Wednesday, 25 March 2020 15:04

කොරෝනා නිසා රැකෙන මිහිතලය ...

Written by 
Rate this item
(0 votes)

අදූරදර්ශී සංවර්ධන ප්‍රයත්නයේ අනිවාර්ය අවසානය නම් පරිසර සංහාරයේ විනාශයයි. පරිසර හිතකාමීන් අවදිවිය යුතු යුගයක සිට රටේ පාලකයන් තම ගොඩ වැඩි කරගන්නා තත්ත්වයක පරිසර යුද්ධයක් නිර්මාණය වීමට ඉතා ආසන්නය. මේ ආරම්භ වී ඇත්තේ නිරුවත් වානරයා සංවර්ධනය යැයි කියා ගන්නා ක්‍රියාදාමයන්ගේ අවසානය විය හැක. සොබාදහමට අවනත නොවන්නා සොබාදහමින් රැකෙන්නේ නැත.

 

ලෝක ආර්ථිකයේ බලවතකු වන චීනය වැටී ඇති ආගාධයට වගකිව යුත්තා කවුද යන්න පිළිබඳ ආපස්සට සිතා බලන්නට කාලය එළඹ ඇත. ආගම බෞද්ධ වුවද ඔවුන්ගේ ජීවන රටාව හැඩ ගැසී ඇත්තේ බෞද්ධ ආගමිකයකු ලෙස නොවේ. ජනගහනය අධික වීමත්, ආහාර හිග වීමත් හේතුවෙන් ඔවුන් වැඩිපුරම මාංශ ආහාර සදහා යොමුවී ඇත. වෙළදපළ තරගකාරීත්වය හා බලය තහවුරු කර ගැනීමේ ප්‍රයත්නයන් නිසා අනෙකුත් බලවත් රාජ්‍යයන් අභිබවා යාමට ඔවුන් නොකරන පර්යේෂණයක් නැත.

 

චීනයේ ආර්ථිකය රදා පවත්වන්නේ නිර්කෘෂිකාර්මිකකරණයෙනි. ඔවුන්ගේ ප්‍රධාන අංශ යොමුවූයේ නාගරීකරණය, කාර්මීකරණය සහ වෙළදපොළකරණයට යි. මේ නිසාම මිනිසුන් පරිසරයෙන් දුරස් වී යාන්ත්‍රික වීමක් සිදුව ඇත. නව කොරෝනා වෛරසය පැතිරීමේ ආරම්භය පිළිබඳ එක් එක් මති මතාන්තර පැවතුනද සොබාදහමට එරෙහි වන්නන් සොබාදහමින් නැසෙන බව නියත සත්‍යයකි.

 

කොරෝනා වෛරසය පැතිරීමත් සමග චීනයේ කාර්මික කටයුතු අඩාල වීම හේතුවෙන් වායු ගෝලීය දූෂණය සීඝ්‍රයෙන් පහල ගොස් ඇති බව පරිසර සංවිධාන පවසයි. ලෝකය රැකෙන්නේ පරිසර තුල්‍යතාව මත බව නොරහසකි . මේ ව්‍යයසනය මුළු ලෝකයටම කියාපෑවේ ඒ පණිවිඩය නොවේද??

නාමලී 

Read 932 times Last modified on Wednesday, 25 March 2020 16:16

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.