Sunday, 30 October 2016 21:23

නා බබාගෙන් දහම් බබාට...! සරද සමරසිංහ

Written by 
Rate this item
(0 votes)

ටෙලිෆෝන් හැකින්ස්, ඊමේල් හැකින්ස් වගේ බර බර ටෙක්නෝක්‍රිටික්ස් වැඩ අස්සේ හරි සරල වැඩක් තියනව 'ලියුං හැකින්ස්' කියලා. ඒ කිවුවෙ මේ අනුන්ගේ ලියුම් කඩලා කියවීම. මේක බොහොම නොසණ්ඩාල පුරුද්දක් කියලා තමයි කියන්නේ. ඒ උනාට සමහර සමහරුන් සමහරුන්ට යවන ලියුම් නොකඩා ඉන්නෙ කොහොමද? 

 

මේ දවස්වල තංගල්ලෙන් ලියුම් පෙට්ටියට ගිහින් කොළඹ විජේරාම මාවතෙන් එළියට එන ලියුමක් නොකියවා ඉන්නේ කවුද?

හිතවත් දහම් මලේ,

අර නයිට් කලබ් සීන් එකෙන් පස්සේ ඔයා ගැන ආරංචියක්වත් නැති හින්දයි මේ ලියුම ලියන්න හිතුනේ. ඇත්තටම ඔයා පොළොන්නරුවේ වී බිස්සක හරි කොළඹ ගෙදර ඇඳක් යට හරි හැංගිලාද ඉන්නේ? කමක් නෑ ඔහොම ලෝ ප්‍රොෆයිල් එකේ ඉඳල පස්සේ ඇරියස් එක්ක එළියට එන්න පුළුවන්. තව සතියකින් විතර වෙන ඉෂු එකක් මීඩියා එකේ හිට් කරපු ගමන් ඔයා ගොඩ..!

රටේ ප්‍රධාන පුරවැසියාගේ පුතා නොහොත් රටේ ප්‍රධාන පුත්‍රයාගෙ රෝල් එක තවම ඔයාට හුරු නැති ගතියක් පෙනෙනවා. සමහරු නම් කියන්නේ ඔයාගේ තාත්තාටත් එහෙමයි කියල. මට නම් ඔය රෝල් එක අවුරුදු දහයක් තිස්සේ කරලා හොඳට හුරුයි. ගේම් කීයක් නම් දුන්නද? තාමත් ඒවා දිගඇරගන්න බැරිව කට්ටිය දඟලනවා. කමක් නෑ පස්සේ හරියයි. තාම අවුරුදු දෙකක්වත් නෑනේ.

අපේ යෝෂිත මලයා නම් කියන්නේ ඔය රෝල් එක කරන්න ඔයාට හරි ටීම් එකක් නෑ කියල. ඒකට මතකද ඒ දවස්වල... මලයයි මායි අපේ සෙට් එකයි රටම හොල්මන් වෙන ගේමක්නේ දුන්නේ. මතකද ඇමතිවරුත් කොර වෙලා හිටියේ.

අනික සහෝ ඔය නයිට් ක්ලබ් ගේම් දැන් හරි පරණයිනේ. ඔයිට වඩා කොච්චර ‘මොඩ්’ සෙල්ලම් තියනවද? දැන් ඔය වගේ ගේම් අයිති ප්‍රධාන පුත්‍රයින්ට නෙමෙයි පරිවාරයේ ඉන්න පුත්‍රයින්ටනේ. ඔයිට වඩා දියුණු වැඩ කරන්න පුරුදු වෙන්න. ඔයා ගේම් වලට ඔච්චර ආසනම් අර ස්ටොක් මාර්කට් එක පැත්තෙ එන්නකෝ. එකේ සෙල්ලම් කරන්න පුළුවන්. හරි වැදගත්. අපිට ගැලපෙනවා. කොම්පැනි දෙක තුනක් අරින එක විතරයි තියෙන්නේ. මමත් කරානේ. නයිට් කලබ් වගේ චාටර් නෑ... මරු...!

