ටෙලිෆෝන් හැකින්ස්, ඊමේල් හැකින්ස් වගේ බර බර ටෙක්නෝක්‍රිටික්ස් වැඩ අස්සේ හරි සරල වැඩක් තියනව 'ලියුං හැකින්ස්' කියලා. ඒ කිවුවෙ මේ අනුන්ගේ ලියුම් කඩලා කියවීම. මේක බොහොම නොසණ්ඩාල පුරුද්දක් කියලා තමයි කියන්නේ. ඒ උනාට සමහර සමහරුන් සමහරුන්ට යවන ලියුම් නොකඩා ඉන්නෙ කොහොමද? 

2000 වසරේ ඔක්තෝබර් 19 වනදා යාපනයේ අධිආරක්ෂක කලාපයකදී නිමලරාජන් ඝාතනය කරන විට බීබීසී සිංහල සහ දෙමළ සේවයට මෙන්ම වීරකේසරී පුවත්පතට සහ රාවය පුවත්පතට උතුරේ සිදුකරන ව්‍යසනයන් වාර්තා කරමින් සිටියේය. 2000 වර්ෂයේදී චන්ද්‍රිකා බණ්ඩාරණායක ජනාධිපතිවරිය සිය පාලනය ගෙන ගිය සමයේ, අනුරුද්ධ රත්වත්තේ නියෝජ්‍ය ආරක්ෂක ඇමතිධූරය දැරෑ කාලයේ නිමලරාජන් මාධ්‍යවේදීයා ඝාතනය කරනු ලබන්නේ ඇඳිරිනීතිය පනවා තිබූ රැයක, අධිආරක්ෂක කලාපයක් ලෙස නම් කර තිබූ ප්‍රදේශයක, සන්නද්ධව පැමිණි කණ්ඩායමක් විසින් ඔහුගේ නිවස තුළදීමය. ඔහුව ඉතා අමානුෂික ලෙස ඝාතනය කිරීමට හේතුව වූයේ දිගින් දිගටම නිමලරාජන් මාධ්‍යවේදියා විසින් යාපනයේ සිදුවන සිදුවීම්, සිය මාධ්‍ය ක්‍රියාවලිය ඔස්සේ ලෝකය හමුවේ හෙළි කරමින් සිටිමයි.

ඖෂධ ජාවාරම නොයෙක් මුදලාලිවරුන්ගේ අත පැවැතීම විසින් ඒවායෙහි මිල ගණන් ජනතාවට දැරිය නොහැකි මට්ටමේ පැවති අතර බොහෝ විට සුළු මුදලකට මිල දී ගත හැකිව තිබූ සමහර ඖෂධ ඉතා ඉහල මිල ගණන් යටතේ කළු කඩ මුදලාලිලා විසින් අලෙවි කිරීම පසුගිය වර්ෂ ගණනාවකදී දැකිය හැකි විය.

ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ “උසාවිය නිහඬයි“ චිත්‍රපටය ප්‍රදර්ශණය කිරීම වළකාලමින් පනවා තිබූ වාරණ නියෝගය තවදුරටත් දීර්ඝ නොකිරීමට කොළඹ දිසා අධිකරණය අද  නියෝග කළේය.

ප්‍රසන්න විතානගේ මහතා අධ්‍යක්ෂණය කළ උසාවිය නිහඬයි චිත්‍රපටයේ මහජන ප්‍රදර්ශනය වාරණය කරමින් නිකුත් කළ නියෝගය හෙට දිනය දක්වා දීර්ඝ කිරීමට කොළඹ දිසා අධිකරණය ඊයේ (19) නියෝග කළේය. ඒ හිටපු මහේස්ත්‍රාත්වරයෙකු වන ලෙනින් රත්නායක මහතා ඉදිරිපත් කළ පෙත්සම අද සලකාබැලීමෙන් අනතුරුවයි.

