම් ඒවායේ පාරිසරික තත්වයන් හා මිනිස් අවශ්‍යතාවයන් සම්බන්ධයෙන් නොසලකා බලන බවට ලංකාව තුළම ඕනෑ තරම් නිදසුන් තිබේ.

ලංකාවේ මාර දේශපාලන අවුලක් ඇතිව තිබේ.. හිටි හැටියේම ජනාධිපති මෛත්‍රී විසින් මහින්ද රාජපක්ෂ වෙත අගමැතිකම පිරිනමා ඇත. එතෙක් රනිල්ට අගමැතිකම දී ජනපතිකමේ වැඩකරගනෙ ගියේය. මේ සමගම දේශපාලන ක්ෂේත්‍ර යේ නිතර නිතර තොරම්බල් වෙන වචනයක් බවට ප්‍රජාතන්ත්‍රවාදය එළියට ආවේය.

 

2015 වසරේ දී ආණ්ඩුවට ලැබුණේ රාජ්‍ය මූල්‍ය කාල බෝම්බයක් බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි. කඩාවැටුණු රාජ්‍ය ආදායමක් අපනයනයක් පමණක් නොව පහළ යමින් තිබූ ආර්ථික වර්ධන වේගයක් සමග භාර ගත් ආණ්ඩුව මේ වන විට සියලු අර්බුදයන්ට මුහුණ දෙමින් ශක්තිමත් වෙමින් පවතින බව හෙතෙම කියා සිටියි. 

හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව්දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් දුමින්ද සිල්වා මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනකුට මහාධිකරණයෙන් නියම කළ මරණ දඬුවම තහවුරු කළ ශ්‍රේෂ්ඨාධිකරණය එම දඬුවම ක්‍රියාත්මක කරන ලෙස අද නියෝග කළේය.

Monday, 08 October 2018 10:52

විජයකලා අත්අඩංගුවට 

Written by

පොලිස් සංවිධානාත්මක අපරාධ කොට්ඨාසය විසින් හිටපු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මහත්මිය අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, අද පෙරවරුවේ ප්‍රකාශයක් ලබා දීම සඳහා නිතිඥවරුන් සමග ඇය පොලිස් සංවිධානාත්මක අපරාධ කොට්ඨාසයට පැමිණි අවස්ථාවේදී ඇය අත්අඩංගුවට ගත් බවයි.