ආදරණීය විශ්ව විද්‍යාල සහෝදරවරුනි,

 

පසුගියදා  යාපනය විශ්වවිද්‍යාලයයේ සිදු වූ සිද්ධිය සහ ඊට අදාළ පුවත් සම්බන්ධව ද කිසිදු කතාබහකට මා අකැමතිය . පොලු ගත්තෝය, ගල් ගැසුවෝය, තුවාල සිදුවිය ,පොලීසිය පැමිණියේය , සිංහලය දමිළය කියා ජනතාව කුපිත කර වර්ණනා කරන සියලු මාධ්‍යවලට පිටතින් සිටීමට මම කැමැත්තෙමි.

මේ අවස්ථාව අප සාකච්ඡා කළ යුතු මොහතකි .

සරසවි තුළ දී දෙමලාට උරුම වන්නේ ගුටිකෑම සහ මරණයට පත්වීම පමණක් ද? උන් සාමාන්‍ය මිනිසුන් නොවන්නේ ද? දකුණේ සිංහලයාට දකුණේ දී දෙමලාගේ නිවාස හා වෙළදසල් මංකොල්ලා කා අවසන ගිණිබත්කර දමා පණ පිටින් ම දෙමලාව දරු දැරියන් ද සමගින් ගිණිගොඩවල් වෙත දමන්නට අයිතිය ඇතත්, දෙමලාට සිංහලයා මරන්නට අවස්ථාව උදාවන්නේ කොටි සංවිධානය ශක්තිමත්ව පවතින්නේ නම් ම පමණි

පළමු කතාව මෙසේ ය:

වියට්නාම් යුද්ධය ඇවිල ගිය සමයේ එක්සත් ජනපද ගුවන් හමුදා බල ඇණි ඉන්දු චීන අර්ධද්වීපයට ඉහළ අහසේ සිට පොකුරු බෝම්බ මිලියන 260ක් ලා ඕසයට හෙලූහ. ඒ නම අවුරුද්දක් ඇතුළත දියත් කළ ගුවන් ප‍්‍රහාරක මෙහෙයුම් 580,000ක් මගිනි. රටේ ජනගහනය අනුව සලකන්නේ නම් ඒ වනාහී එවකට ජීවත් වූ බාල, මහළු සෑම ලා ඕස වැසියෙකුටම බෝම්බ හත බැගිනි. පසුකාලීනව මේ සම්බන්ධයෙන් පළව ඇති විග‍්‍රහයන්ට අනුව බලතොත්, මේ සමූල ඝාතක ප‍්‍රහාරයන් වූ කලි, සෑම දිනකම මිනිත්තු අටකට වරක් ලා ඕස ජනයා මත පොකුරු බෝම්බ වැස්සක් මුදා හැරීමක් හා සමාන වේ.

ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම හා තීන්දු තීරණ ගැනීමේ දුර්වලතාව නිසා මේ වන විට ගැටලු රාශියක් රටතුළ පැන නැගී තිබේ. මතෛක් බදු අය නොකළ භාණ්ඩ හා සේවා මත බදු පනවමින්  වැට් බදු ප්‍රතිශතය ඉහළ නැංවීම ‍පොදු මහජනතාවගේත් ව්‍යාපාරික ප්‍රජාවගේත් දැඩි දෝෂ දර්ශනයට ලක්ව ඇති කාරණයකි.

අවුරුදු දෙකකට කලින් මහින්ද කිව්වේ තමන්ට විරුද්ධව ඉදිරිපත් වෙන්න කවුරුවත් නැහැ කියලා. පොදු අපේක්ෂකයා කෝ කියලා අහපු එයා ලොකු ආතල් එකකින් යුතුව කීවේ එයාට ෂැඩෝ බොක්ෂින් ගහන්න සිද්ධ වෙන බවයි. එදා බලවත්ම ඇමතිධූර කිහිපයක් තමා සතුව තියාගෙන ජනාධිපතිධූරයත් එක්ක තේජසින් යුතුව ෂැඩෝ බොක්ෂින් ගහපු මහින්ද ෂැඩෝ කැබිනෙට් එකක අගමැති වෙලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදියට ඉන්නවා. 

අන්තර්විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ මූලිකත්වයෙන්, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මෙහෙයවීමෙන් පෞද්ගලික විශ්වවිද්‍යාලවලට එරෙහිව සිදු වන සටන ප්‍රගතිශීලී අරගලයක් නොවන්නේ කෙසේද යන්න මේ ලිපියෙහි තේමාව වී තිබේ. මෙහි සඳහන් වන කාරණා ලංකාවේ තවත් බොහෝ ජනප්‍රිය අරගලවලට අදාළ වේ.

