Wednesday, 23 November 2016 00:12

හිට්ලර්ගේ වධකාගාර වෙනුවට චම්පික රණවකගෙන් පිස්සන් කොටු -       ශාන්ත විජේසුරිය

Written by 
Rate this item
(0 votes)

 හර්ෂ තිලකසිරි බණ්ඩාර හෙවත් සුකි නැමති අය 2016 සැප්තැම්බර් 08 වනදා රත්මලාන පිරවුම් පොල අසල මිතුරේකුගේ නිවසේ රැදී සිටිය දී පැහැරගෙන යන ලදී. ඹහු මහ නගර සභා සහ බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍ය පාඨලි චම්පික රණවකගේ කාර්ය  මණ්ඩලයේ සේවය කළ අයෙකි.  පසුව තිලකසිරිව මුල්ලෙරියාවේ මානසික රෝහලේ රදවා සිටිය දී හමු වී ඇත.

 

මර්ග සංවර්ධන අධිකාරීයේ ක්‍රියාකාරී අධ්‍යක්ෂක චන්දන රණසිංහ  , අමාත්‍ය රණවක ගේ රියදුරු ප්‍රදීප් අල්විස්  හෙවත් ලොරියා සහ කුරුදුවත්තේ පොලිසියේ  අයි.පි. හේරත් යන අය විසින් ඹහු  පැහැරගෙන ගොස් තිබේ. තමාව පැහැරගෙන  ගියේ, අමාත්‍ය රණවකගේ නියෝගයක් මත බව තිලකසිරි පවසයි.

 සති තුනකට ආසන්න කාලයක් තිලකසිරිව මුල්ලෙරියාවේ මානසික රෝහලේ බලහත්කාරයෙන් රදවාගෙන සිට පසුව මුදා හැර ඇත. 

අමාත්‍ය රණවක තිලකසිරි  අතර පැවැති මිතුදම පුපුරා යන්නේ කාන්තාවක් මුල් කරගෙනය. ඹහු  අවුරුදු විස්සකට ආසන්න කාලයක් රණවකගේ කාර්ය මණ්ඩලයේ මෙන්ම ඹහු ගේ විශ්වාසවන්තම සගයා ලෙස කටයුතු කර ඇත.  රණවකගේ දේශපාලන හා පෞද්ගලික අභිරහස් දැන සිටි සමිපතම පුද්ගලයා තිලකසිරිය.                           

 ඹහු මේ රටට පැමිණ ව්‍යාපාර කටයුතු වල නියැලී සිටින විදේශ කාන්තාවක් සමග ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇත. පසුව තිලකසිරි විසින් එම විදේශ කාන්තාව තමන්ගේ පෙම්වතිය යැයි අමාත්‍යය රණවකට හදුන්වා දෙන ලදී.  විදේශ කාන්තාව තමන්ට ලබා දෙන්නැයි රණවක තිලකසිරිගෙන් ඉල්ලා ඇත. ඇමතිතුමා ලී කියන්නේ ගණිකාවක් නොවෙයි , ඇය මගේ පෙම්වතිය යැයි  කියා තිලකසිරි රණවකගේ පාදඩ ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය.  ලීව ලබා නොදීම නිසා කෝපාවිෂ්ට වු  රණවක ලී සමග පැවැති සම්බන්ධය වහා නතර කර දමන්නැයි තිලකසිරිට නියෝග කෙරීණ. ඇමතිවරයාගේ නියෝග උදේ ඉවතලන කුණු කෙල පිඩක් සේ  නොතකා හල  තිලකසිරි ලී සමග පැවැති සම්බන්ධය පවත්වාගෙන ගොස් ඇත.

