Thursday, 03 August 2017 22:43

කාන්තා දූෂණ මඩින ඉන්දියාවේ පොලිස් අක්කලා 

Written by 
Rate this item
(0 votes)

කාන්තාවන් සහ පිරිමින් ගැවසෙන ස්ථාන වල මෝටර් සයිකල් වලින් ගමන් ගන්නා පොලිස් නිලධාරිනියන්ය. ඔවුන්ගේ විමසුම් ඇස යොමුව ඇත්තේ එකම එක කරුණක් සම්බන්ධයෙන් පමණි එනම් ‘පිරිමින් ගෙන් කාන්තාවන්ට සිදුවන නොයෙකුත් අතවර’ සම්බ න්ධයෙනි.එවැනි අවස්ථා වල වහා ඉදිරිපත් වී ‍හොඳින් බැරිනම් අතින් පයින් වුව ඒ සල්ලාල පිරිමින් මෙල්ල කර ගැනීමේ අපූරු හැකියාවක් ඔවුන් තුළ තිබේ.

 

 

මේ අප කියනුයේ ඉන්දියාවේ චිත්‍රපටියක ජවනිකා පෙළක් නොවේ. දැනට එහි දක්නට ඇති සැබෑම තත්ත්වයකි.

 

ඉන්දියාව මෙම කලාපයේ රටවල් අතර කාන්තාවන්ට එරෙහි අපරාධ වැඩියෙන්ම සිදුවන රටකි. සාමාන්‍යයෙන් එහි වසරකට ලිංගික අපරාධ 40,000 ක් පමණ වාර්තා වන බව සඳහන් වෙයි. නමුත් සැබෑ සංඛ්‍යාව මීට වඩා බෙහෙවින් වැඩි විය හැකි බව බොහෝ නිරීක්ෂකයින්ගේ විශ්වාසයයි. මෙවැනි රටවල  බොහෝ කාන්තාවන් තමන්ට සිදුවන ලිංගික අතවර සම්බන්ධයෙන් අදාළ අංශ වෙත පැමිණිලි කිරීමට ඉදිරිපත් නොකිරීම ඊට හේතුවයි.

කෙසේ හෝ වේවා දිනෙන් දින ඉහළ යමින්, විශාල සමාජ ගැටලුවක් බවට පත්වෙමින් ඇති මෙම ප්‍රශ්නය විසඳීම සඳහා ඉන්දියානු ආරක්ෂක අංශ විවිධ පියවර ගනිමින් සිටින බවද සඳහන් කළ යුතුය.

 

මෑතක සිට ඔවුන් ඇතැම් ප්‍රාන්තවල ක්‍රියාත්මක කිරීමට පටන්ගෙන ඇති,ස්ත්‍රී දූෂණ විමසා බැලෙනකාන්තා  නිලධාරිනියන්ගෙන් පමණක් සමන්විත වන විශේෂ ‍පොලිස් කණ්ඩායම් ඊට එක් උදාහරණයකි. විශේෂයෙන් වයඹ දිග ඉන්දියාවේ ජයිපූර් වැනි ප්‍රාන්තවල මෙම කාන්තා ‍පොලිස් කණ්ඩායම් ක්‍රියාත්මක වනු දැකිය හැකි වෙයි.

 

මේ ආකාරයේ කාන්තා ‍පොලිස් කණ්ඩායම් නිරන්තරයෙන් එහි බස් නැවතුම්පළවල්, උද්‍යාන, පාසල් ආදිය ආසන්නයේ සැරිසරමින් කාන්තාවන්ට පිරිමින්ගෙන් සිදුවන විවිධ ආකාරයේ හිරිහැර මැඩලීම සඳහා පෙරමුණ ගනිමින් සිටියි. සාමාන්‍ය විහිළු තහළු කිරීම්වල සිට විවිධ අඩන්තේට්ටම් කිරීම් සහ දූෂණය කිරීම් දක්වා අත්දැකීම්වලට මුහුණ දීමට එරට කාන්තාවන්ට නිතර දෙවේ‍ලේ සිදුවන අතර ඉහත කී කාන්තා ‍පොලිස් කණ්ඩායම් මේ සියලු ආකාරයේ සිදුවීම් සම්බන්ධයෙන් ඇස ගසාගෙන සිටින බව වාර්තා වෙයි. මේ නිසා මේ වනවිට කාන්තාවන්ට සිදුවන හිරිහැර බොහෝ දුරට අඩුවන තත්ත්වයක් දැකිය හැකි බවද සඳහන් වේ.

අපට සමාජය තුළට යැවීමට අවශ්‍ය පණිවුඩය වී ඇත්තේ කාන්තාවන්ට එරෙහිව සිදුවන අපරාධ සම්බන්ධයෙන් අප කිසිදු බුරුලක් නොදක්වන බවයි.’ ජායිපූර්හි මෙම කාන්තා ‍පොලිස් කණ්ඩායමේ නායිකාවක වන කමාල් ෂේකාවත් පවසයි. මෙම කණ්ඩායම්වල නිලධාරිනියන්ට කරාටේ වැනි සටන් ක්‍රම සම්බන්ධයෙන්ද විශේෂ පුහුණුවක් ලබා දී අති බව වාර්තා වෙයි.

