විදෙස්

විදෙස් (75)

සිම්බාබ්වේ හමුදාව ජනාධිපති රොබට් මුගාබේ ඇතුළු පවුලේ සාමාජිකයන් රඳවාගෙන සිටින බව පාලක සානු-පීඑෆ් පක්ෂය පවසයි.

එය රටේ ව්‍යවස්ථාව සහ යහපැවැත්ම වෙනුවෙන් ගනු ලැබූ ක්‍රියාමාර්ගයක් බව ද පක්ෂය නිකුත් කළ ට්විටර් පණිවුඩයක දැක්වේ.

ඇමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ දේවස්ථානයක් ඉරිදා දේව මෙහෙය අතරේ තුවක්කුකරුවෙකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් අවම තරමින් පුද්ගලයින් 27 පිරිසක් මියගියහ.

එම ප්‍රහාරය එල්ල වුනේ ටෙක්සාස් හි කුඩා නගරයක් වන සදර්ලන්ඩ් ස්ප්‍රිංස්හි බැප්ටිස්ට් දේවස්ථානයකටය.

විදේශිකයන්ට ඇමරිකාවට සංක්‍රමණය වීම සඳහා අවසර ලබා දෙන ග්‍රීන් කාඩ් ලොතරැයිය අහෝසි කිරීමට ඇමරිකානු ජනාධිපති ඩොනල්ට් ට්‍රම්ප් තීරණය කර ඇත.

කැටලෝනියාව ස්පාඤ්ඤයෙන් බෙදී වෙන්වී වෙනම රාජ්‍යයක් බවට පත්විය. මෙය සිදුවූයේ, ස්වාධීන හා ස්වෛරී ජනරජයක් බවට පත්වෙමින් ස්පාඤ්ඤයෙන් බෙදී වෙන්වීම, කැටලෝනියානු පාර්ලිමේන්තුව විසින් මෙයට සුළු මොහොතකට පෙර සම්මත කර ගැනීමත් සමග ය. 70-10 ක් වශයෙන් සම්මත වූ මෙම තීරණයට කැටලෝනියානු පාර්ලිමේන්තු විපක්ෂයේ සහාය නොලැබිණි. 

ලක්ෂ ගණනකට බංග්ලාදේශය වෙත පළා යාමට මුල් වූ අර්බුදයට රෝහින්ග්‍යාවරුන් වගකිවයුතු බව මියන්මාරයේ හමුදා ප්‍රධානියා පවසයි.

"රෝහින්ග්‍යා මුස්ලිම්වරුන් කිසි දිනක ජන කොට්ඨාසයක් ලෙස නොසැලකුණු" බව කී ජෙනරාල් මින් අවුන් හ්ලිං රඛයින් ප්‍රාන්තය තුළ බලය තහවුරු කර ගැනීමට අර අදින බවට "අන්තවාදීන්ට" චෝදනා කළේය.

රඛයින් ප්‍රාන්තයේ දියත් කර ඇති මෙහෙයුම් මගින් සාමාන්‍ය වැසියන් ඉලක්ක වී ඇති බවට මියන්මාර හමුදාවට චෝදනා එල්ල වේ.

බෞද්ධ බහුතරයක් සහිත මියන්මාරය හැර පළා යන රෝහින්ග්‍යා ජන රැල්ල සම්බන්ධයෙන් දලයි ලාමා අදහස් පළ කළහ. බුදුරජාණන් වහන්සේ සිටියා නම් විපතට පත් රෝහින්ග්‍යා ජනතාවට උපකාර කරනු ඇති බව උන්වහන්සේ මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් පැවසූහ.

පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ සිට මේ වසරේ අප්‍රේල් මාසය දක්වා ශ්‍රී ලංකාව ඇතුළු රටවල් ගණනාවක් උතුරු කොරියාවෙන් නීති විරෝධී ලෙස වානේ සහ යකඩ ආනයනය කර තිබෙන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

සාමාන්‍යයෙන් තානාපතිවරුන් ඇතුළු රාජ්‍ය තාන්ත්‍රිකයන්ගේ අවධානයට ලක් වන්නේ විදේශ සබඳතා, විදේශ ප්‍රතිපත්ති වැනි කරුණුය. මේ දිනවල එවැනි කරුණුවලට අමතරව තවත් විශේෂ යමක් අයර්ලන්තයේ සිටින කැනේඩියානු තානාපතිවරයාගේ අවධානයට ලක්ව තිබේ. 

ස්පාඤ්ඤයේ බාසිලෝනා අගනුවර ජනාකීර්ණ වීදියක ගමන් කරමින් සිටි ජනතාව වෙතට බ්‍රහස්පතින්දා රාත්‍රියේ පුද්ගලයෙකු වෑන් රථයක් පදවාගෙන විත් එල්ල කළ ප්‍රහාරයෙන් අනතුරුව කම්බ්‍රිල්ස් (Cambrils) ප්‍රදේශයේ එවැනිම තවත් ප්‍රහාරයක් එල්ල වූ බව පොලිසිය පවසයි.

උතුරු කොරියාවේ න්‍යෂ්ටික අත්හදාබැලීම් මුල් කර ගනිමින් ඇමරිකාව සහ උතුරු කොරියාව වාග් සංග්‍රාමයක නිරතව සිටිති.

ඇමරිකානු බල ප්‍රදේශයක් වන ගුවාම් දූපත ආසන්නයට මිසයිල ප්‍රහාරයක් එල්ල කිරීමට පවතින සැලසුමක් පිළිබඳ උතුරු කොරියාව බ්‍රහස්පතින්දා (අගෝස්තු 10) නිවේදනයක් නිකුත් කිරීමත් සමග එරට සහ ඇමරිකාව අතර පවතින උණුසුම්කාරී වාතාවරණය තවත් උත්සන්න විය.