Thursday, 10 November 2016 21:15

2017 අය වැය මෙහෙමයි 

Written by 
Rate this item
(0 votes)

2017 සඳහා අය වැය ඉදිරිපත් කරමින් මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා කියාසිටියේ  "ජනතාවගේ දිළිදුකම පිටුදැකීම අරමුණු කරගනිමින් 2017 වසර පුරා වැඩසටහන් රැසක් සිදුකිරීමට බලාපොරෝතුවන බවත් සියයට 7 ක ආර්ථික වර්ධන වේගයක් පවත්වාගෙන යාම තම රජයේ අපේක්ෂාව වන බවය.

 

ශ්‍රී ලංකාව ආර්ථික කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීම රජය අපේක්ෂා කරන බවත් රට තුළ විශාල සංවර්ධන ව්‍යාපෘති සඳහා ඉඩ සලසමින් දේශිය හා විදේශිය ආයෝජකයන්ට වැඩි අවස්ථාවක් ලබාදෙන බවත්, අපනයන සංවර්ධනයන් සඳහා වඩා හිතකර වාතාවරණයක් නිර්මාණය කරන බවත්, ඉහළ රැකියා අවස්ථා සඳහා වඩාත් හිතකර වාතාවරණයක් නිර්මාණය කරන බවත්,  මෙවර අයවැයේ තේමාව වන  “ සැමට සමාජයක්” යන තේමාව යටතේ සැමට ප්‍රතිලාභ සමඟ රට සංවර්ධනය කරා ගෙනයාම රජයේ බලාපොරාත්තුව බව මුදල් අමාත්‍ය රවි කරුණානායක  මහතා වැඩිදුරටත් පැවසීය.

2017 අයවැය ....

 

සන්නිවේදන තාක්ෂණය, , තොරතුරු තාක්ෂණය , යාන්ත්‍රික රොබෝ තාක්ෂණය ඇතුළු ගෝලීය දියුණුවට අදාළ අංශ වැඩි දියුණු කරණ අතර සාගර සම්පත් මගින් ආර්ථික හැකියාව ඉහළට.

 

කුඩා හා මධ්‍ය පරිමාන ව්‍යාපාර සංවර්ධනය කරන අතර කෘෂිකර්ම අංශයේ නිරත මිලියන 2.5 ජනතාවගේ මාසික ආදායම රුපියල් 25000ක් පමණ වෙනවා. ඒ නිසා ගොවීන්ගේ ආදායම ඉහළ දැමීමට රජය බලාපොරොත්තු වෙනවා.

 

නව තාක්ෂණික හා කෘෂිකාර්මික ක්‍රමවේදයන්ට සියයට 15ක පොළී සහනයක් ලබා දීමට බලාපොරොත්තු වෙන අතරම වී, පළතුරු, එළවළු, ධාන්‍ය වර්ග හා මල් වර්ග සඳහා දියුණු තාක්ෂණ ක්‍රම භාවිත කිරීම සඳහා කෘෂිකර්ම සැකසුම් කර්මාන්ත සඳහා ව්‍යවසායකයන් ධිරිමත් කෙරේ.

 

තේ කර්මාන්තයේ අංශ කිහිපයක බදු සංශෝධනයට.

 

වයස්ගතවන වැඩිහිටියන් වෙනුවෙන් රජයේ විශ්‍රාම වැටුප් වෙනුවෙන් වැය කිරීමට සිදුවන බර වැඩි හෙයින් අනාගතයේ විශ්‍රාමිකයන් සඳහා සුදුසු යෝජනා සලකාබැලේ.

 

රබර් කර්මාන්තය වැඩි දියුණු කිරීම සඳහා රුපියල් මිලියන 900ක් ක් යොදවන අතර  දියර කිරි නිශ්පාදනය වැඩි කිරීමට සඳහා උසස් තත්ත්වයේ කිරි ගවයින් 15,000ක් ආනයනය කිරීමට  අපේක්ෂා කරන අතර දැනටමත් විදෙස් රටවල් සමග සාකච්ඡා කර තිබේ.