එක්දාස් නමසිය හැට හත වසරේදී බොලිවියාවේදී ඝාතනය කරන ලද චේ, දෙදහස් දහසය වසරේ ශ්‍රී ලංකාව බලා පියාසර කරන ගුවන් යානයක අසුන්ගෙන සිටිනවා. ඊළඟ මොහොතේ ඔහු ගිනි කාෂ්ටක අවුවේ පිටකොටුවේ වීදි දිගේ ඇවිදගෙන යනවා. කොණ්ඩේ වවාගත්තු ටීෂර්ට් ඇඳගත්තු 'ලෝකල් චේ'ලා අපේ චේගේ ඇඟේ හැප්පීගෙන, ගෑවී නොගෑවී යනවා. කියුබාවේ, බොලිවියාවේ, ආජන්ටිනාවේ පවා අහන්නට, දකින්නට නොලැබුණු තරමේ චේ සැමරුම් සන්නිපාතයෙන් ඔලුව ඔද්දල් වෙන චේ, තාප්පයක අලවා තිබුන චේ පෝස්ටරයකට පිට දී ඩිංගක් ඇල වෙනවා.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය (12) දා ‘සත්විරු සංහිඳ’ නිවාස හා ඉඩම් හිමිකම් ප්‍රදානෝත්සවය අමතමින් හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ හිටපු නාවික හමුදාපතිවරුන් අධිකරණයට කැඳවීම සම්බන්ධයෙන් සිදු කළ ආන්දෝලනාත්මක ප්‍රකාශයට හේතු වී ඇත්තේ පසුගිය මාස කිහිපයේ දී හමුදා සහ පොලිස් බුද්ධි අංශ වෙතින් ලැබුණු තොරතුරු මත බව දැන ගැනීමට තිබේ.

ඕනෑම ප්‍රශ්නයක් කෙලවර සැබෑ පිළිතුරකුත් , එහි උත්තරය මෙන් පෙනී සිටින ( වෙස්වලාගත් ) තවත් එවැනිම ගැටළුවකුත් ප්‍රශ්නයක් අභිමුව ඇත.

මතු පිටින් බැළු බැල්මට ඒ දෙකම එක හා සමානය. එනිසා ඇතැමුන් එහි කෙලවර ඇති සැබෑ උත්තරයත් , එහි කෙලවර උත්තරය සේ පෙනීසිටින ව්‍යාජයත් එකට පටලවා ගනී.

 

නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් සැකසීමේදී එහි බුදු දහමට ලබාදෙන තැන හා අනෙකුත් ආගම් සම්බන්ධයෙන් පවතින ස්ථානය සම්බන්ධයෙන් අගමැතිවරයාගේ ප්‍රකාශයක් හා ව්‍යවස්ථාව සම්බන්ධයෙන් අදහස් දක්වන විද්වත් කවයක් අතර  මතවාදයක් ගොඩ නැගී තිබේ.

1928 ජුනි 14 වැනිදා ආජන්ටිනාවේදී උපත ලද අර්නස්ටෝ ගුවේරා ද ලා සර්නා 1967 ඔක්තෝබර් 9 වැනිදා බොලීවියාවේ ලා හිගුවේරා ගම්මානයේදී අකාලයේ වෙඩි කා මිය ගියේය. එසේ වුවද ඒ මරණය විසින් ඔහුගේ ජීවිතයට අමරණීයත්වය කැන්දාගෙන එනු ලැබීය. ඒ අමරණීයත්වයට හේතුව ඔහුගේ ජීවන භාවිතාව මිස මරණයම නොවුණද අකාලයේ සිදුවූ මේ දිවි අහිමි වීමද චේ සදාතනික වීරයෙකු වීම කෙරේ ප්‍රබල ලෙස බලපෑවේය. අද වන විට ඔහුගේ මරණයෙන් වසර හතලිස් අටක් ගෙවී ගොස් තිබේ. සමාජවාදීන්ගේ දේශපාලන ලෝකය තුළ පමණක් නොව ධනවාදීන්ගේ වෙළඳ ලෝකය තුළද ඔහු තමවත් ජනප්‍රිය සංකේතයකි. එසේ වුවද ඔහුගේ සංකේතය අලෙවි කරන වෙළෙන්ඳන් පමණක් නොව ඔහුගේ සංකේතය හරහා දේශපාලන ප්‍රතිලාභ සොයායන විකල්ප ව්‍යාපාර විසින්ද අද වන විට චේ ගුවේරාට හිමි කර දී ඇත්තේ කෙබඳු ස්ථානයක්ද?

Page 2 of 5