editor

editor

 

සීත කාලය ඇවිත් නපුරු සුළඟත් අරන්

වසන්තය පැන ගොසින් අපේ ජීවිත වලින්

රුදුරු දිය නිවසෙ අපෙ පා පඩිය මත ඉඳන්

සරදමට සිනාසී සිටියි එබිකම් කරන්

 

 

රුපියලෙන් රුපියලට එකතු කොට කැටේ මම

මිලට ගත් ආදරෙන් මගේ පොත් මිතුරු කැළ

තියන්නට තැනක් නැත අපිට උඩු මහල් නැත

ඇඳුම් ටික අරගත්තා දුවේ අපි යමං දැන්

 

 

ස්වභාවික පිහිටීම මේ බිමේ තිබුණු පෙර

හාරලා ගොඩගසා පස් කඳන් කැමති ලෙස

වතුර බැහැ යන්‍‍නෙ නෑ ජල කානු එකිනෙකට

යක්ෂයන් පිනුම් ගැසු භූමියකි කොළඹ අද

 

 

පාසලට පන්සලට එකතු වී අසරණව

මිතුරියකි සියල්ලම පස් කන්ද යට තිබෙන

තනත්නට පෙර නිවස බලන්නට සුදුසු තැන

දැන් කියති මහත්තරු අපි ඕවා දන්නවද

 

 

සැඟවිලා ඇය මුල්ලෙ ගවුම් කොන වසා ගෙන

මම දුන්නෙ මට තිබුණු එකම එක ලේන්සුව

පළමු වර මෙය නොවේ අනාථව අසරණව

අවසානයත් නොවන බව කෙසේ ඉවසම්ද..

 

අරණායක අම්බලකන්ද ප‍්‍රදේශයේ කඹරගල කන්දත් මාතලා ගල කන්ද අතර කොටසේ නාය යෑම සිදු ව ඇති බව වාර්තා වේ.  අයහපත් කාලගුණ තත්වය නිසා මෙම ප‍්‍රදේශයට ගමන් කිරිම අවදානම් සහගත බව දක්වා අවට ගම්වාසීන් එම ප්‍ර දේශයෙන් ඉවත් කොට තිබූ අතර ඔවුන් සදහන් කොට සිටින්නේ තම නිවාස මෙම නාය යාමට යටවී ද යන්න සම්බන්ධයෙන් කිසිවක් කිව නොහැකි බවයි.