එක් කිරි ගොවියකුට අවම වශයෙන් කිරිගවයන් 10 දෙනකු ලබා දීම අප අරමුණ වන අතර  කිරි ගොවි කලාප පිහිටුවීමට අපේක්ෂාවයි.

 

මත්ස්‍ය සැකසුම් හා ටින් කිරීම වැනි අපනයන සැකසුම් සඳහා හම්බන්තොට ඇතුළු පෙදෙස් වල මිරිදිය මත්ස්‍ය කලාප ඇති කිරීමට මිලියන 700ක් ද ධීවර වරායවල්හි යටිතල පහසුකම් හා නැංගුරම් පහසුකම් වැඩි කිරීමට රුපියල් මිලියන 1350ක් ද හම්බන්තොට, මඩකලපුව, යාපනය ඇතුළු වෙරළාසන්න දිස්ත්‍රික්ක 10ක ජීවනෝපාය වැඩි දියුණු කිරීමට රුපියල් මිලියන 1200ක් වෙන් කරන අතර  වැවක් සහිත ගමක් වැඩසටහන යටතේ ඒකාබද්ධ මිරිදිය ගම්මාන 100ක් සඳහා රුපියල් මිලියන 300ක් වෙන්කෙරේ.

 

කුකුළු මස් මත පනවා ඇති උපරිම සිල්ලර මිල අඩුකර කිලෝ එකක මිල රුපියල් 420 ට.

 

විසිතුරු මත්ස්‍ය කර්මාන්තය හා මල් වගා දිරිගැන්වීමට තවාන් 200ක් ඇති කිරීම වෙනුවෙන් රජය සියයට 50ක ණය පොලී සහනයක්ලබා දෙන අතර මේ සඳහා රුපියල් මිලියන 50ක් වෙන් කෙරේ. රුපියල් ලක්ෂ 5ක උපරිමයකට යටත්ව ණය යෝජනා ක්‍රමයක්.

 

පහළ මල්වතු ඔය වාරි ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 300ක් වෙන් කරන අතර විශාල වේලි 33ක් ප්‍රතිසංස්කරණය හා වේලි 80කට මූලික පහසුකම් සැපයීම ඇග්‍රෝ මෙට්‍රික් මධ්‍යස්ථාන 50ක් ස්ථාපිත කෙරේ.

පොළොන්නරු හා හම්බන්තොට ඇතුළු තෝරා ගත් දිස්ත්‍රික්ක අටක භූගත ජල පරීක්ෂණ සඳහා  වපෘති ක්‍රියාත්මක කිරීමට රුපියල් මිලියන 200ක්.

 

2017 උසස් පෙළ පන්තිවලට ඇතුල්වන සිසුන් 1,75000කට සහ ගුරුවරුන්ට ටැබ් පරිගණක ලබා දීමට කටයුතු කරන අතර  පාසල් 35000කට තොරතුරු තාක්ෂණ පහසුකම් සඳහා රුපියල් මිලියන 5000ක් වෙන්කරන අතර 2017 අධ්‍යාපනය සඳහා රුපයල් මිලියන 90,000ක්.

 

විශේෂ අධ්‍යාපනය ලබන සිසුන්ට ලබා දෙන දෛනික දීමනාව රුපියල් 50සිට 150දක්වා වැඩි කෙරන අතර  අවුරුදු පහේ සිට 19දක්වා මිලියන 4.5ක පාසල් දරුවන්ට එක් දරුවකුට රුපියල් ලක්ෂ දෙකක් වන පරිදි රක්ෂණ ක්‍රමයක් හඳුන්වා දීමට යෝජනා.

