Saturday, 05 November 2016 15:24

මහා ගාන්ධර්වයෙකුගේ නික්ම යාම 

Written by 
Rate this item
(0 votes)

ආසියානු කලාපයේ සංගීත කෙතට දායාද වූ මහා අස්වැන්නක් වූ අමදේවයන් මේ මොහොත වන විට සිය අවසන් ගමන යාමට සූදානම්ව සිටී. මේ වනවිට නිදහස් චතුරශ්‍රෙය් තැන්පත් කොට තැබූ ඔහුග් දේහය කලාකරුවන්  දේශපාලනඥයින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ කර මතින් විශේෂ වේදිකාවක් වෙත රැගෙන යමින් පවතින අතර  නිදහස් චතුරෂ්‍රෙය් ඉදිකොට ඇති චිතකයෙහි ඔහුගේ දේහය තැන්පති කිරිමෙන් අනතුරුව ත්‍රිවිධ හමුදාවේ ආචාර්ය පුද කිරීමට නියමිතව ඇත

 

පහත දැක්වෙන්නේ ඔහු වෙනුවෙන් පළවු වාර්තාවන් කිහිපයකි. 

කසුන් කල්හාර තැබූ ෆේස් බුක් සටහන

KKKKK

 

නන්දා මාලිනිය විසින් පළ කළ අදහස් 

ශ්‍රී ලංකාවේ මහා ගාන්ධර්වයා, පණ්ඩිත් අමරදේවයන්ගේ අභාවය සමඟ සිය ජීවිතද අභාවයට ගිය බව විශාරද නන්දා මාලිනිය පවසන්නීය.

ආචාර්ය අමරදේවයන්ගේ අභාවය ශ්‍රී ලංකාවාසීන්ට මෑත යුගයේ අසන්නට ලැබුණු 'දුක්ඛදායකම පුවත' ලෙසිනුයි විශාරද නන්දා මාලිනිය විග්‍රහ කරන්නේ.

"අහසද, පොළවද, ගස් ගල්ද සතා සීපාවද මැලවිලා ඉන්නේ මේ ආරංචියෙන්."

දශක පහක මුළුල්ලේ පැමිණි සිය සංගීත චාරිකාවට එදා මෙදා තුර අමරදේවයන් දිරි දුන් ආකාරය ඇය කෘතවේදීව සිහිපත් කළාය.

"අමරදේව සර් තමයි මගේ ජීවිතේ නැවත ඉපැද්දුවේ අම්මගෙන් පස්සේ," නන්දා මාලිනිය සඳහන් කළේ කඳුළු වලකා ගැනීමේ උත්සාහයක යෙදෙමින්.

හදවතේ මතු වන වේදනාව ඇගේ ඒ උත්සාහයට බාධා කළ බව පැහැදිලිව දකින්නට ලැබිණ. "මම හිතන්නේ මාව සැලකුවේ සර් දරුවෙකුට වගේ."

"මම හිතන්නේ අපේ දරුවන්ටවත්, ඒ දරුවන්ගේ දරුවන්ටවත් කවදාවත් ඒ හිස් තැන පුරවන්න හම්බවෙන්නේ නෑ," ඇය කඳුළු අතරින් වැඩිදුරටත් කියා සිටියේ කොළඹ නිදහස් චතුරශ්‍රයේදී මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින්.

 

සුවිශේෂි සටහනක් 

 

“අර මගේ සිත්ගත් යුවතියගෙ කතාව මතකයි නේද?“

 

“මොන යුවතියද හලෝ? තමුසෙගෙ සිත්ගත් යුවතියන් කීදෙනෙක්ය කියල ඉන්නවද? අහවල් යුවතිය ගැනද ඔය කියන්නෙ?” 

 

“හරි හරි ඉතිං කලබල නැතුව ඉන්නවාකො කියන්ට. අර කොටුවෙ ඉඳල නුවර යන කෝච්චියෙදි මට මුණ ගැහුනු යුවතිය? අර එයාගෙ අම්ම ටොයිලට් එකට ගිහිල්ල වතුර නැතුව…?”

