ඉතිහාසයේ අසහාය අත්වැරැද්දක් විසින් ලෝකයේ ලොකුම පුටුව වෙත නැංවූ උන්මත්තකයෙක් බලයෙන් ආතුරව පිස්සු කෙළිනා හැටි මාස කිහිපයක් පුරා අප බලාසිටිමු.  සැබවින්ම මේ පළමු මාස කීපයේදී ට්‍රම්ප් ඔප්පු කර පෙන්වූ එකම දේ වූයේ තමන් පිස්සෙකු බව පමණි. තමන් මායාවක ජීවත් වන පිස්සෙක් බව පමණි. ඔහුට සැබෑව නොපෙනෙයි. මායාවක්ම පෙනෙයි. ලෝක දේශපාලන ගැන උනන්දුවක් දක්වන බොහෝදෙනෙක් ඇමරිකාවේ මේ ජාතිවාදී උමතුව, තමන්ගේ දෙවියන් විතරක් උසස් යැයි හිතමින් අනෙක් සියළු ආගම් සහමුලින් අතුගා දැමිය යුතු යැයි මොරදෙන ආගමික උමතුව ක්‍රමයෙන් ලෝකයේ අනෙක් රටවල් වලද හෙමි හෙමිහිට අළු යට ගිනිසේ ඇවිලෙමින් පවතී. 

ධවල මන්දිරයේ පැවැත්වෙන මාධ්‍ය සාකච්ඡාවලට සහභාගීවීමට තම වාර්තාකරුවන්ට අවස්ථාව නොදීම පිළිබඳව ප්‍රධාන පෙළේ මාධ්‍ය ආයතන කිහිපයක් අප්‍රසාදය පළ කර ඇත.

නිව්යෝර්ක් ටයිම්ස් සහ බීබීසී ඇතුළු මාධ්‍ය ආයතන කිහිපයකට ධවල මන්දිරයේ මධ්‍යලේකම් ෂෝන් ස්පයිසර් විසින් පවත්වනු ලැබූ මාධ්‍ය සාකච්ඡාවකට සහභාගීවීමට අවස්ථාව ලැබී නොතිබීම සම්බන්ධයෙන් එම මාධ්‍ය ආයතන මෙසේ තම අප්‍රසාදය පළකළහ.

විෂමාචාර චෝදනාවකට වරදකරු වූ, හොංකොං හිටපු නායක ඩොනල්ඩ් ජංට මාස විස්සක සිර දඬුවමක් නියම වෙයි.

ඔහු බලයේ සිටි කාලය ඇතුළත චීනයේ සුඛෝපභෝගී මහල් නිවාසයක් සම්බන්ධයෙන් විෂමාචාරයක් සිදුකර ඇති බවට අධිකරණය තීන්දු කර තිබේ.

අන්නා ද්‍රවිඩ මුන්නේත්‍ර කලගම් පක්ෂයේ (ADMK) ජ්‍යෙෂ්ඨ සාමාජිකයකු වන එඩප්පාඩි පලනිසාමි තමිල්නාඩු ප්‍රාන්තයේ නව මහඇමතිවරයා ලෙස ප්‍රාන්ත ආණ්ඩුකාර විද්‍යාසාගර් රාවෝ ඉදිරියේ ඊයේ (16) දිවුරුම් දුන්නේය.

සංක්‍රමණිකයන් පාලනය සම්බන්ධයෙන් පියවර ගැනීම සඳහා නව විධායක නියෝගයකට අත්සන් තැබීම පිළිබඳ තම අවධානය යොමු වී ඇතැයි ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

තමිල්නාඩු මහ ඇමතිනියව සිටි ජයරාම් ජයලලිතාගේ අභාවයෙන් මාස දෙකකට පසුව තවත් කාන්තාවක එම ධුරයට පත්කිරීමට ප්‍රාන්ත රජය සැරසෙයි.

වැඩබලන මහ ඇමතිවරයාගේ ඉල්ලා අස්වීමෙන් අනතුරුව හිටපු මහ ඇමතිනී ජයලලිතාගේ ප්‍රධානම ආධාරකාරිය වූ සසිකලා, මහ ඇමති පදවියට පත්කෙරෙන බව පාලක AIADMK පක්ෂය නිවේදනය කළේය.

අසල්වැසි මෙක්සිකෝව සමග ඇති දේශ සීමාව ඔස්සේ කිලෝමීටර 3,000 ක් දිග තාප්පයක් ඉදිකිරීම සඳහාවන සැලසුම ඉදිරියට ක්‍රියාත්මක කරන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දිගින් දිගටම අවධාරණය කරයි.

අමෙරිකාවේ ජාතික ආරක්ෂාව තර කිරීම පිණිස ඉරානය, ඉරාකය, සිරියාව, ලිබියාව, යේමනය, සුඩානය හා සෝමාලියාව යන රටවල පුද්ගලයින්ට අමෙරිකාවට ඇතුළුවීම ද තහනම් කිරීමට අමෙරිකාවේ නව ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබේ. 

ඇමෙරිකාවේ 45 වෙනි ජනාධිපතිවරයා වශයෙන් ඩොනල්ඩ් ජෝන් ට්‍රම්ප් අගවිනිසුරු ජෝන් රොබට්ස් ඉදිරියේ දිවුරුම් දුන්නේය.

"සුභ පැතුම්, ජනාධිපතිතුමනි," අගවිනිසුරු රොබට්ස් පැවසීමත් සමග උත්සවය නැරඹීමට රැස්ව සිටි මහජනකාය ප්‍රීති ඝෝෂා නැගූහ.

රජයේ මුදල් අවභාවිත කිරීමේ චෝදනා එල්ල වූ  ඕස්ට්‍රේලියාවේ සෞඛ්‍ය ඇමතිනි සූසන් ලේ සිය තනතුරෙන් ඉල්ලා අස්වී ඇති බව විදෙස් වාර්තා පවසයි.