Monday, 01 May 2017 22:39

පැරිසියේ මැයි පෙළපාලියට කදුළු ගෑස් 

Written by 
Rate this item
(0 votes)

මධ්‍යම පැරිසියේ බැස්ටීලය අසලට එක් රැස්වීමට පැමිණි පැරිස් කම්කරුවන් හා පොලිසිය අතර ගැටුම් හටගෙන ඇතැයි වාර්තාවේ. පොලිසිය විසින් කදුළු ගෑස් ප්‍රහාර උද්ඝෝෂකයින් වෙත එල්ල කර ඇත.

 

එළැඹෙන ජනාධිපතිවරණයේ අපේක්ෂකයන් දෙදෙනාටම විරෝධය දක්වමින් පැරිස් කම්කරුවන් අද දින සිය කම්කරු දින පෙළපාලිය පවත්වමින් උද්ඝෝෂණ කර ඇත.

 

මෙවර ජනාධිපතිවරණට ඉදිරිපත්ව ඇති අපේක්ෂකයින්ගේ ආධාර කරුවන්ද කම්කරු දින පෙළපාලියට සහභාගිව සිට ඇති අතර දෙපාර්ශවයේ උද්ඝෝෂකයින් එකිනෙකාට හමුවන්නට ඉඩ නොදීමට එරට පොලිසිය කටයුතු කර ඇතැයි වාර්තාවේ.

Read 514 times Last modified on Monday, 01 May 2017 23:11

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.