“ආ..හරි..හරි..ඒ යුවතිය ගැනද මේ කියන්නෙ? ඉතිං එයා ගැන මොකද?”

 

“නෑ මම මේ කියන්ට ආවෙ ඒ කතාව ඉවරයක් කලෙත් නෑනෙ මම”

“ආ..ඒක නං ගණං ගන්ට එපා..ඔහේ ඉතිං කවද්ද කතන්දරයක් එක දිගට ලියල ඉවර කලේ? ව්‍යාතිරේකයක් වෙන්නෙ එහෙම ඉවර කලොත් තමයි”

 

“හරි හරි මම වරද පිළිගන්නව.ඒත් එහෙම වෙන්ට හේතු කියන්ටත් එපාය”

“ඔහේ ඉතිං හේතු නං කියයි දාහක්. අර කිතුල් ගහට ගිය මනුස්සයටත්…නෑ මේ බැඳුංකර වංචාවට අතේ කෝට් වෙච්චි මහේන්ද්‍රනුත් අර කියල තියෙන්නෙ රට ආර්ථික අවපාතෙන් ගොඩගන්ට සද් බාවයෙනුයි ඒ මගඩිය කලේ කියල”

 

“මේ ඕන එකකට ඒ මනුස්සය ඇදල ගන්ට එපා හරිද?..මහේන්ද්‍රන්…..මහේන්ද්‍රන්….මහේන්ද්‍රන්..බැඳුංකර….බැඳුංකර….බැඳුංකර…. මට කියන්ට දෙනවකො විස්තරේ”

“හරි කියනව කියනව”

 

“මෙහෙමයි ඇත්තම කිව්වොත් සිද්ද වෙන්නෙ. ඔන්න මං එක කතාවක් එක දිගටම ලියල ඉවර කරන්ට කියල එක හිත් හිතාගෙන අදිස්ටාන පූර්වකව දෙයියම්පල්ල බුදුම්පල්ල කිව්වොත් කිව්ව ඔන්න කියල ඉන්නකොට අනපේක්සිත නොහොත් නොසිතූ වීරූ මොකක් හරි දෙයක් සිද්ද වෙලා ඒ මම හිතාගෙන හිටපු ක්‍රියා පටිපාටිය එහෙම්මම බිඳ වැටෙනව”

 

“අනේ මේ….. නිකං විකාර කියවන්නෙ නැතුව ඉන්නවද? මොනවද ඔය අනපේක්සිත සිද්දි? එකක් කියනව බලන්ට අපිටත් දැනගන්ට”

 

“හරි ඉන්නවකො කියන්ට. වෙන මොකවත් ඕන නෑ. මේ අද වෙච්චි දේ බලනව”

 

“අද? අද මොකද්ද වුනේ?”

 

“මම ඔන්න ඊයේ රෑ දෙගොඩහරිය වෙනකල් ලිව්ව අර දුම්රියේ හමුවූ ඒ සොඳුරු යුවතියගෙ කතන්දරේ. ලියල ඉවරයක් කරල එක දිගටම දාන්ටයි හිතාගෙන හිටියෙ. ඉවරයක් වෙලා යන්ට. ඔය විනිස්චය කාරවරු එක දිගටම නඩු අහල ඉවරයක්ම කරල දාන්ට තීරණය කරන්නෙ අන්න ඒ විදිහට. බැඳුම්කර වංචාව පිළිබඳව විගණකාධිපතිට විරුද්ධව පවරා ඇති නඩුව ලබන දෙසැම්බර් 16 වන දින සිට නොකඩවා විභාගයට ගැනීමට මූල්‍ය වංචා පිළිබඳ මහාධිකරණ විනිසුරු අර්ජුන් මහේන්ද්‍රන් මහතා අද තීරණය කළේය. ඒ සඳහා අපක්ෂපාතී අති විශේෂ ජූරි සභාව වශයෙන් අතිගරු අධිනීතීඥ රනිල් වික්‍රමසිංහ (පා.ම.) අතිගරු අධිනීතීඥ ලක්ෂ්මන් කිරිඇල්ල (පා.ම.) අතිගරු ආචාර්ය හර්ෂ ද සිල්වා (පා.ම.) සහ අතිගරු සුජීව සේනසිංහ (පා.ම.) යන මහත්වරුන් කටයුතු කරනු ඇත.”