 

දැනට සරසවිවලට හා උසස් අධ්‍යාපන ආයතනවලට බඳවා ගන්නා 26000 සිසුන් සංඛ්‍යාව 2020වන විට තව 50,000කින් වැඩි කිරීමට යෝජනා.

 

විශ්ව විද්‍යාලවල දේශන පවත්වන කාලය රාත්‍රී අට දක්වා දීර්ඝ කිරීමට යෝජනාකරන අතර විශ්ව විද්‍යාල සඳහා ඇතුලත් වීමට නෙහැකි එසෙඩ් ලකුණු අඩු සිසුන් සඳහා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අනුමත කළ පෞද්ගලික අධ්‍යාපන ආයතන වලට ඇතුලත් වී අධ්‍යාපනය ලැබීමට සිසුන් 15000ක් සඳහා එක් සිසුවෙකුට පාඨමාලා ගාස්තු වශයෙන් ලක්ෂ 800,000ක මුදලක් ලබා දීම සඳහා රුපියල් මිලියන 300ක් වෙන් කිරීමට යෝජනා කෙරේ.

 

ලංකාවේ අධ්‍යාපනය ලැබීමට කැමැත්තක් දක්වන විදෙස් සිසුන්ට පස් අවුරුදු වීසා ලබා දීමට යෝජනා කරන අතර තරුණ තරුණියන්ට උසස් අධ්‍යාපනය ලබා ගැනීමට වැඩි අවස්ථාවක් සලසමින් පෞද්ගලික අංශයේ දායකත්වය ලබාගනිමින් රජයේ නොවන උපාධි ආයතන රට තුළට පිවිසීමට අවස්ථාව ලබා දෙන අතර අධ්‍යාපනයේගුණාත්ම මට්ටම සඳහා ප්‍රමිතිකරණ මණ්ඩලයක් ඇති කෙරේ.

 

හෙද පුහුණු පාසල් සඳහා මිලියන 200ක්.

 

කරාපිටිය, අම්පාර සහ යාපනය රෝහල්වල විශේෂ ළමා ඒකක ඇති කිරීමට රුපියල් මිලියන 1000ක් වෙන් කරන අතර සෑම රෝගියකුටම රෝහලෙන් පිටවන විට තම ප්‍රතිකාර සඳහා ගිය වියදම සටහන් කළ ලියැවිල්ලක් ලබා දීමට පියවර ගැනේ.

 

සියලුම ඖෂධ හල් ජාතික ඖෂධ අධිකාරියේ ලියාපදිංචි විය යුතුය.

 

ප්‍රයෝජනයට නොගන්නා ඉඩම් දිගු කාලීන කුලී පදනම මත ලබා දීමට යෝජනා.

 

දේශිය කලාකරුවන්  නංවාලීම සඳහා ලක්සල විසින් ඔවුන් වෙත ගෙවිය යුතු හිඟ මුදල් මාසයක කාලයකින් ගෙවා නිමකරන ලෙස ඉල්ලා සිටින අතර කොළඹ නගරයේ විශේෂිත අත්කම් මධ්‍යස්ථාන ඇති කිරීමට රුපියල් මිලියන 100ක්.

 

රැකියා අවස්ථා උත්පාදනය කරන සුළුහා මධ්‍ය පරිමාන ව්‍යවසායකයන් සඳහා රුපියල් මිලියන 250සිට බිලියන 750 දක්වා ණය ළබා දීමට යෝජනා කෙරෙන අතර  බැංකුවල ණය වලින් සියයට 10ක් සුළු හා මධ්‍යම පරිමාන ව්‍යවසායකයන් සඳහා වෙන් කිරීමට යෝජනා.

 

ලංකාව තුළ ආයෝජනයට පැමිණෙන විදේශිකයන්ට වසර පහක් දක්වා වීසා ලබාදීමට කටයුතු .