මොන එකකටද මන්ද අපේ රටේ මිනිස්සුන්ට නයිට් ක්ලබ් පේන්නේ LTTE එක වගේ. උන් දන්නේ නැහැනේ මේකේ තියන ආතල් එක. හැබැයි ඉතිං මං නම් ඉමේජ් එකක් හදාගෙන ඉන්නේ කලබ් ගානේ රස්තියාදු වෙන්නේ නැති හොඳ බබෙක් කියල. හෙට අනිද්ද රට බාරගන්න ඉන්න අපිට ඔය ඉමේජ් එක හරි වටිනවා සහෝ.

ඔයාට තව ඉගෙන ගන්ඩයි තිබුනේ. ඒක හරිම වැදගත්. දැනුත් ප්‍රමාද නෑ. දැන් හරි ලේසියි. මොකෙක්ද වෙන්ඩ ඕනි කියල හිතන එක විතරයි තියෙන්නේ. මාත් කළු කෝට් දාගෙන උසාවි යන්නේ. අනික මං ඔයාට කියන්නමයි හිටියෙ. හැම වෙලාවෙම වාහනේ සුදු කිට් එකක් තියා ගන්න. අතේ සුදු නූල් මිටියක් නිකමට වගේ බැඳගෙන ඉන්න. ඔය ක්ලබ් ගිහින් එන ගමන් චේන්ජ් එකකටත් එක්ක සුදු කිටට බැහැල නිකමට වගේ අහල පහල පන්සල් වලට ගොඩ වෙන්න පුරුදු වෙන්න. හාමුදුරුවෝ මොන මඟුල කීවත් දණ ගහගෙන අහන් ඉන්න. සං සං ගාල වැඩේ පත්තු වෙනවා සිකුරුයි. එතකොට ඔය දහම් කොලුව කිය කිය ඔයාට කෝචෝක් දාන මිනිස්සු 'දහම් පුතා' කියල කියයි.

අනික තමයි මේවගේ හොඳ බබා ඉමේජ් එකක් තියාගෙන ක්ලබ් එකක ඉඳ හිට චාටර් උනත් කමක් නෑ. නයිට් ක්ලබ් යන තරුණයන්ව සුමගට ගන්න දහම් පණිවිඩයක් අරන් ඔයා කලබ් ගියේ කියල බර ටෝකක් උනත් එතකොට දෙන්න පුළුවන්. 

මේ සිද්ධිය ගැන අපේ තාත්ත නම් කියන්නේ පුදුම කතාවක්. එයා කියනව ඔය දහම් ළමය ඔච්චර ආසනම් නයිට් ක්ලබ් එකක් එයාටම දාල දුන්නනම් ඉවරයිනේ කියල. අපේ තාත්ත එහෙමනේ. ඉල්ලන දේ දෙනවා. එතකොට අපි එළියේ ගෝරි බෝරි දාගන්නේ නෑනේ. දැන් පුංචි මලය සැටලයිට් ඉල්ලුව... දුන්නා ... යෝෂිතයි මමයි කොච්චර දේවල් ඉල්ලුවද... කාර්, රගර්, ප්ලේන්, ගෑණු ළමයි..... ඔක්කොම දුන්නනේ. ඉතිං අපි මහ පාරේ දඟ වැඩ කරන්නේ නැතුව හිටියනේ...! නේද...?

හරි හරි මට තේරෙනවා ඔයා හිතන දේ... ඕව කරන්න කොහෙන්ද සල්ලි නේ? සල්ලි හම්බවෙයි. අපි පටන් ගත්තෙත් බිංදුවෙන්නේ. දැන් කොහොමද? ඇල් වතුරත් නිමල බොන ජාතියේ යහපාලන සීතල මිනිස්සු ඔයාලගේ ගෙදර හැම අස්සක් මුල්ලක් නෑරම ඉන්නකොට නිදහසේ පොඩි ආතල් එකක් දාන්නත් අමාරුයි තමයි... ඒත් ඉතිං ඔයාගේ තාත්තගේ අලුත් යාළුවාගෙන් ඇහුවානම් හීන් නුලෙන් ගේම් දෙන හැටි ඉගෙන ගන්න පුළුවන්. තව කොච්චර කට්ටිය ඉන්නවද ඇඩ්වයිස් ගන්නනං. අර හඟුරන්කෙත බංඩ අන්කලුත් උදවු කරයි.

ඔයාට ඩඩ්ලි බාප්පගේම පිහිටයි!

මීට,
නාමල් 

 

බූන්දියෙන් උපුටාගැනීමකි

Read 351 times Last modified on Wednesday, 02 November 2016 00:29

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.