Tuesday, 08 December 2020 08:02

‘‘සිස්ටම්’’ එක වෙනස් කළ යුතු ද ? Featured

Written by 
Rate this item
(0 votes)

ආර්ථිකය යනු මිනිසුන් එකිනෙකා හා ගැට ගසා ඇති අදෘශ්‍යමාන හස්තයකි. එය මහා ප‍්‍රබලත්වයක් ගනී. අද වන විට සකල මිනිස් වර්ගයාගේ ම මිනිස් මනෝභාවයන් හැඩගස්වා ඇත්තේ ආර්ථිකය විසිනි. එහි විශේෂත්වය වන්නේ එය කිසිවෙකුගේ අනුදැනුමෙන් හෝ මෙහෙයවීමෙන් තොරව ක‍්‍රියාත්මක වීමත් ඊට අනුගතව සිය`ඵ මානව ප‍්‍රාණීන්ට ම කටයුතු කිරීමට සිදුවීමත් ය. වෙනත් ලෙසකින් කිවහොත් නහය විදීමෙන් නාස් ලණුවක් දමා ගවයා කරත්තයක බැඳ අවශ්‍ය තැනකට ගෙන යා හැක්කේ යම් සේ ද ආර්ථිකය නමැති නාස් ලණුවෙන් මිනිසුන්ව ද කිසියම් දිශාවකට ගෙන යන්නේ ය. දිය මතුපිට වන් ඔරුවක ඉරණම රළ මත තීරණය වන්නා සේ මිනිසාගේ ඉරණම ද ආර්ථිකය මත තීරණය වේ.

 

මාක්ස්වාදීන් වන අප ආර්ථික ක‍්‍රියාවලිය වෙනස් කිරීමෙන් හා පාලනය කිරීමෙන් මිනිසාගේ අනාගතය වෙනස් කරගත හැකියි විශ්වාස කරන්නේ මෙනිසා ය. ප‍්‍රථම කොටම මිනිසුන් මානුෂික විය යුතු ය. එහෙත් අද අප අත්දකින්නේ කුමක් ද? මිනිසුන් කොටසක් මිනිසුන්ගේ ම රුහිරු හලා දමමින් හා පෙලා දමමින් සත්ව චර්යාවන්ටත් වඩා පිරිහුණු තත්වයකි. මු`ඵ මහත් විශ්ව සමාජය   පුරා ම ඇත්තේ අනවරත ගැටුම් ය. පළිගැනීම් හා වෛරයේ සුළං සදිසාවෙන් ම ඇදී එයි. ලෝකයේ ආහාර අවශ්‍යතාවය ද ඉක්මවා නිෂ්පාදනයක් අත්පත් කරගෙන තිබිය දීත් දිනකට ලොව පුරා  25000 කට අධික ජනකායක් බඩගින්නේ මියැදෙන්නේ මෙනිසා ය. ¥ෂණ, මංපැහැරීම්, මිනීමැරීම් මෙන්ම ජන ඝාතක යුද්ධ ඇවිලී ඇත්තේ මෙනිසා ය. පීඩිත මානසික ආතතියකින් යුක්ත වූ මිනිස් ප‍්‍රජාවක් ශේෂ වී ඇත්තේ මෙනිසා ය. ජීවත් වීමට සරිලන රැුකියාවක් නොමැතිව මහම`ග කෝටි සංඛ්‍යාත ජන ප‍්‍රජාවක් විවිධ උපද්‍රවයන්ට ගොදුරු වන්නේ මෙනිසා ය. ගණිකා වෘත්තියේ යෙදෙන එවැනිම වූ වනිතා පරපුරක් බිහිව ඇත්තේ එනිසා ය. මත්කුඩු, මං පැහැරීම්, කුලී ඝාතක ප‍්‍රජාවන් බිහිව ඇත්තේ ද එහි ම ප‍්‍රතිඵලයෙනි. ලෝකයේ පුද්ගලයින් 7 ක ගේ ධනයට ලෝකයේ රටවල් හරි අඩක ආර්ථික වටිනාකම සමාන වී ඇත්තේ මේනිසා ය.

 

ලෝක ජනගහනයෙන් 20% ක ගේ ආදායම ලොව දුප්පත්ම රටවල ජනයාගේ ආදායම මෙන් 75 ගුණයකටත් වඩා විශාල ව ඇත්තේ ද ලොව ඉහළම ආදායම් ලබන 20% දෙනා ලෝක දළ දේශීය නිෂ්පාදනයෙන් 86% ක් භූක්ති විඳින්නේ ද මේ නිසාය. ලොව ලොකුම පොහොසතා වන ඇමරිකානු ජාතික බිල් ගේට්ස්ගේ වාර්ෂික වත්කම දිළිඳු ඇමරිකානුවන් මිලියන 106 ක ගේ නැතහොත් චීනයේ ද.දේ. නිෂ්පාදනය තරම් විශාල වී ඇත්තේ එනිසා ය.