 

ඉදිකිරීමේ කර්මාන්තයෙන් අය කළ ‍සියයට 25ක සෙස් බද්ධ ඉවත් කරන අතර ශ්‍රී ලංකාව තුළ ප්‍රධාන ශාකා පිහිටුවීමට කැමති ප්‍රධාන පෙළේ සමාගම් සංස්තාපිත බද්දෙන් නිදහස් .

 

දක්ෂිණ අධිවේගී මාර්ගය බදුල්ල දක්වා දිගු කිරීමට යෝජනා.

 

ත්‍රී රෝද රථ හා පාසල් වෑන් රථ නියාමනයට ක්‍රමයක් ක්‍රියාත්මක කරන අතර  පාසල් ළමුන් ප්‍රවාහනයට ආසන 32 බස් රථ ලබාා ගැනීමට සහන ණයක් ලබා දීමට යෝජනා.

 

 ත්‍රී රෝද රථ වෙනුවට රෝද හතරේ විද්‍යුත් කාර් රථ ක්‍රමයක් හදුන්වා දෙන අතර 2017 වසරේ අභ්‍යන්තර ගුවන් ගමන් සේවාවක්.

 

අඩු ආදායම් ලාභීන්ට නිවාස ලක්‍ෂ 5 ක්  සාදා දීමට යෝජනා කරන අතර වැවිලි ක්ෂේත්‍රයේ ලයින් කාමර වල ජීවත් වෙන්නන් සඳහා නිවාස 25,000 ක්  සාදා දීමට යෝජනා.

 

දායකත්ව විශ්‍රාම වැටුප් ක්‍රමයක් ආරම්භ කරනවා. රුපියල් මිලියන 1000 ක් වෙන් කිරීමට යෝජනා.

 

අවම මිලට විදුලිය ලබා දෙන අතර ජාතික ඉතිරිකිරීමේ බැංකුව හා නිවස බැංකුව එක්ව සියයට 7 ක නිවාස ණයක් ලබාදීමට රුපියල් මිලියන 37000ක් වෙන් කිරීමට පියවර ගන්න අතර අවුරුදු 15 කට වඩා රජයේ නිවාසවල පදිංචිකරුවන්ට නිවාස අයිතිය ලබාදීමට පියවර.

 

 පිරිවෙන් අධ්‍යාපනයේ යෙදෙන භික්ෂූන් වහන්සේලාට රුපියල් 2500 ශිෂ්‍යයාධාර මුදලක්.

,

දිවංගත සංගීතවේදී පණ්ඩිත් අමරදේව ශූරීන් නමන් "අමරදේව" සිංගීත ආශ්‍රමය ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 25 .

 

ආගමික දියුණුව සඳහා රුපියල් මිලියන 25 ක් වෙන් කරන අතර ජාතික වෙසක් උත්සවට රුපියල් මිලියන 250 ක්.

 

රණවිරු දීමනා සඳහා රුපියල් මිලියන 3500ක්.

 

පැරණි චිත්‍රපට සංරක්ෂණයට රුපියල් මිලියන 50 ක්..

 

2017 අයවැයෙන් අඩුවන අත්‍යවශ්‍ය භාණ්ඩ

 

මුං ඇට - රු15/-

 

පරිප්පු - රු10/-

 

හාල්මැස්ස - රු 5/-

 

සුදුසීනි - රු 2/-

 

බූමිතෙල් - රු5/-

 

ගෘහස්ථ ගැස් - රු25/- කින්ද පවතින ‍මිලෙන් අඩුවේ.

 

දේශිය කිරිපිටි මිල රුපියල් 290

 

අධිවේගී මාර්ගයේ රාත්‍රි 9 සිට 5 දක්වා කාලයේ දී ගාස්තුව රු 50කින් අඩුවේ.

 

ටෙලර් යන්ත්‍ර වලින් මුදල් ගැනීමේදී අයකරන මුදල රුපියල් 10 දක්වා ඉහළට.

Read 423 times Last modified on Thursday, 10 November 2016 22:15

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.