තිලකසිරි කියන්නේ මගේ නිවාසේ වැඩ කරන , මගේ කෑම උයන කොල්ලා . ඌට හැම තැන ගැහැනු ඉන්නවා .  බඩුකාරයෙක් . ඌව විශ්වාස කරන්න එපා . ඹයාගේ බිස්නස් වලට උදව් අවශ්‍ය නම් තමාට කියන්නැයි රණවක ලීව විජේරාම නිල නිවසට කැදවා ඹහුගේ ලිංගයේ  බල පරාක්‍රමය පෙන්වා ඇත

 

මම උඹව බිංදුවට බැස්සුවා . උඹ ලීට ඊමේල් හෝ එස් .එම් .එස් . හෝ  යවලා තිබුනොත් මම තෝව ලීට  බලහත්කාරකම් කරන්න ගියා කියලා පොලිසියට අල්ලා දෙනවා යැයි රණවක තිලකසිරිට තර්ජනය කර  තිබිණ. රණවක කීපවතාවක් ලීට  දුරකතයෙන් කතා කර තිලකසිරි කරදර කරනවාදැයි විමසා ඇති බවත් වාර්තාවේ

 ලීගේ සිද්ධියත් සමග රණවක තිලකසිරිව වහලෙක් මෙන්ම තබා ගැනීමට උත්සහ කළේය .  තෝ ඉන්න ඹිනේ මට ඹ්න විධියට . තෝට මෙහෙන් යන්න බැහැ . උඹ එළියට ගහිල්ලා මා ගැන තොරතරු හෙළි කරලා තිබුනොත් මම තෝට හොද පාඩමක් උගන්වනවා යැයි රණවක ඹහුට නිතර තර්ජනය කරන්ට  විය. තිලකසිරි පලමු වතාවට රණවකට එරෙහිව සිංහයෙකු මෙන් නැගීසිටියේය. ඇමතිතුමා මගේ ලී ගෙයි ප්‍රශ්ණ වලට අත ගහන්න එපා ,  අපේ ප්‍රශ්ණ  අපි බලා ගන්නම් යැයි තිලකසිරි  ඇමතිට කීවේය. ඇමතිතුමා අනවශ්‍ය  විධියට මගේ ජිවිතයට ඇගිලි ගහන්න ආවොත් තමා දන්න සියළුම දේවල් මාධ්‍යයට හෙළිකරනවා යැයි තිලකසිරි රණවකට  තර්ජනය කළේය.

                                             තිලකසිරි  දැඩි කලකිරීමකින් මෙන්ම  බලවත් සිත් වේදනාවකින්  පසු විය.  පසු ඹහු  කාටවත් නොදැනුවත්තම රාත්‍රියේ  විජේරාමයේ පිහිටි රණවකගේ නිල නිවසෙන් පලා ගියේය.  තිලකසිරි ගියේ පිළියන්දල ඹහුගේ මහ ගෙදරටය . ඹහුගේ පලා යෑම නිසා බියට පත් වු  රණවක හා ඹහුගේ පාදඩ නඩය තිලකසිරිව සොයන්නට වුහ.  රණවකගේ  පාදඩයෝ පැමිණ තමන් රැගෙන යැයි භය වු සුකි රත්මලානේ ක්‍රිෂාන්ත මෙන්ඩිස් ( මොනරා ) නිවසේ සැගවි සිටියේය. මෙන්ඩිස් හෙළ උරුමයේ  හිතවත් පුද්ගලයෙකි . සුකි හිටපු ආරක්ෂත ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ හිටපු රැකවලෙකු ගේ දුරකතන අංකයක් මොනරාගෙන් ඉල්ලා ඇත. රණවකගේ තොරතුරු හෙළි කරතැයි බිය වුණු මොනරා  ඒ බව ඇමතිගේ රියදුරු වන අල්විස්ට  දන්වා ඇත. ඒ සමග වහා ක්‍රියාත්මක වු රණවකගේ පාදඩ කල්ලිය කුරුදුවත්ත පොලිසියේ සමග පැමිණ සුකීව පැහැර ගත්හ.

