Thursday, 29 December 2016 11:48

මාධව සමරුවේ වැසිකිළි වල වහමුද ?

Written by 
Rate this item
(0 votes)

සුනිල් මාධව යනු අපි ආදරය කල, ආදරය කරනා මිනිසෙකි. පසුකාලීන මාධවගේ දේශපාලන භාවිතාව ගැන අපිට සරලව බොහෝ දේ පැවසිය හැක. එහෙත් වමේ දේශපාලනයේ ද්‍රෝහීන් , සහ වීරයන් බිහිවීම, ගැන අප කාටත් ඇති අදහස නිසා අප කිසිවෙක්ට මාධවට උඹ දේශපාලනේ වරද්ද ගත්තැයි කීම ලෙහෙසි පහසු වන්නේ නැත.

 

මාධව සමරුවක් ගැන බොහෝ අදහස් දැනට මාස කිහිපයකට පෙර පල විය. අසංගි අංජු විජේසුරිය එහි ප්‍රධාන සංවිධායිකාව විය . එසේම කමල් පී අලහකෝන් ඇතුළු බොහෝ දෙනෙක් එහි විය. ඔවුන් සියළු දෙනාගේ උවමනාව අසරණ වී සිටි මාධව වෙනුවෙන් ඔහුගේ ජීවිතයට කුමක් හෝ උදව්වක් ලබා දීම සේම, ඔහුගේ ඉතිහාසයට ආදරය දැක්වීම බව අප තවමත් විශ්වාස කරන්නේය.

මාධව උළෙල සාර්ථකව පැවැත්වින. මාධව ගැන සහ ඔහුගේ මේ මොහොතේ දේශපාලනයත් එකී තත්වයන් නිර්මාණය වීමෙහිලා වමේ දේශපාලන භාවිතාව පිළිබඳවත් අත්‍යවශ්‍ය තරමට දේශපාලන සංවාද යක් නිර්මාණය කිරීමට තරම් එකී උත්සහාය සාර්ථක විය.

වම ගැන ලෝකය වෙනස් කිරීම ගැන ජීවිතේ කොතැනක හෝ ඇති උණුසුම නිසාවෙන්ම අසංගි ලාගේ එකී උත්සාහය ගැන ඇත්තේ අපට ගරුත්වයකි .

බොහෝ දෙනෙක් අසංගිලා ට දැක්වූ ප්‍රේමය, ප්‍රශංසා අසංගිට කල හැක්කේ කුමක්ද නොහැක්කේ කුමක්ද තීරණය කිරීමට අපහසු වන තරම් විය.

ගැහැණියක් එවැනි වැඩකට නායකත්වය දීම ගැන සටහන් කල නොහැකි තරම් මහා ප්‍රශංසා ගොඩකින් යුක්ත විය.

අසංගි මහා ජීවයකින් තව බොහෝ බොහෝ වැඩ කරන බවට නැවත නැවත සපත කරනු ද ලැබීය.

මාධවගේ සමරුවට අවශ්‍ය කරන ගරුත්වය ලබා දුන් අපි ධනවාදය තුල හොඳ වැඩ කරමින් මුහුණු පොත් පුරවමින් සිටීමෙන් කිසිවක් සිදු නොවන වගත්, දේශපාලන අරමුණු සහිත කුමක් හෝ ව්‍යාපාරයක් සඳහා අරමුණු සහගත විය යුතු වගත්, සිවිල් පොරවල්ලා වීමට බොහෝ හොඳ වැඩ පාවිච්චි වන බවද එකී මොහොතේම සටහන් කළෙමු.

ඉහත සමරුවේම සුනිල් මාධව වැරදිකරුවෙක් නොවෙන්නේ යම් සේද, තොත්ත බබෙක්ද නොවන වග සටහන් කළෙමු.

තවත් කාලයක් ගත විය . අසංගි ලා සහ මොහොමඩ් ෆර්ශාන් ලා රට පුරාම ගස් සිටවීමේ තවත් හොඳ වැඩක් ආරම්බ කළේය.

ඒ අතරමගදී අසංගි ම අප වෙත ප්‍රශ්නයක් යොමු කළේය. අපි ලොකු වැඩක් කරනවා. ඇයි ඔයාල නොදැක්ක වගේ ඉන්නේ.?

අපි දැන් එයට පිළිතුරු ලබා දෙන්නෙමු.

කුමක් හෝ හොඳ වැඩක් කරන කිසිවෙක්ට එහි අහු මුළු සෙවීමට අපට අවශ්‍යතාවක් නැති සේම, වැඩකට වඩා වැඩේට ආ අයගේ නම් කියවන අසංගිලාගේ හොඳ වැඩ දේශපාලනික කිරීමටද අපට උවමනාවක් නොවීය.

