Saturday, 28 November 2020 18:49

ශ්‍රී ලාංකික සමාජවාදී විප්ලවය ෆැන්ටසියක්ද, යථාර්තයක්ද ? Featured

Written by 
Rate this item
(0 votes)

1952 දී වාමාංශික ව්‍යාපාරය ප්‍රමුඛ කරගෙන පවත්වන ලද ප්‍රභල "හර්තාල්" ව්‍යාපාරය මගින්ද, 1971 දී සහ 1989 දී ජ.වි.පෙ මූලිකත්වයෙන් සිදුකරන ලද විප්ලවකාරී කැරළි 2 ක් මගින්ද ශ්‍රී ලංකා භූමි තලයේ කම්කරු අධිපතිත්වය සහිත රාජ්‍යයක් පිහිටුවීමේ ආසන්න උත්සාහයන් කීපයක් ඇතිවූබව අප දනිමු.මේවා පරාජයෙන් කෙලවර වූවද, ඒවායේ ධනාත්මක සාධක අද දක්වාම සමාජයේ බල පවත්වන බවද රහසක් නොවේ.මීට අමතරව "80 වැඩවර්ජය"ද ලාංකික දේශපාලනය තුල තවත් එක් ආකාරයකින් වැඩකරන පංතිය, මෙම පාලක "හෙජමොනික"බලය (හෙජමොනික බලය යනු පාලක පංතිය විසින් පීඩිත ජනතාව මත නඩත්තුකරගෙන යන, ඔවුන්ගේ කැමැත්ත මත හෝ බලහත්කාරය මත හොබවන බලයයි) දරන්නාවූ පාලක පංතියට එල්ලකල බලවත් පහරක් (resistance ) වූවද, ඒ ක්‍රියාමාර්ගය තුල එක් දිශානතියකට වූ සම්ප්‍රයුක්ත බලයක් නොවූයෙන් මුලින් දැක්වූ ඓතිහාසික පැනනැගීම් තුන අද දක්වාම ලාංකීය සමාජය තුල සමාජවාදී ආකෘතියක පිහිටා හෝ ඒ මත පදනම්වූ ප්‍රභල ගනයේ ක්‍රියාන්විත වූ බවනම් සැබෑවකි.

 

එහෙත් තවත් එක් විශේෂිත ලක්ශනයක් ලෙස ගෙනහැර දැක්විය හැක්කේ ඉහත පැනනැගුනු කිසිදු අරගලයකදීවත් ජාත්‍යාන්තර ප්‍රජාවගේ හෝ ජාත්‍යාන්තර වාමාංශික ව්‍යාපාරවල හෝ කිසියම්ම වූ සාධනීය පිටුවහලක් ඒවාට නොලැබී යාමයි.

 

මානව හිමිකම් උල්ලංඝනය වීම් කරණකොටගෙන විදේශ මානව හිමිකම් ආයතන මගින් ඇතිවූ යම් ප්‍රමාණයක තෙරපුම ඇරෙන්නට ඒ අරගල හුදෙක් රටතුලටම සීමාවූ ආකාරයේ ඒවා විය.එපමනක් නොව, 70 දශකයෙන් ඉක්බිතිව ලොව පුරාමත් ඇතිවූ විප්ලවකාරී ව්‍යාපාරවල අරගල ජයග්‍රාහීව අවසන්වූ ඒවා නොවීය.ලතින් ඇමරිකානු කලාපයේ ඇතිවූ සැන්ඩනිස්ටා ව්‍යාපාරය (Sandinista Movement), ෆරබුන්ඩෝ මාර්ටි ව්‍යාපාරය (Farabundo Marti Movement), චිලියෙහි අයන්ඩේගේ උත්සාහය, කම්පුචියා හි බල අරගලය, ආදි මෙකී නොකී සියල්ලමත් මහා ආශ්වාදජනක ලෙසත්, ලොවපුරා වාම ක්‍රියාධාරීන්ටත් උත්තේජනයක් ඇතිවිය හැකි ලෙසකටවත් අවසන්වූ ඒවා නොවීය. ඇත්ත වශයෙන්ම කියුබාවේදී කස්ත්‍රෝ-ගෙවාරා ප්‍රමුක විප්ලවවාදීන් ලොවපුරා වාම ක්‍රියාධරයිනට අත්කරදුන් සුවිසල් ප්‍රායෝගික නිදර්ශනයත්, වියට්නාමයේ ඇමරිකන් හමුදා පලවාහැර වියට්නාමය තුල ඇතිකල යම් සමාජවාදී රාමුවක පිහිටවූ පාලණ ක්‍රමයත් පමනක්ම මේ දක්වා ලොවපුරා 50 දශකයෙන් පසු ඇතිවූ වඩාත්ම ධනාත්මක පෙරලි වේ.