මෙවර රාජ්‍ය නාට්‍ය උලෙලට නාට්‍යකරුවන් දැක්වූ අතිශය නිර්මාණශීලී හා ඓතිහාසික විරෝධය ගැන විවිධ අදහස් මතු වෙමින් තිබේ. එසේ මතුවන අදහස් වල එක් වැදගත් ධාරාවක මූලික ප්‍රශ්නය වන්නේ ඇයි නාට්‍ය කලාවට රාජ්‍යය ඔය තරම් වැදගත් වන්නේ යන්න යි. විරෝධයේ නිර්මාණශීලීත්වය පසසන ඔවුන් රාජ්‍ය මත පදනම් වන කලාවක වැදගත්කම කුමක් දැයි ප්‍රශ්න කරති. ඔවුන් අවධාරනය කර සිටින්නේ රාජ්‍ය සහ සම්මාන අතහැර ජනතාව සමග කලාව කිරීමේ වැදගත් කමයි. වෙනත් වචන වලින් කියන්නේ නම් රාජ්‍යය ඉක්මවා ගිය ලාංකීය නාට්‍ය කලාවක උවමනාවයි. අඩු වැඩි වශයෙන් මේ අදහස නියෝජනය කරන්නන් අතර කැලුම් නවරත්න, චින්තන ධර්මදාස සහ රන්දුලා ද සිල්වා වැනි අය දැකිය හැකි ය.

මහ බැංකු අධිපති පත් කිරීම පිළිබද පුවත මේ වනවිට දැඩි කතා බහට ලක්ව ඇති ප්‍රවෘත්තියක් වන අතර ඒ හා සමග ආණ්ඩුවේ අර්බුද හා ජනපති අගමැති අතර විසංවාදයක් පිළිබද ඉගියක් පළකරමින් පැවැතියේය. 

කෙසේ නමුත් අදාළ සිදුවීමේ යම් ගත යුක්තක් ඇති බවට වන සිදුවීම් පෙළගැසෙන්නේ  නව මහ බැංකු අධිපතිවරයා පත්කිරීමත් සමග වන අතර මෙතෙක් අළු යට වූ ගින්නක් නැවත ඇවිලීමට පටන් ගනුයේ ජනපතිගේ ඒකමතික තීරණයත් සමගය. 

කොන්සර්වටිව් පක්ෂයේ යුරෝපා සංගමයට විරුද්ධ වුවන් සැනහීමට හා ජාතිවාදී ෆරාජ් වැන්නවුන් ගෙන් එන තර්ජන වලින් බේරීමට ජන මත විචාරණයක් පවත්වන බවට බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් 2013 දී පොරොන්දුවක් දුන්නේය. මේ පොරොන්දුවට බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂය සහය දැක්වූයේ නැත. ඩේවිඩ් කැමරන් දෙවන වරටත්  එඩ් මිලිබෑන්ඩ් මෙහෙයවූ බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂය පරදවා බලයට පත් වූයේද යුරෝපිය බිල්ලා පෙන්වූ මන්ත්‍රීවරුනට නිදහසේ මැතිවරණ කතා කීමට නිදහස් දීමෙනි. යුරෝපා තනි වෙළඳපළ (Single European Market -ESM)  තබා ගෙන සංක්‍රමණිකයන් අඩු කරන බවට ඉටු කළ නොහැකි පොරොන්දුක් ද ඔහු රටට දුනි. එසේම සහනාධාර අඩු කරන බවටද පොරොන්දු විනි.

පුද්ගලයෙකුට අපහාස කිරීමේ ම්ලේච්ඡතම ආකාරය වන්නේ ඔහුගේ පුද්ගල බද්ධ ශාරීරික ආබාධ හෝ අවයවයන්ගේ අවර්ධිත තත්වයන් සම්බන්ධ කොට අපහාස කිරීමය. 

මෙය මානුෂීයත්වය කිසිදු ලෙස සැලකිල්ලට නොගෙන කරුනු ලබන අවලාදයක් මිස අන්යමක් නොවන්නේ එකී අපහාසයන් මනුෂ්‍යත්වයට කරනු ලබන නින්දාවක් වන බැවිනි.

Page 4 of 5