 

ඉදින් මේසා විශාල ඇති නැති පරතරයක් සමාජයේ පවතිද්දී සමාජය යහපත් වන්නේ කෙසේ ද කුසගින්න, මන්දපෝෂණය, රෝග පීඩා, වසංගතවලින් සමාජය ගැලවෙන්නේ කෙසේ ද?, හොරකම්, මත්ද්‍රව්‍ය, ඝාතනවලින් මිදෙන්නේ කෙසේ ද? දිනෙන් දින උග‍්‍ර වන ණය බරින් දිළිඳු පුද්ගලයින් ද රටවල් ද ධනවතුන්ගේ හා ධනවත් රටවල්වල වියගහට තබා බැඳෙනවා හැර ඉන් මිදෙන්නේ නැත. වත්මන වන විට ලාංකික අප අත්විඳින්නේ එම කටුක ඉරණමේ කුරිරු අත්දැකීමට ය. එහි ශාපලත් පීඩාවට ය. සහනයක දෑස් දල්වා ආණ්ඩුවකින් ආණ්ඩුවකට මාරු වුව ද කරවටක් ගිලූණු නරකාදියෙන් තවත් ගිලෙනවා විනා මිදීමක් නොමැත්තේ එනිසා ය.

 

එළඹ ඇත්තේ එය වෙනස් කිරීම සඳහා වූ කාලයකි, වගකීමකිත යුතුකමකි. ඒ සඳහා කැපවීමෙන් තොරව ඵලයක් අත්කර ගත නොහැක. පවත්නා ආර්ථිකය හැදෑරිය යුත්තේ ඒ නිසා ය. ඒ වෙනුවෙනි.

 

ඉදින් මේ ආර්ථිකය වෙනස් කළ යුතු නොවෙන්නේ ද? එය වෙනස් කළ යුතු ය. වෙනස් කළ හැකි ය. උත්තුංග සැබෑ මානවවාදී සමාජයක්, සැම දෙනාම සතුටින් සිටිය හැකි සමාජයක් බිහි කරගත හැක්කේ එමගින් පමණි. ඒ සඳහා ආර්ථිකයේ සැබෑ මූලයන් හා එහි හැසිරීම් හොඳින් ග‍්‍රහණය කරගත යුතු ය. ඒ පිළිබඳව මහා පරිශ‍්‍රමයක් සිය ජීවිත කාලයෙන් වසර 40 ට වඩා දරමින් කැප කිරීමක් කළ විශ්ව මානව පේ‍්‍රමියා කාල් මාර්ක්ස් ය. එහිලා පෙඞ්ඩි‍්‍රක් එංගල්ස් ද සම තැනක් ගත් අතර වී. අයි. ලෙනින් විසින් ද කොටස් පූර්ණය කරන ලදී. ඉඳින් මේ වෑයම් ගන්නේ එහි මූලික හරය පිළිබඳ අත ගෑමට ය. ඒ සඳහා ඔබේ ආශීර්වාදය පතමු.

 

මිනිසා සහ සමාජය

 

මිනිසුන් තනිව ජීවත් නොවෙයි. ඔවුන් ජාති, කුල, ආගම්, පවුල් ලෙස බෙදුන ද ජීවත් වන්නේ එකට ය. එය සමාජයයි. සමාජය තුළ එකිනෙකා අතර මිල දී ගැනීම් සිදුවේ. එය හුවමාරුවයි. හුවමාරු වන දෑ හුවමාරු භාණ්ඩ නම් වේ. එවිට සමාජයක් තුළ වන මෙම හුවමාරු ක‍්‍රියාවලිය ආර්ථික ක‍්‍රියාවලිය ලෙස හැඳින්වේ. එම හුවමාරු වන සමාජය ආර්ථිකය ලෙස නම් වේ.

 

ආර්ථිකයක ඇති කුඩා ම ශෛලය (ඒකකය* වන්නේ හුවමාරු භාණ්ඩයයි. භාණ්ඩයක් නිපදවන්නේ ගෘහයක, ආයතනයක හෝ ගොවි බිමක ය. ඒ සඳහා මිනිසුන් දහඩිය වගුරා වෙහෙසවිය යුතු ය. මෙම වෙහෙසවීම ශ‍්‍රමය ලෙස හැඳින්වේ. එවිට කිසියම් භාණ්ඩයක් තුළ එය නිපදවීම සඳහා වැයකළ ශ‍්‍රම ප‍්‍රමාණය අන්තර්ගත වේ.

