Monday, 12 June 2017 00:25

 උපදේශකයින්ට තෙරේසා එපා වෙයි 

Written by 
Rate this item
(0 votes)

 

තෙරේසා මේ බ්‍රිතාන්‍ය අගමැතිවරියගේ කාර්ය මණ්ඩලයේ ප්‍රබල උපදේශකයන් දෙදෙනෙක් පදවිවලින් ඉවත්ව ගොස් ඇතැයි විදෙස් වාර්තා පවසයි. ඉවත්ව ගිය අගමැති උපදේශකයන් වන්නේ අගමැති කාර්ය මණ්ඩල ප්‍රධානියකු වන නික් තිමති (Nick Timothy) සහ එම කාර්ය මණ්ඩලයේ සාමාජිකාවක වන ෆියෝනා හිල් (Fiona Hill) යන දෙදෙනායි.

 

ඔවුන් එම තීන්දුව ගනු ලැබ තිබෙන්නේ, බ්‍රහස්පතින්දා (ජූනි 08) පැවති මහ මැතිවරණයේදී කොන්සර්වේටිව් පක්ෂයට පාර්ලිමේන්තුවේ බහුතර බලය අහිමි වීම මුල්කර ගනිමින් උද්ගතව පවතින අර්බුදය මැදයි. බ්‍රහස්පතින්දා (ජූනි 08) පැවති මහ මැතිවරණයේදී කොන්සර්වේටිව් පක්ෂයට පාර්ලිමේන්තුවේ බහුතර බලය අහිමිවීම මුල්කර ගෙන පක්ෂ අභ්‍යන්තරයෙන්ම ඔවුන් දෙදෙනාට චෝදනා එල්ල වෙමින් ඇත.

 

එම උපදේශකයන් දෙදෙනා ඉවත් නොකළොත් තෙරේසා මේ අගමැතිවරියගේ නායකත්වයට අභියෝග කරන බවට කොන්සර්වේටිව් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් විසින් අනතුරු අඟවනු ලැබ ඇති බවක් ද වාර්තා විය.

Read 135 times

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.