 

මෙම කලාපයේ බොහෝ රටවල මෙන්ම ඉන්දියාවේද ‍පොලීසිය තුළ විශාල ප්‍රතිශතයක් සිටින්නේ පිරිමි නිලධාරීන්ය. මේ නිසා කාන්තාවන්ට සිදුවන ලිංගික අතවර සම්බන්ධයෙන් පියවර ගැනීමේදී විවිධ අසාධාරණයන් සිදුවන බවට කාලයක සිටම කාන්තා ක්‍රියාකාරිනියන් ආදී පාර්ශ්ව චෝදනා එල්ල කරමින් සිටියි. මෙවැනි අතවර සම්බන්ධයෙන් අතවරයට ලක්වන කාන්තාවන්ටම වරද පැටවීම බොහෝ විට දක්නට ලැබෙන බව ඔවුහු පෙන්වා දෙති. එමෙන්ම මෙවැනි සිදුවීම් ගැන පැමිණිලි කිරීමට ගිය විට කාන්තාවන් අපහසුතාවට පත්වන ආකාරයෙන් ප්‍රශ්න කිරීම ආදිය සම්බන්ධයෙන්ද නිතර චෝදනා එල්ල වෙයි. මෙම තත්ත්වය තුළ මෙකී කාන්තාවන්ට, අතවරවලට ලක්වීමට අමතරව ආරක්ෂක අංශ වෙතින්ද අපහසුතාවට පත්වීමට සිදුවන බව පෙනී යයි. කාන්තා නිලධාරිනියන්ගෙන් පමණක් සැදුම් ලත් ‍පොලිස් කණ්ඩායම් පිහිටුවීම නිසා දැන් කාන්තාවන්ට විශාල සහනයක් ලැබෙන්නට පටන් ගෙන ඇති බව පෙනේ.

 

මෙවැනි ‍පොලිස් කණ්ඩායම් දැන් නිතර දෙවේ‍ලේ ඉන්දියානු වීදිවල සැරිසරනු දකින්නට ලැබිමම කාන්තාවන් තුළ මහත් විශ්වාසයක් ඇති කරන්නට සමත්ව ඇත. තමුන්ට සිදුවන අතවර ගැන පිරිමි නිලධාරීන් වෙත පැමිණිලි කිරීමේදී ඇති වන අපහසුතා මේ නිසා මග හැරෙන බව කාන්තාවන් පවසන අතර වැඩි වැඩියෙන් ඔවුන් දැන් එවැනි සිදුවීම් සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට පෙරට එමින් ඇති ආකාරයක් පෙනී යයි. කාන්තා නිලධාරිනියන්ට මෙම කාන්තාවන්ගේ අත්දැකීම් වඩාත් හොඳින් අවබෝධ කරගන්නට හැකි වීම මෙහිදී විශේෂ වැදගත්කමක් ගනියි. එමෙන්ම එවැනි අතවරවලට ලක්වන කාන්තාවන් දෙස වඩාත් සානුකම්පිත ලෙස බැලීමට කාන්තා නිලධාරිනියන්ට වැඩි හැකියාවක් තිබෙන බවද අමුතුවෙන් කිව යුතු නොවේ.

 

කාන්තාවන්ට සිදුවන අතවර ගැන විපරම් කරමින් වීදි සංචාරයේ යෙදෙන ‍පොලිස් නිලධාරිනියන් මහ මග හමුවන කාන්තාවන් වෙත යමින් ඔවුන් සමග කතා කරමින්, ඔවුන් තුළ වඩාත් විශ්වාසයක් ඇති කිරීමට කටයුතු කරන බවද සඳහන් වේ. ‘ඔබට යම් අතවරයක් සිදුවන්නේ නම් වහාම අපට දුරකථන ඇමතුමක් දෙන්න. එහෙම නැත්නම් ජංගම දුරකථනය හරහා අපට කෙටි පණිවුඩයක් එවන්නත් පුළුවන්. ඔබේ පණිවුඩය ලැබුණු සැනින් අප එම ස්ථානයට ළඟා වීමට පියවර ගන්නවා’ ආදී වශයෙන් කාන්තාවන් දැනුවත් කිරීමට මෙම කාන්තා ‍පොලිස් කණ්ඩායම්වල නිලධාරිනියෝ කටයුතු කරති. මෙසේ පැමිණිලි කිරීමේදී තමුන්ගේ අනන්‍යතාව හෙළි නොකර සිටීමට වුවද කාන්තාවන්ට අවසර ඇති බව ඔවුහු පවසති.

 

මෙම කාන්තා ‍පොලිස් කණ්ඩායම් නිසා තමුන්ට ලැබි ඇති සහනය ගැන සඳහන් කරමින් ජායිපූර් හි කාන්තාවක මෙසේ පවසා තිබිණි. ‘වරක් එක්තරා පිරිමියෙක් නිතර මා පසුපස එමින් කරදර කරන්න පටන් ගත්තා. මම මේ ගැන ‍පොලීිසියට පැමිණිලි කරන්න ලෑස්ති වුණාම මගේ සැමියා ඊට කැමති වුණේ නැහැ. මෙසේ පැමිණිලි කිරීම නිසා අනවශ්‍ය කරදර ඇති වනු ඇතැයි ඔහු බිය වුණා. නමුත් දැන් අපිට අපේ නම්ගම් සඳහන් නොකර වුණත් දුරකථනය හරහා පැමිණිලි කිරීමට හැකියාව ලැබි තිබෙන නිසා මේ වගේ කරදරකාරයින් හසු කර දීම ඉතා පහසු වී තිබෙනවා.’යයි  ඇය සඳහන් කරයි.

 

කාන්තා නිලධාරිනියන්ගෙන් පමණක් සමන්විත ‍පොලිස් කණ්ඩායම් මෙන්ම කාන්තාවන් පමණක් සේවය කරන ‍පොලිස් ස්ථානද ඉන්දියාව තුළ ස්ථාපිත කිරීමට පියවර ගෙන තිබේ. උදාහරණයක් ලෙස හර්යානා වැනි ප්‍රාන්තවල එක් දිස්ත්‍රික්කයකට එක බැගින් මෙවැනි ‍පොලිස් ස්ථාන ක්‍රියාත්මක වන බව සඳහන් වෙයි.

Read 88 times

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.