 

කිසියම් ශ‍්‍රම ප‍්‍රමාණයක් නිපදවීම සඳහා ආහාර, විදුලිය, තාක්‍ෂණය, අධ්‍යාපනය, සනීපාරක්ෂාව ආදී වශයෙන් වන  ද්‍රව්‍ය අවශ්‍ය  වේ. එනම් ඒ සඳහා වියදමක් දැරිය යුතු ය. එය ශ‍්‍රම ප‍්‍රමාණයේ වියදම වන අතර එය භාණ්ඩයක් නිපදවීම සඳහා දැරිය යුතු වේ. එවිට භාණ්ඩයේ මිල වනුයේ,

 

භාණ්ඩයේ මිල = අමුද්‍රව්‍ය වියදම + ශ‍්‍රම ප‍්‍රමාණයේ වියදම වේ.

 

ආදි කල්පිත ප‍්‍රථම මිනිස් සාමූහිකය (සමාජය* තුළ හුවමාරුවක් සිදු නොවූ තරම් ය. එක් එක් මිනිස් සාමූහිකයන් තමනට අවශ්‍ය දේ තමන්ම නිපදවා ගති. අවශ්‍යතා බෙහෙවින් සීමා සහිත වීමත් ඒවා බොහොමයක් සොබා දහමෙන් ලබා ගැනීමෙන් ඊට හේතු විය. එහෙත් සමාජය වඩා සංකීර්ණවත්ම මිනිස් අවශ්‍යතා පළල් වී ගිය අතර, ඒවා තනි සමාජයකට සපුරා ගැනීම දුෂ්කර විය. ධීවරයින් මා`ඵ ඇල්ලීමටත්, ගොවියන් වගා කිරීමටත් කුඹල්කරුවන් වලං සෑදීමටත් වඩුවන් ලී බඩු සෑදීමටත් ආදී වශයෙන් සමාජය තුළ ක්‍ෂේත‍්‍රයන් බෙදී යන ලදි. මෙවිට කිසියම් මිනිස් අවශ්‍යතාවයක් පූර්ණ කර ගැනීම සඳහා මෙකී ක්‍ෂේත‍්‍රවල නිෂ්පාදන ඒකරාශී විය යුතු විය. ආදි කල්පිත සමාජය තුළ භාණ්ඩ හුවමාරුව උපත ලද්දේ ඒ අයුරිනි. එනම් භාණ්ඩයකට භාණ්ඩයක් හුවමාරු වීමයි. උදා : ලෙස ගතහොත් ගොවියා සහල් දී වළං හා මා`ඵ ලබා ගත්තා සේ ධීවරයා මා`ඵ දී වලං හා සහල් ලබා ගන්නා ලදි.

 

භාණ්ඩ හුවවාරුව අතිශය දුෂ්කර වූවක් විය. එමෙන් ම හිරිහැරදායක විය. උදාහරණයකින් කිවහොත් වලං සාදන්නකුට හැ¥ වලං ටිකත් රැුගෙන ගොවියකු ළ`ගටත් ධීවරයකු ළ`ගටත් යාමට සිදුවිය. එපමණකින් ගනුදෙනුව සිදුවූයේ නැත. ගොවියාට හා ධීවරයාට වලං අවශ්‍ය වී තිබිය යුතු විය. එසේ ම අනාරක්ෂිත ද විය. ඒ සඳහා විශාල කාලයක් හා ශ‍්‍රමයක් මිඩංගු කිරීමට ද සිදුවිය. මේ නිසා මිනිසුන් ඊට පිළිතුරක් සෙවීමේ නිතර වන ලදී.

 

භාණ්ඩ හුවමාරුව අතරට මුදල් පැමිණෙනුයේ මේ ගැට`ඵවට පිළිතුරක් පරිද්දෙනි. එනම් මුදල් යනු පොදු භාණ්ඩයකි. අතරමැදි භාණ්ඩයකි. එවිට ගනුදෙනුව සිදුවන්නේ,

කාගේත් පිළිගැනීමට හා පහසුවෙන් ගෙන යා හැකි දෙයක් මුලදී මුදල් ලෙස භාවිතා කරන ලදී. මුල් කාලයේ දී සිප්පි කටු වැනි දෑ යොදා ගත්ත ද පසුව රත්ත‍්‍රං වැනි දුර්ලභ දෙයක් යොදා ගන්නා ලදී. පසු කාලයේ දී රාජ්‍ය මුද්‍රාව මේ සඳහා එක්වීමෙන් එහි නෛතික හැඩයක් ගන්නා ලදි.

 

මුදල්වල පැමිණීම මිනිසුන්ගේ කටයුතු පහසු කළා පමණක් නොව එය සමාජය පංතිවලට ද බෙදා දමන ලදි. එනම් මුදල් ඒකරාශී කර ගැනීමෙන් ධනවතුන් ද, මුදල් අහිමි වීමෙන් දුප්පතුන් ද ලෙස සමාජය බෙදා දමන ලදී. 

 

- දේවක

Read 214 times Last modified on Tuesday, 08 December 2020 13:21

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.