තෙරේසා මේ බ්‍රිතාන්‍ය අගමැතිවරියගේ කාර්ය මණ්ඩලයේ ප්‍රබල උපදේශකයන් දෙදෙනෙක් පදවිවලින් ඉවත්ව ගොස් ඇතැයි විදෙස් වාර්තා පවසයි. ඉවත්ව ගිය අගමැති උපදේශකයන් වන්නේ අගමැති කාර්ය මණ්ඩල ප්‍රධානියකු වන නික් තිමති (Nick Timothy) සහ එම කාර්ය මණ්ඩලයේ සාමාජිකාවක වන ෆියෝනා හිල් (Fiona Hill) යන දෙදෙනායි.

 

බ්‍රහස්පතින්දා පැවැත්වුණු මහ මැතිවරණයේදී බහුතර බලයක් ලබාගැනීමට නොහැකි වුවත්, සුළුතර ආණ්ඩුවක් පිහිටුවන බව වැඩිම ආසන දිනාගත් තනි පක්ෂයේ නායිකාවවන තෙරේසා මේ නිවේදනය කළාය.

කොන්සර්වේටිව් පක්ෂය ආසන 318 ක් දිනාගෙන සිටින අතර සුළුතර ආණ්ඩුවක් පිහිටුවීම පිණිස සහාය දෙන බව උතුරු අයර්ලන්තය දිගටම බ්‍රිතාන්‍යය තුළ රැඳී සිටීම වෙනුවෙන් පෙනී සිටින ඩිමොක්‍රටික් යූනියනිට් පක්ෂය (DUP) නිවේදනය කර තිබේ.

මෙවර බ්‍රිතාන්‍ය මහ මැතිවරයෙන් එරට විශාලතම පක්ෂය වන අගමැතිනි තෙරේසා මේ නියෝජනය කරන කන්සර්වේට්ව් පක්ෂයට, බහුතරය හිමි නොවනු ඇති බව විදෙස් වාර්තා පවසයි.

ඊයේ (22) රාත්‍රියේ එංගලන්තයේ මැන්චෙස්ටර් අරීනා ක්‍රීඩාංගණයේ බෝම්බ පිපිරීමෙන් මිය ගිය පිරිස මේ වන විට 22 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර තුවාල ලැබූවන්ගේ සංඛ්‍යාව 59 දක්වා ඉහළ ගොස් ඇත.මැන්චෙස්ටර් හි පවැති පොප් ගායිකා අරියානා ග්‍රෑන්ඩ්ගේ සංගීත ප්‍රසංගයක් අවසානයේ මෙම පිපිරීම සිදුවී ඇත.මෙය මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් ලෙස සැලසුම් කරන ලද්දකැයි පැවසේ. මියගිය පිරිස වැඩිවිය හැකි බව මැන්චෙස්ටර් පොලීසිය පවසයි.

ඇමෙරිකානු ජනපති ධූරයෙන් පසු සිය ප්‍රථම නිල විදෙස් සංචාරය අරඹමින් ට්‍රම්ප් සෞදි අරාබිය වෙත පිටත්ව ගොස් තිබේ. දින 08ක සංචාරයක් වන මෙහිදී ඊශ්‍රායලය, පලස්තීන කලාපය, බෙල්ජියමය, වතිකානුව හා ඉතාලියේ සිසිලි දූපත් වෙත ගමන් කරනු ඇති බව ධවල මින්දිරය පවසයි.

Monday, 08 May 2017 18:24

ප්‍රංශය තරුණ වෙයි 

Written by

ප්‍රංශයේ පැවති ජනාධිපතිවරණයෙන් එරට ඉතිහාසයේ ළාබාලතම ජනාධිපතිවරයා ලෙස නම සටහන් කරමින් එම්මානුවෙන් මැක්‍රොන් ජයග්‍රහණය කර තිබේ.

ඊයේ පැවති ජනාධිපතිවරණයෙන් ප්‍රංශයේ 39 වන ජනාධිපතිවරයා ලෙස තේරීපත්වූ මැක්‍රොන් ප්‍රකාශිත ඡන්ද ප්‍රමාණයෙන් 66.06%ක් ලබා ඇති බව විදෙස් පුවත් අනාවරණය කරයි.

සිරියාවේ සිවිල් යුද්ධය නැවැතීම සඳහා සටන් විරාමයකට එළැඹීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ රුසියා ජනාධිපති ව්ලැදිමීර් පුටින් එකඟතාව පළ කර ඇතැයි වාර්තා වේ.

මධ්‍යම පැරිසියේ බැස්ටීලය අසලට එක් රැස්වීමට පැමිණි පැරිස් කම්කරුවන් හා පොලිසිය අතර ගැටුම් හටගෙන ඇතැයි වාර්තාවේ. පොලිසිය විසින් කදුළු ගෑස් ප්‍රහාර උද්ඝෝෂකයින් වෙත එල්ල කර ඇත.

ප්‍රංශයේ මීළඟ ජනාධිපතිවරයා තෝරාපත්කර ගැනීම සඳහා ප්‍රංශ ජනතාව සිය ඡන්දය ප්‍රකාශ කරමින් සිටිති.

මීට තෙදිනකට පෙර (අප්‍රේල් 20) පැරිසියේ පොලිස් භටයන් කිහිපදෙනෙකුට එල්ලවූ වෙඩි ප්‍රහාරයෙන් අනතුරුව මෙම ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ දැඩි ආරක්ෂක රැකවල් මධ්‍යයේය.

රටේ දේශපාලන වාතාවරණය තමන්ට වාසිදායක තත්වයක පවතින හෙයින් හදිසි මැතිවරණයකට යාමට බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසා මේ තීරණයකර ඇති බව දේශපාලන විශ්ලේෂක ආචාර්ය දයාන් ජයතිලක පවසයි.

දයාන් ජයතිලක  කියා සිටියේ බ්‍රිතාන්‍ය අගමැතිනිය "තුරුම්පුවක් ඇද" ඇති බවය.

Page 1 of 5