                                                    සුකිව පැහැරගෙන රැගෙන විත් තිබුනේ මුල්ලේරියාවේ මානසික රෝහලටය. ඹහු රෝහලට රැගෙන එන විට සෞඛය හා පෝෂණ කටයුතු අමාත්‍ය රාජිත සෙනාරත්නගේ අමාත්‍යංශ ලේකම් වෛද්‍ය උපුල් ගුණසේකර අංගොඩ රෝහලේ  අධ්‍යක්ෂකවරයාට දුරකතනයෙන්  කතා කර සුකි ගැන දැනුවත් කර තිබුණි .වෛද්‍ය ගුණසේකර රණවකගේ නිවසට  නිතර පැමිණේන පුද්ගලයෙකු බව තිලකසිරි පවසයි.  රණවකගේ කල්ලිය  ඹහුව පැහැර ගන්නා  අවස්ථාවේ තිලකසිරි සිට ඇත්තේ බිමත්වය.  අංගොඩ රෝහලේ වෛද්‍යවරු බිමත්ව සිටි සුකි මානසික  රෝගීයෙකු  යැයි  නිශ්චය කොට රෝහලට ඇතුළත් කර ගත්තේ කෙසේද?   

                                                   අංගොඩ මානසික රෝහලේ පස් වන වාට්ටුවට ඹහු ඇතුලත් කර තිබුණි . එම වාට්ටුව බාරව සිටියේ  මනෝ විශේෂඥ වෛද්‍ය ජයාන් මෙන්ඩිස්ය.  තිලකසිරිගේ දෙමව්පියන්ට හැර වෙනත් අයට ඹහු බැලීම සදහා ඇමති රණවකගේ අවසර ලබා ගතයුතු බව ලියුම්කරු තිලකසිරි බලන්නට ගිය අවස්ථාවේ රෝහල් ආරක්ෂක අංශයේ යැයි කියා ගත් පුද්ගලයෙක් පැවැසීය. පස්වන වාට්ටුවේ රණවක ඇමතිවරයාගේ රෝගියෙක් නතර කර සිටි නිසා එම වාට්ටුවේ නතර කර සිටි අනෙකුත් රෝගීන්ගේ ඥාතීන්ව  රෝහල් ආරක්ෂක අංශයේ දැඩි පරික්ෂාවට ලක් කෙණිණ .

                                         තිලකසිරිට අසනිප වී ඇති බව රණවකගේ කල්ලිය ඹහුගේ පියා වන පණ්ඩිත සිරි තිලකසිරි මහතාට හෝ සුකිගේ  මවට හෝ දැනුවත් නොකර ඹහුගේ වැඩි මහල් සොයුරාව පමනක් දැනුවත් කර තිබුණි. පසුව තිලකසිරිගේ බාල සොයුරා ලවා ඹහුව රෝහලට ඇතුලත් කර ඇත. රණවකගේ  කල්ලිය සුකිව අංගොඩ ගෙනැවිත් රදවාගෙන සිටියේ , යම් දිනක ඹහු රණවකට අභියෝග කළහොත්  තිලකසිරි පිස්සෙකු යැයි තහවුරු කිරීමේ අදම උවමනාවෙන්ය.  තිලකසිරිගේ සොයුරා ඒ බව දැන නොසිටියා පමනක් නොව ඹහුට ඒ ගැන දැන ගැනිමේ ඉවක් ද නොතිබුණි .

                                              අමාත්‍ය රණවකට අපේ පවුලේ ලොකු ගෞරවයක් තිබුනු බවත් අවුරුදු විස්සකට ආසන්න කාලයක් පවුල් ජිවිතය සහ ව්‍යාපාර කටයුතු අවුල් කරගෙන රණවකට වැටි තම සොයුරා සේවය කළ බවත්  තම සොයුරාව අංගොඩ දමා ඹහුගේ ජිවිතය විනාශ කිරීමට තරම්  රණවක මෘගයෙකු යැයි තමා නොසිතු බව තිලකසිරිගේ  සොයුරා පැවැසීය.

                                                  සුකි පුතාට අසනිපයක් වුණා නම් අපට කියන්න තිබුණා . සුකී ගේ දෙමව්පියෝ අපි. ඇමතිතුමා අපෙන් අහන්නේ නැතිව සුකි පුතාව අංගොඩ නතර කරපු එක වැරැදි . පුතාව අංගොඩ නතර කළා කියලා දැන ගත්තාට පස්සේ මාගේ පපුව දැවෙන්න පටන් ගත්තා. සුකිට අසනිපයක් නොතිබුනු බව තිලකසිරිගේ මව ලියුම්කරු සමග පැවසුවාය.

