Friday, 09 June 2017 18:43

ජාතික ආණ්ඩුවකට අත වනන බ්‍රිතන්‍ය මැතිවරණය 

Written by 
Rate this item
(0 votes)

මෙවර බ්‍රිතාන්‍ය මහ මැතිවරයෙන් එරට විශාලතම පක්ෂය වන අගමැතිනි තෙරේසා මේ නියෝජනය කරන කන්සර්වේට්ව් පක්ෂයට, බහුතරය හිමි නොවනු ඇති බව විදෙස් වාර්තා පවසයි.

 

 

මෙවර මැතිවරණයේදී අග්‍රාමාත්‍ය තෙරේසා මේ ගේ කොන්සර්වටිව් පක්ෂය සහ ජෙරම් කෝබින් ගේ කම්කරු පක්ෂය අතර මේවන විට තියුණු තරගයක් ආරම්භ වී තිබේ.

 

ඒ අනුව බ්‍රිතාන්‍ය මහ මැතිවරණයේ මෙතෙක් ගණනය කර ඇති ඡන්ද ප්‍රතිපලයට අනුව කන්සර්වේටිව් පක්ෂය ආසන සංඛයාව 314 ක් හිමි කරගනිමින් මේ වනවිට ඉදිරියෙන් සිටී.

 

මැතිවරණයෙන් ජෙරමි කොබින්ගේ බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂයට මෙතෙක් හිමිව ඇත්තේ ආසන 266 ක් පමණි.

 

මෙතෙක් නිකුත්වී ඇති ඡන්ද ප්‍රතිපල අනුව විශ්ලේෂකයින් පවසන්නේ කන්සර්වේටිව් පක්ෂයට අසන 12 වැනි ඉතා සුළු බහුතරයකින් ජය හිමිවනු ඇති බවයි.

 

මේවන විට නිකුත්වු ප්‍රතිඵල අනුව කම්කරු පක්ෂය ගියවර මැතිවරණයට වඩා ආසන 34 ක් ඉදිරියෙන් සිටින අතර කන්සර්වේටිව් පක්ෂයට ආසන 17 ක් අහිමි වී තිබේ.

 

මෙම මැතිවරණය ආරම්හ වුණේ ජිහාඩ් ප්‍රහාර දෙකකින් මැතිවරණ වැඩපිළිවෙළ කෙරෙහි විශාල බලපෑමක් ඇති වීමෙන් අනතුරුවයි.

 

බලයේ සිටින අගමැතිනි තෙරේසා මේ (Theresa May) නියමිත කාලයට පෙර මෙම මැතිවරණය ප්‍රකාශයට පත් කරන ලද අතර , මෙය වසර දෙකකට මඳක් වැඩි කාලයක් ඇතුළත බ්‍රිතාන්‍යයේ පැවැත්වෙන තුන්වෙනි ඡන්ද විමසීමයි.

 

බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්වීමේ ක්‍රියාවලිය සහ එරට ආරක්ෂාව සම්බන්ධයෙන් මෙවර මැතිවරණයේදී වැඩි අවධානයක් යොමු වී ඇතැයි දේශපාලන විචාරකයෝ අවධාරණය කරනු ලැබේ.

 

මෙවර බ්‍රිතාන්‍ය ඡන්දය පැවැත්වුණේ එංගලන්තය, වේල්සය, ස්කොට්ලන්තය හා උතුරු අයර්ලන්තය ආවරණය වන පරිදි ඡන්ද මධ්‍යස්ථාන 40,000 කදීයි.

 

වෙස්ට්මිනිස්ටර් පාර්ලිමේන්තුවේ ආසන 650 ක් වෙනුවෙන් මැතිවරණයට තරග කරන අපේක්ෂකයින් සංඛ්‍යාව 3,300 ක් වන අතර ඒ සඳහා ඡන්දය පාවිච්චි කිරීමට ලියාපදිංචි ඡන්ද දායකයින් සංඛ්‍යාව මිලියන 46.9 ක් සුදුසුකම් ලබා තිබුණි.

 

එහිදී යම් පක්ෂයකට පාලන බලය හිමි කර ගැනීමට නම් අවම වශයෙන් ආසන 326 ක් වත් ජයග්‍රහණය කළ යුතුයි.

 

මෙවර පැවැත් වුණේ බ්‍රිතාන්‍යෙය් 57 වැනි මහමැතිවරණයයයි.

Read 85 times

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.