 

මේ තත්වය ලංකාවේ දේශපාලනය තුලදී විග්‍රහ කරනවිටදී, ලංකාව තුල 1935 වකවානුව තුල සිට මේ දක්වා වාමාංශික ක්‍රියාකාරිත්වය ගත්විට ආරම්භයේදී ඊට තිබූ විභවයන් අදවනවිට ක්ෂයවීයන ආකාරයක් හොදින් දෘශ්‍යමාන වනබව අප සැඟවියයුතු නොවේ. මේ සඳහා බලපාන්නාවූ විවිධ සාධක ජාත්‍යාන්තරවත් ඇතිමුත් ලංකාවතුල අදපවා අපසතුව ඇති මනා පලපුරුදු වාමාංශික ක්‍රියාධරයින් ප්‍රමාණය සැලකූවිට ඊට සමානකලහැකි වෙනත් ආසියාතික රටක් සොයාගැනීම උගහට බැව් මාගේ හැඟීමයි.පරාජයවුනු අරගල දෙකකට දායකත්වය දුන් වාමාංශික ක්‍රියාධරයන් අතිවිශාල ප්‍රමාණයකගේ දායකත්වය සහ ඔවුන්ගේ අත්දැකීම් සම්භාරය හරිහැටි මේ දක්වා එක්තැන්කරගැනීමට අපොහොසත්කමද, පවතින්නාවූ වමේ පක්ශ සහ ඒවායේ ක්‍රියාධරයින් තම තමන් නියෝජනය කරන්නාවූ තමන්ගේ පක්ශවලටම කොටුවී අනෙක් වාමාංශික පක්ශවල ක්‍රියාධරයින් තම "අනෙකා" ලෙස සිතීමටත්, ඒ අනුව ඔවු නොවුන් එකිනෙකා කෙරෙහි විරුද්ධාභාසයෙන් ක්‍රියාත්මක වීමට පටන්ගැනීමත්, ජාත්‍යාන්තර වාමවාදී දියුණු ක්‍රියාමාර්ග වෙනුවට රටතුලටම කොටුවූ ජාතික ක්‍රියාමාර්ගවල ගිලීසිටීමත්, ඊලඟ ඓතිහාසික නිශ්පාදන ක්‍රමය ඉදිරියට ගෙනඒම වෙනුවෙන් පෙනීසිටීම වෙනුවට පවතින ක්‍රමයේ තාවකාලික ඒජන්තයන් වන අවුරුදු 5න් 5 ට පත්වන ආන්ඩු සමග තම ඇරියස් යවාගැනීමට හැප්පීමත් යන මේදක්වාම සාධනීය ප්‍රතිඵල අත්නොවුනු දේවලම නැවත නැවතත්‍ යෙදීසිටීමත් යන කාරණා මෙසේ ලාංකීය වාම ව්‍යාපාරය ක්‍රමයෙන් ක්ශයවීමට කෙලින්ම අභිමුකවන කාරනා ලෙස අප හඳුනාගත යුතුය.

 

ඊට අමතරවද, ලංකාව වැනි පරිධියේ ඇති රටවල මුල්බැස ඇති සංස්කෘතික පසුගාමී ලක්ෂන වාම ව්‍යාපාරයන්ටද කාන්දුවීම ලංකාව වැනි රටවල ධනේශ්වර ක්‍රමය වර්ධනය වීම වෙනුවට උත්තරාරෝපිත අවවර්ධිත ධනේශ්වර ක්‍රමයක් ආරෝපිත වීම සහ එහි ප්‍රතිපලයක් ලෙස දියුනු කම්කරු පංතියක් මතුවීම වෙනුවට දුගීකරණය ආදේශිත වීම, වැනි වෙනත් කරුනුද ඉහත හේතූන් වෙනුවට කෙනෙකුට දැක්විය හැකිය.......

 

(2වන කොටස ලබන සතියේ)

 

- KAYA.

Read 174 times

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.