Saturday, 28 October 2017 02:57

කැටලෝනියාව ස්පාඤ්ඤයෙන් බේදී වෙන් වේ..

Written by 
Rate this item
(0 votes)

කැටලෝනියාව ස්පාඤ්ඤයෙන් බෙදී වෙන්වී වෙනම රාජ්‍යයක් බවට පත්විය. මෙය සිදුවූයේ, ස්වාධීන හා ස්වෛරී ජනරජයක් බවට පත්වෙමින් ස්පාඤ්ඤයෙන් බෙදී වෙන්වීම, කැටලෝනියානු පාර්ලිමේන්තුව විසින් මෙයට සුළු මොහොතකට පෙර සම්මත කර ගැනීමත් සමග ය. 70-10 ක් වශයෙන් සම්මත වූ මෙම තීරණයට කැටලෝනියානු පාර්ලිමේන්තු විපක්ෂයේ සහාය නොලැබිණි. 

 

මෙම බෙදී වෙන්වීම ප්‍රකාශයට පත්වීමෙන් සුළු වේලාවකට පසු ස්පාඤ්ඤ අගමැති මරියානෝ රාහොයි සෙනෙට් සභාව හරහා යෝජනාවක් සම්මත කරමින් කැටලෝනියාවේ නීතියේ ආධිපත්‍යය නැවත තහවුරු කර කැටලෝනියාව නැවත ස්පාඤ්ඤයේ කොටසක් බවට පත්කිරීම සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කරන ලෙස නියෝග කළේය. 

මුල පටන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විරෝධී බවට ප්‍රකාශ කර තිබූ ජනමත විචාරණය ඔස්සේ ලැබුණු ජනමතය ඉදිරියට ගෙන යමින් කැටලෝනියාව වෙනම රටක් ලෙස බෙදී වෙන්වුවද, මේ නිසා සමස්ත ස්පාඤ්ඤ දේශපාලනයම බරපතළ අර්බුදයකට ලක් වී තිබේ. පසුගියදා පැවති කැටලෝනියානු ජනමත විචාරණයේදී ස්පාඤ්ඤයෙන් බෙදී වෙන් වී යාමට අවශ්‍ය බව ජනමත විචාරණයට සහභාගි වූ අයගෙන් 90% ක් දෙනා ප්‍රකාශ කර තිබුණ ද එම ඡන්ද විමසීමට එක්ව සිටියේ සමස්ත කැටලෝනියානු ජනතාවගෙන් 43%ක කොටසක් පමණි. 

කැටලෝනියානු අර්බුදය හමුවේ නොසැළී සිටින ලෙසටත් එය තවදුරටත් නීත්‍යානුකූලව ස්පාඤ්ඤයේම කොටසක් බවත් මෙම අර්බුදය ඉතා ඉක්මනින් විසඳන බවත් ස්පාඤ්ඤ අගමැතිවරයා ජාතිය අමතමින් කියා සිටියි.  

 

- අමාලි ජයවීර

 

Read 20 times Last modified on Saturday, 28 October 2017 02:59

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.