මෙකී කණ්ඩායමේ ආදරය ගංවතුරින් අසරණ වූ ජනතාවට බත් පැකට් ලබා දීමට ගොස් ලන්ච් ශීට් දැමු අයගේ නම් ෆේස් බුකි වල සටහන් කිරීමට තරම් සහෝදරාත්මක වැඩි විය.

හොඳ වැඩ වල එකී ප්‍රමෝදය ගැන අපට හොඳම අදහසක් විය.

එකී සිවිල් සහෝදරයන් ගේ සහෝදරකම වැසිකිළි වලක් උතුරනවා සේ අසංගිගේ ඇගේ සිට සුනිල් මාධවගේ ඇගේ සිට හෙන්රි, කමල් පී ලාගේ ඇගවල් වල ගා ගනිමින් මැස්සන් වහමින් ගඳ ගසනු අපි ගිය දවස් කිහිපයේ දුටුවෙමු.

හොඳ වැඩ කුණු වැඩ වීමට තප්පර ගණනක් ගත වුයේ නැත.

අහෝ .. අර මාධව සමරුවෙන් අප්‍රමාණ අසංගිට ආදරය කල කිසිවෙක් නැත. රට වඩා ගස් සිටවමින් ප්‍රමෝදයට පත් වූ කිසිවක් නැත.
හිතේ හැටියට මහා පුරුෂයෝ අසංගිට පහර දෙමින් ඇත.

අසංගිද සර්පයා හපන්නට එන තැන නොදැන හිතට දැනෙන හැගීම්බර කතා පවසමින් කිසිවක් නිශ්චිත නැතිව සිදු වුයේ කුමක්දැයි කල්පනා කරනු ඇත.

අසංගි

දේශපාලන ව්‍යාපාරයක් ලෙස අපි ඔබට මෙසේ කියමු.

එදා නොදැක්කා සේ සිටි අපි දැන් නොදැක්කා සේ සිටින්නේ නැත. ඔහේ ගෙදරට වී තමන්ගේ කුටුම්බයේ තුරුලේ සුව විදින බුකි වල මහා ටෝක්ස් දෙන මානව වාදීන්ට වඩා අපි ඔබ සමඟ එක පයින් සිට ගන්නේය.

නැවත නැවත වැඩ කරන්න. අරමුණු සහිතව වැඩ කරන්න. අපි අකමැති පැවැත්ම වෙනස් කිරීම වෙනුවෙන් වැඩ කරන්න. මුහුණු පොත් වල ඉක්මණින් සටහන් කිරීම වෙනුවෙන් වූ ආශාව නවතා, පොදු අරමුණක් වෙනුවෙන් ලෝකය වෙනස් කිරීම වෙනුවෙන් වූ ව්‍යාපාරයක් වෙනුවෙන් මිනිසුන් සංවිධානය කරන්න. ගස් සිටවන්න. රට වටා ඇවිදින්න. රස්තියාදු ගහන්න.

පොදු අරමුණක් වෙනුවෙන් යැයි පවසමින් මාධව සමරුවේ මුදල් වියදම් ගැන කියමින් වැසිකිළි වලක අසුචි ගොඩක් රස කරමින් කන සියල්ලන්න්ට අපට කීමට කිසිවක් නැත.. කීමට ඇත්තේ මහත්වරුණි කනගාටුයි.

ඔබලා පවසන ලෙස අසංගි සොරකම් කලා යැයි අපි ඔබ කී ලෙසම පිලිගන්නවායයි සිතමු.

සමාජ ජාලා වෙබ් අඩවි වල සටහන් දමමින් ඔබේ අයුක්තියට එරෙහි සටනේ තක්කඩි කම නොතේරෙන්නට තරම් අප කිසිවෙක් මෝඩයන් නොවන්නෙමු.

උතුරා යන වැසිකිළි වලවල් වල රස බැලීමේ ඔබේ අයිතියට අපි ගරු කරන්නෙමු.

එහෙත් පොදු වැඩ කරන මිනිසුන් වෙනුවෙන් එකී ගඳ දරා ගන්නා සීමාව අවසන් වී ඇති බව අපි ඉතා ගරුත්වයෙන් පවසන්නෙමු. එසේම වැසිකිලි වල වසා දමන ලෙසද දේශපාලන ව්‍යාපාරයක් ලෙස ගරුත්වයෙන් අපි ඉලලා සිටින්නෙමු..

 

 

vivaraenews

Read 340 times Last modified on Thursday, 29 December 2016 15:46

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.