 

“ඔය ඉතිං ඕකනෙ කියන්නෙ. දැං කවුද අර ඇම්ඩගෙ මැක්ක වගෙ ආයම මහේන්ද්‍රන්ව ඇදල ගත්තෙ.”

“හරි හරි සොරි සොරි…ඉතිං වෙච්චි වැඩේ මේකයි. අර දුම්රියේ හමුවූ ඇය ගැන ලිය ලිය ඉන්නකොට මගෙ යාලුවෙක් කතා කලා. මචං දන්නවද වැඩක්? ….කියන්නෙ නැතුව දන්නෙ කොහොමද බං?…. හරි, හරි අමරදේව මාස්ටර් අභාවප්‍රාප්ත වෙලා…..නෑහ්? උදේ මම දැක්ක ජයවර්ධන පුර හොස්පිට්ල් එකට ඇඩ්මිට් කලාය කියල…….ඔව්..දැන් ටිකකට කලින් නැතිවෙලා තියෙන්නෙ.”

 

“හප්පා. එහෙමද? “

 

“ඔව්නෙ. ඉතිං මම මේ කියන්ට ආවෙ මේකයි. ඉතිං අද අර යුවතිය ගැන පෝස්ට් එක පබ්ලිෂ් කිරිල්ල පැත්තක තියලමාස්ටර් ගැන සමරු සටහනක් ලියන්ටම වෙනව. හ්ම්ම්ම්…..”

 

“ඔව්..ඔව්…එහෙම වෙන්ටම එපාය..හරි එහෙනං අද මාස්ටර් ගැන ලියමුකො.”

ඉතිං ඔය ඉහත සංවාදය පැවැත්වුනෙ මගෙම උඩුහිතයි යටිහිතයි අතර. අමරදේව මාස්ටර්ගෙත් එහෙම උඩුහිත සහ යටිහිත අතර පැවැත්වෙන කතාබහක් ගැන කියවෙන ගීතයක් තියනව. ඒ ගීතයෙ උඩුහිත වික්ටර්… යටිහිත අමරදේව.

තද කළු පාටින් නොහොත් බෝල්ඩ් තියෙන්නෙ යටිහිත නොහොත් අමරදේව….

ඇයගේ ඇකයෙහි ඔබ හිස රඳවා

සැනැහුනු මොහොතක

ඔබේම දෙනෙතින් මා ඔබ දු‍ටුවා

ඇයට නොවේ

ඔබට පමණි ඔබ ආදරේ

වසන්ත දෙකොපුල නිදි වැරු තොල් මල

දසැඟිලි තුඩු අග පිබිදුණු රනහස

ඇයට ආදරේ ආදරේ මම

ඇයට ආදරේ ආදරේ

ඇගේ සුරත ගෙන පිණි විල්ලුද මත

ඇයට ඇලුම් බව ඔබ පැවසූ පසු

පෙරළා ඔබ හට පෙම් කරණා බව

ඇය මුමුණන සඳ

ඔබ සිත සුවපත් වේ

ඔබ සිත සුවපත් වේ

ඇයට පමණි මම ආදරේ

ඔබට පමණි ඔබ ආදරේ

ඇයට පමණි මම ආදරේ

ඔබට පමණි ඔබ ආදරේ

ඇයට පමණි මම ආදරේ

ඔබට පමණි ඔබ ආදරේ

පද රචනය – බණ්ඩාර කේ. විජේතුංග,

ගායනය – අමරදේව සහ වික්ටර්

 

Read 382 times Last modified on Saturday, 05 November 2016 15:46

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.