Sunday, 06 November 2016 17:55

රනිල්ගේ කතාව අමරදේව ගැනද youtube ගැනද 

Written by 
Rate this item
(0 votes)

ලංකාවේ මහා සංගීතවේදියෙකුගේ සමුගැන්ම ඊයේ (05) සිදුවූ අතර පණ්ඩිත් අමරදේවයන්ගේ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව පැවැත්වීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව කටයුතු කොට තිබුණේය. 

 

කෙසේ නමුත් අවමංගල්‍ය කටයුතු සිදුකිරීම සදහා නිදහස් චත්‍රරස්‍රය ලබාදීමට ස්වදේශ කටයුතු අමාත්‍යංශය කටයුතු යොදා තිබූ අතර එය මූලිකව මෙම අවමංගල්‍ය උත්සයේදි පෙන්නුම් කෙරිනි. 

මෙම අවමංගල්‍ය උත්සවයේදී කලාකරුවන් වෙනුවෙන් අදහස් දැක්වූ මහාචාර්ය සුනිල් ආරියරත්න විසින් යුග යුග සබැදි අමරදේවයන්ගේ ප්‍රතිභාව මෙන්ම ජාතිකමය වටිනාකම ගැන හරවත් දෙසුමක් සිදුකළ අතර අනතුරුව බොහෝ දෙනෙකුගේ අවධානය යොමු ව පැවැතියේ අමරදේවයන්ගේ ද සිසුවෙකු වූ අගමැති රනිල් වික්‍රමසිංහගේ කථාවටය. එහෙත් තමන් සහ දිනේෂ් ගුණවර්ධන හා අනුර බණ්ඩාරනායක අමරදේවයන්ගේ අසාර්ථක ඉගැන්වුමක ගෝලයන් වූ බවත් අනතුරුව යූ ටියුබ් මෙන්ම අන්තර් ජාලයේ සහ සීටී තැටිහි අමරදේවයන්ගේ ගීත තිබීම හා තමන් ඒවා එම ජාලාවන්ගෙන් ශ්‍රවණය කිරීම උජාරුවෙන් කතා කොට අමරදේව නව තාක්ෂණය සමග එක්වූ ආකාරය ගැන කතා කළේය. 

මෙහි කිසිදු හරයාත්මක දෙයක් ගැබ් වූයේද යන්න අසා සිටින බොහෝ දෙනෙකුට තේරුම් ගියේය. අදාළ තාක්ෂණය දන්නා කිහිප දෙනෙකු සදහන් කොට සිටියේ අමරදේවයන්ගේ ගීත රූපමය හා අන්තර් ජාල ගත කිරීමට ඔහු සතු වූ කිසිදු හැකියාවක් හෝ නැඹුරුවක් නොවූ බවත් එවැනි වීඩියෝ ගත කිරීමටකට ඕනෑම ගායකයෙකු හෝ ගායිකාවක සහභාගී වනවා සේම අමරදේවයන්ට එයට සහභාගී වූවා මිස අන් යමක් සිදු නොකළ බවත්ය. 

එසේම යූ ටියුම් මගින් අමරදේවයන්ගේ ගීත ඇසීමට හැකිවීම හා යූ ටියුම් එකම අන්තර්ජාල  විද්‍යුත් සංනිවේදනය ශ්‍රව්‍ය දෘෂ්‍ය ජාලයක් ලෙස හුවා දැක්වීම කෙතරම් අමරදේවයන්ගේ චරිතය සම්බන්ධ වැනීමක් ද යන්න ගැටලු සහගත බවත්ය. 

කෙසේ නමුත් අමරදේවයන් ගැන අදාළ හරයාත්මක කරුණු ගොනු කිරීමට ජනාධිපතිවරයා සමත් වීම විසින් අගමැතිවරයාගේ කතාව අමතක කිරීමට ජනතාවට ඉඩ ලැබීම අවමංගළ්‍ය සභාවවේ අමරදේවන්ට කිසිදුවීමට තිබූ රාජ්‍යමය නොඇගයීමට යම් අස්වැසිල්ලක් විය. 

කෙසේ නමුත් අමරදේවයන්ගේ නමින් ඉදිකිරීමට නියමිත කේන්ද්‍රයක් පිළිබද ජනපතිවරයා විසින් සිහිපත් කිරීම අමරදේවයන්ට ගරු කිරීම සදහා වන ඉදිකිරීමක් පිළිබඳ හැගීමක් ඇති වුවත් විමලා අමරදේව විසින් මීට පෙර කිහිපවතාවක්ම අදාළ රාජ්‍ය නිලයන්ගෙන් සිදුකළ ඉල්ලීමක් වූයේ මිය යාමට පෙර වර්තමාන පරපුරට අමරදේවයන්ගෙන් ශිල්ප ඉගැනීම සදහා වන ආශ්‍රමයක අවශ්‍යතාවය. එහෙත් කතා බස් කිරීම් ඉඩම් පිරිස්සීම් හැරෙන්නට එය සිදුවූයේ නැත.

 

 

Read 438 times Last modified on Sunday, 06 November 2016 18:23

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.