එක්සත් රාජධානියේ ප්‍රභල හවුල් කාරයෙකු වන ස්කොට්ලන්තය තවදුරටත් යුරෝපා සංගමයේ රැදී සිටීමට එහි කැබිනට් මණ්ඩලය විසින්  (25) දා උදෑසන තීරණය කළ බව ස්කෝට්ලන්තයේ පලමු ලේකම්වරිය මෙන්ම ස්කොටිෂ් නැෂනල් පක්ෂයේ නායිකා නිකොලා ස්ට්‍රේජන්  ජනමාධ්‍ය අමතමින් කියා සිටියාය.

ඉන්දියාවේ අජටාකාශ මධ්‍යස්ථාන විසින් චන්ද්‍රිකා 20 ක් ගුවන් ගත කිරීමට සමත්ව ඇති බව වාර්තාවේ.  මිනිත්තු 26 කදී චන්ද්‍රිකා 20ක් ගුවන් ගත කිරීම ඉන්දියාවේ මුල් වරට සිදුවූවක් බවද සදහන් වේ.

ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවේ සෙනෙට් අසුනක් සඳහා තරඟ කිරීමට එරට කම්කරු පක්ෂයෙන් පළමු වරට ශ්‍රී ලාංකිකයෙකුට නාම යෝජනා හිමිව තිබේ. ඔස්ට්‍රේලියානු කම්කරු පක්ෂයේ නව දකුණු වේල්ස් ශාඛාව (NSW) වෙනුවෙන් එරට වෙසෙන ජගත් බණ්ඩාර මහතාට මෙලෙස නාම යෝජනා හිමිව ඇති බව වාර්තා වේ.‍

ද වොයිස්' නමැති ඇමරිකානු රුපවාහිනී වැඩසටහනේදී තරඟ වැදුණු ගායිකා ක්‍රිස්ටිනා ග්‍රිමී සංදර්ශනයක් අවසානයේ ඕලන්දෝ හි දී වෙඩි පහරකට ,ලක්වූ අතර තුවාල ලැබූ ඇය රෝහල් ගත කිරීමෙන් පසු මිය ගිය බව ෆ්ලොරිඩා පොලීසිය පවසයි.

අයි එස් සටන්කාමින් විසින් ඉරාකයේ යසිදී කාන්තාවන් 19 දෙනෙකු පණපිටින් පුළුස්සා ඝාතනය කර ඇති බව විදෙස් මාධ්ය වාර්තා කරයි.

වසර තිහකට පසු වාර්තා ගත ලෙස ඉහළ ගිය ෂේන් නදියේ ජල මට්ටම මේ වන විට ක්‍රමයෙන් පහළ යමින් තිබෙන බව ප්‍රංශ බලධාරීහු පවසති.

සතියකට පසු පළමු වරට ෂේන් නදියේ ජල මට්ටම පහළ යමින් තිබෙන නමුත් ගංගාවේ ජල මට්ටම සාමාන්‍ය තත්වයට පත් වීමට දින දහයක්වත් ගත වනු ඇති බවට බලධාරීහු අනතුරු හඟවති.

සිරියාවේ සරණාගත කඳවුරකට එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයින් 28 දෙනෙකු පමණ මියගොස් තිබේ.

තුර්කි දේශ සීමාව ආසන්නයේ පිහිටි අදාළ සරණාගත කඳවුරට එල්ල වූ ප්‍රහාරය පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ රූප රාමු මුදාහැර ඇත.

උතුරු කොරියාව දශක කිහිපයකට පසු පළමුවරට පක්ෂ සමුළුවක් කැඳවා තිබේ.

උතුරු කොරියානු නායක කිම් ජොන් උන් මෙවර සමුළුවේදී තම අනාගත වැඩපිළිවෙළ ප්‍රකාශයට පත් කරනු ඇත.

එම සමුළුව වාර්තා කිරීම සඳහා විදේශීය මාධ්‍යවේදීන්ට ද අවස්ථාව සැළසී ඇති නමුත් ඔවුන්ගේ කටයුතු පාලනයකට යටත් කර තිබේ.