විදෙස්

විදෙස් (75)

බ්‍රිතාන්‍යයේ අගමැතිවරයා ලෙස කටයුතු කරමින් සිටියදී පසුගිය ජුනි මස සිය ධූරයෙන් ඉල්ලා අස්වූ  ඩේවිඩ් කැමරන් හිටපු අගමැතිවරයා තම පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන්ද ඉවත් වීමට තීරණය කර තිබේ.

බ්‍රසීල ජනපති ධුරයෙන් ඩිල්මා රූසුෆ් ‍ඉවත් කෙරුණු අතර මෙම සිද්ධිය ක්‍රමන්ත්‍රණයක් ලෙස ඩිල්මා විසින් හඳුන්වා දෙනු ලැබුණි‍‍.කිසිම වංචා සහගත ක්‍රියාවකට තමන් සම්බන්ධ නැති බවද මහජන ඡන්දයෙන් තේරි පත්වූ නායකයකු කුමන්ත්‍රණකාරි ලෙස සතුරු දේශපාලන බලවේග ‍විසින් බලයෙන් පැහැර හැර ඇති බවද කම්කරු පක්ෂය හරහා තමන් යළිත් ජනපති ධුරයට පත්වන බවද ඩිල්මා පැවැසුවාය.

කටාර් හි හිටපු අගමැති හමාඩ් බින් ජසීම්ගේ දියණිය සල්වා බින් ජසීම් කුමරිය ලන්ඩනයේ ඇයගේ නිවසක පිරිමි 7 දෙනකු සමග සිටියදී අත්අඩංගුවට ගෙන ඇතැයි විදෙස් වාර්තා කියයි.

මුස්ලිම් කාන්තාවන්ගේ බුර්කා ඇඳුම සහමුලින්ම තහනම් කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතියට පටහැණි වන හෙයින් එහි එක්තරා පාලනයක් සිදු කරන ලෙස ජර්මනියේ අභ්‍යන්තර කටයුතු භාර අමාත්‍යවරයා පවසයි.

නියමිත සීමාව ඉක්මවා මත්පැන් පානය කොට රිය පදවා පොලිසියට හසු වූ ස්වීඩනයේ උසස් අධ්‍යාපන අමාත්‍යවරිය සිය ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ.

අයිඩා හඩ්සියාලික් ස්වීඩනයේ ලාබාලම ඇමතිවරියද වූවාය.  විසි නව හැවිරිදි ඇය එරට අමාත්‍ය ධුරයකට පත් පළමු මුස්ලිම් කාන්තාවයි.

තනතුර අත්හිටවූ බ්‍රසීල ජනාධිපතිනී දිල්මා රෝසෙෆ් ට එරෙහි දෝෂාභියෝගය ඉදිරියට ගෙනයා යුතු බව අනුමත කරමින් සෙනෙට් සභාවෙ තුනෙන් දෙකකට වැඩි පිරිසක් ඡන්දය ප්‍රකාශ කර ඇති බව විදෙස් වාර්තා පවසයි.

පසුගිය සිකුරාදා රාත්‍රියේ පටන් තුර්කියේ සිදු වූ අසාර්ථක යුධ හමුදා කුමන්ත්‍රණයට සැකසහිත පුද්ගලයන් 7850ක් අත්තඩන්ගුවට ගෙන ඇත. තුර්කියේ විදෙශකටයුතු අමාත්‍යවරයා විසින් මේබව එරට ජාතික රූපවාහිනිය ඔස්සේ කියා සිටියේය.

බ්‍රහස්පතින්දා රාත්‍රියේ ප්‍රංශයේ නීස් නගරයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් 84 දෙනකු මියගොස් ඇති අතර, 202 දෙනකු තුවාල ලබා තිබෙන බව බලධාරීහු පවසති. දකුණු දිග ප්‍රංශයේ නීස්හි ඊයේ පැවති බැස්ටිල් දින සැමරුම් උත්සව භූමියට ට්‍රක් රථයක් කඩා වැදී කිලෝමීටර 2ක් පමණ දුරට එය අධික වේගයෙන් ධාවනය කර ඇති අතර එහිදී වෙඩිතබා එහි සිටි සාමාන්‍ය වැසියන්  මරා දමා ඇතිබවයි වාර්ථාවෙන්නේ. 

යුරෝපා සංගමයෙන් ඉවත්වීම සදහා බ්‍රිතාන්‍යෙය් පැවැති ජනමත විචාරණයෙන් පසුව ලැබුණු තීරණයත් සමග අගමැති පදවියෙන් ඉල්ලා අස්වූ ඩේවිට් කැමරන් වෙනුවට බ්‍රිතාන්‍යය සදහා නව අගැමැතිවරවරයා ලෙස තෙරේසා මේ පත්වීම ස්ථිර බව එරට ආරංචි මාර්ග සදහන් කොට සිටී. 

පසුගිය අඟහරුවාදා ලුසියානා ප්‍රාන්තයේදී පොලීසිය සිදුකළ වෙඩිතැබීමකින් 37 හැවිරිදි කලු ජාතිකයෙකු මරණයට පත්විය. මේ ඝාතනය ඇමරිකාවේ කලු ජාතිකයන් කුපිත කිරීමට සමත් වූ අතර මරණයට පත්වූ පුද්ගලයාගේ මිතුරන් හා ඥාතීන් දින දෙකක් තිස්සේ අදාල ඝාතනය සිදුවූ ස්ථානයේ උද්ඝෝෂණයේ නිරතව සිටිනවා.