Tuesday, 13 December 2016 22:21

අමනුසත් දෙරණේ සක්කිලි නිවුස් එක 

Written by 
Rate this item
(0 votes)

දෙරණ රූපවාහිනී සේවය බොහෝ සෙයින් වඩා වැඩි සමාජ නැඹුරුවක් සහිත රූපවාහිනී සේවයක් ලෙස ජනාදරයට පත්ව ඇත. ඒකී සමාජ සත්කාරයක් හා මානූෂීය භාවයන් සම්බන්ධයෙන් මහා කථිකා නිර්මාණය වන්නේ දැවැන්ත වෙළද ප්‍රචාරණ කටයුතු හේතුවෙන්ද යන්න සම්බන්ධයෙන් දෙවරක් සිතිය යුතු වන්නේ දෙරණ විසින් අද (13) රාත්‍රී විකාශනය කරනු ලැබූ ප්‍රවෘත්තියක් හේතුවෙනි. 

 

මෙය වඩා වැදගත් ලෙස සලකා අද පොහොය දිනයක් වන දිනයකදී ප්‍රචාරය  කරනු ලැබූවේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂක බෞද්ධයෙකු හා පංචශීල ප්‍රතිපදාව ජනතාවට ඒත්තු ගැන්වීමට විය හැකිය. 

එකී ප්‍රවෘත්තියේ අඩංගුව වූයේ සුපිරි වෙළද සැලකට ඇතුලුවන ගැහැණියක් විසින් කිරි පිටි පැකට්ටුවක් තම හැදි වත අස්සේ ගසා ගනිමින් සොරකම් කිරීමක් පිළිබදවය. 

අදාළ සුපිරි වෙළද සැළට මේ කිරි පිටි පැකැට්ටුව හේතුවෙන් සිදුවූ අලාභය අති දැවැන්ත විය හැකිය. නොඑසේම නම් දෙරණ රූපවාහිනීය කිසිදු සොරකමක් හෝ මෙතෙක් කිසිදු අයුරකින් සොරකුමක් සිදු නොවූ සමාජයක සිදුවූ එකම සොරකම මෙය බැවින් එය ලංකාවාසීන්ට පෙන්වා ලීම තුලින් යළිත් එවැනි සොරකම් කිරීමට ජනතාව නොපෙළඹවීම මෙම ප්‍රවෘත්තියෙහි  අරමුණ වන්නට ඇත.

එහෙත් දෙරණනේ අසික්තිත නිවුස් එක සම්බන්ධයෙන් අදාළ ප්‍රවෘත්තිය සම්පාදනය කළ තැනැත්තාට මතක් කළ යුතු දෙයක් ඇත. ඔබ දෙරණෙන්  ලබා ගන්නා පඩි පත නොමැතිව මාසයක් මෝ මාස දෙකක් සිටින්න. හරි හම්බ කර ගත් දෙයක් බැංකු පොතක නැත්නම් සැලකීමට කිසිවෙකු හෝ නැත්නම් ගෙදර හාල් ඇටයක් පොඩි උන්ට දීමට කිරි පැට්ටුවක් නැතිනම් ... නුඹට සිදුවන්නේද මෙවැනි අහිංස සොරකමක් හෝ කොට දරුවන්ගේ කුස ගින්න නිවීමට නොවෙද ?  

මානුෂීයැයි පම්පෝරි ගසමින් මේගා වැඩ කරන දෙරණට මේ නිවුස් එක දැමීමට පෙර දෙවරක් සිතිය යුතුව තිබුණි.  මදක් සිතන්න ඒ සොරකම් කරනුයේ නුඹගේ ළමාවිය වර්ධනය කිරීමට නුඹේ අම්මා නම් ?????

 

තුසිත පතිරණ 

 

( පුවත සම්බන්ධයෙන් දැනුවත් කළ ලක්මාල් සොයුරාට ස්තුතියි )

Read 3077 times Last modified on Tuesday, 13 December 2016 22:39

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.