                                 දේවල් අහිමි විම නිසා සුකි මානසික (Tension ) ආතති තත්වයකට ගොදුරු වීය. නමුත් අංගොඩ රෝහලට රැගෙන ගොස් ප්‍රතිකාර කිරීමට තරම් බරපතළ විසාද (depresion) තත්වයක් ඹහුට තිබි නැත. අංගොඩ රෝහලට ඇතුලත් කිරීමෙන් පසු සුකිට ප්‍රථමයෙන් ලබා දී ඇත්තේ  (විද්‍යුත් කම්පන ප්‍රතිකාරය) ඊ.සී .ටි.  (Electroconvulsive Therapy)  ප්‍රතිකාරයයි. මෙම ප්‍රතිකාරය ඹහුට හය වතාවක් ලබා දී ඇත. විද්‍යුත් කම්පන ප්‍රතිකාරය මගින් සිදු වන්නේ මොලේ අභ්‍යන්තරයේ රසායනික ක්‍රියාවලිය වෙනස් කිරීමකි. මෙම ප්‍රතිකාරය ලබා දෙන්නේ බරපතළ මානසික විසාදයෙන් පෙලෙන රෝගීන් හටය. තිලකසිරිට හය වතාවක් ඊ.සී.ටි. ප්‍රතිකාරය ලබා දී ඇතත් , ඒ ගැන ඹහුට අංගොඩ මානසික රෝහලෙන් නිකුත් කර ඇති කාඩ්පතේ සදහන් කර නොමැත. මෙය අත් වැරදීමකින් සිදු වුවක්ද නැතිනම් විද්‍යුත් කම්පන ප්‍රතිකාරය ලබා දුන්නේ දේශපාලන බල පෑම් මත යන්න ගැටළුවකි .

                                    විද්‍යුත් කම්පන ප්‍රතිකාරයෙන් පසු තිලකසිරි සති තුන හතරක් යනතෙක් අලුත උපන් පුද්ගලයෙකු මෙන් හැසිරෙන්නට විය. විශේෂයෙන් ඹහුට අතීතය අමතක වී තිබුණි.

                  අවුරුදු 48ක් වයස ඇති තිලකසිරි ප්‍රධාන අරක්කැමියෙකි. ඹහුට භාෂා කිපයක් චතුර ලෙස කතා කළ හැකිය. තිලකසිරි සිහළ උරුමයේ ආරම්භක සමාජියෙකු වන අතර හෙළ උරුමයේ ද  සමාජිකයෙකි.

                                  ගල් පිළිමයක් යැයි කියා තමන් සිතු රණවක බොල් පිළිමයක් කියා තේරුම් ගන්න අවුරුදු විස්සක් පමන කාලයක් ගිය බවත් එම අවුරුදු විස්ස සාන්තුවරයෙක් ලෙස සමාජය හමුවේ  රගපෑ  යක්ෂයෙකු වෙනුවෙන් කාලය නාස්ති කිරීම ගැන තමා  අද පශ්චත්තාප වන බව තිලකසිරි  පවසයි. රණවක කියන්නේ සිල් ගත්ත වෘකයෙකු බවත්  නීතිය පාවිච්චි කර හෝ මැර බලය යොදා හෝ  තමන්ව විනාශ කිරීමට ඉඩ ඇති බව තිලකසිරි ලියුම්කරු සමග වැඩිදුරටත්  කිවේය. 

                                         තමන් ගැන තොරතුරු මාධ්‍යයට හෙළි කළහොත් සුකිව අල්ලා හිරේ දමන බවට අමාත්‍ය රණවක ඹහුගේ පියාට දුරකතනයෙන් කතා කර තර්ජනය කර ඇත.

                               අමාත්‍ය රණවකගේ ගැහැනු හුටපට ගැන  ලියුම්කරුට කිසිදු වැදගත්කමක් නැත. ගැහැනු රණවක සමග නිදා ගන්නට කැමති කරන්නට පිටස්තරයන්ට අයිතියක් නැත. නමුත් අනුන්ගේ ගැහැනු ඉල්ලා නොදුන් විට ඹවුන්ව පිස්සන් කොටුවට දැමීමට  රණවකට ද අයිතියක් නැත. රණවක තමන්ගේ දේශපාලන බලය පාවිච්චි කර පිස්සන් කොටු යවපු පළමු හා අවසාන පුද්ගලයා තිලකසිරි නොවෙයි. මිට පෙර රණවක මොරටුවේ මාරසිංහ පිස්සන් කොටුවට දැම්මේය. රණවක සහ අවිස්සාවේල්ලේ චන්ද්‍රිකාගෙන් අතර ප්‍රේම සම්බන්ධය අවසන් වුයේ ද  ඇයව පිස්සන් කොටුවට යැවිමෙනි.  

                                                තිලකසිරි රණවක ලග සේවය කරමින්  ඹහු ගේ  මිලේච්ඡ ක්‍රියා වලට අනුබල දුන්නා පමනක් නොව තිලකසිරි  එම අපරාධ වල ප්‍රබල සක්කිකරුවෙක් ද වෙයි . රණවක  අනාගතයේ යම් දවසක තමන්ව ඒවැනි තත්වයකට ඇද දමතැයි යැයි  සිතන්නට තරම් ඹහු දේශපාලන සවිඥානික බවක් අත්කර ගත්තෙක් නොවිය. රණවක යුද සමයේ හා පශ්චාත් යුද සමයේ හමුදා බුද්ධි අංශ සමග සිදු කරන ලදැයි කියන අපරාධ සහ ඹහුගේ ලිංගික සෝලි මාධ්‍යයට හෙළි කරතැයි සැක කළ රණවක තිලකසිරිව අංගොඩට යැවිණි. 

                                                රාජපක්ෂ රේජීමය සමයේ  මේ රටේ  සිරගෙවල් මෙන්ම වධකාගාර පැටව් ගැසුවේය. රණවකගේ  සංකල්පයකට අනුව යහපාලන ආණ්ඩුව යටතේ සිරගෙවල් සහ වධකාගාර වෙනුවට පිස්සන් කොටු ඉදිවිමට නියමිතය. හිට්ලර්ගේ අවුෂ්විට්ස් වධකාගාර වලට වඩා රණවකගේ පිස්සන් කොටු භයානක වනු නියතය .

                        මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කළේ අමාත්‍ය රණවක යැයි මතයක් සමාජය තුළ මුල් බැසගෙන තිබුණි. ඹහු  සම්බන්ධයෙන් එවැනි සමාජ මතයක් ගොඩනැගුනේ , එක්නැළිගොඩ විසින් රණවකගේ විකෘති ලිංගික ක්‍රියාකාරකම් පිළිබද ලියන ලදැයි කියන ලිපිය හේතුවෙනි. මෑතකදී මා විසින් සිදු කරන ලද ගවේෂණ වලට අනුව එක්නැළිගොඩව පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට රණවකගේ සම්බන්ධතාවයක් ඇතැයි හෙළි වී ඇත. ඊට ඇති ප්‍රබල සාක්කියක් වන්නේ 2005 වර්ෂයේ සිට එක්නැළිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධීයේ ප්‍රධාන විත්තිකරු වන කර්නල් ෂම්මි කුමාරරත්න සමග රණවකට පැවැති සම්බන්ධයයි.  මාධ්‍යවේදී එක්නැලිගොඩ පැහැර ගෙන ගොස් අතුරුදන් කළේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ද නැතිනම් අමාත්‍ය රණවක ද එසේ  නැතිනම් දෙදනාගේම සුසංයෝගයකින් එම අතුරුදන් කිරීම සිදු වුවා ද යන්න ලියුම්කරු විසින් ඉදිරියේ දී හෙළි කරනු ඇත.

 

                     

Read 386 times Last modified on Wednesday, 23 November 2016 00:14

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.