ලංකාවේ නඩු බලවන බැලවිල්ල හා අධිකරණ පද්දතියම අමු ගූ ගොඩක් බව අමුතුවෙන් කියන්න ඕනා නැතිය. අලි හොරු, රේප් කේස් කාරයෝ, පගා කාරයෝ, බඩු කාරයෝ, නඩු බලවන තැනක් ගැන කිසියම් කෙන්ක්ගේ පැහැදීමක් කියා එකක් තිබේ නම් ඌ අමු ගොනෙක් විය යුතුය. එසේ නොමැති නම් මොළේ අති දරුණු ගනයේ රෝගයක් තිබිය යුතුමය.
ඩීල්දාසයා මෙතෙක් කලක් අධිකරණ ඇමති ලෙස උන්නාට, ඒ උන්නැහේට දොස් කියා ඵලක් ඇත්තේ නැතිය. මුලින්ම පිස්සුව කෙලියේ රනිල් වික්‍රමසිංහ උන්නැහේය. කිසිඳු විශ්වාසයක් තැබිය නොහැකි නිසා මහින්ද රාජපක්ෂ පුකට පයින් ගසා එලවපු එකා කලිසම අස්සේ දාගත්තේ උන්නැහේය. එදා රනිල් ඒ පිස්සු තීරණය නොගත්තා නම්, මේ මහා පරාග්නයාගේ දේශපාලනයට තිත තැබෙන්නේ එදාය. කලිසම අස්සේ දාගත්තා පමණක් නොව, පක්ෂයේ පැරණි උන් කපා දමා පක්ෂයේ ඉහළ තනතුරුවලටත් ගෙන ආවේ මේ සර්පයාගේ හැටි නොදැනය.
අද උන්නැහේ කියන්නේ මෙතෙක් කලක් එතන ඉඳලා තියෙන්නේ, හතර විලි ලැජ්ජාවෙන්ය කියලාය. ඒ කියන්නේ උන්නැහේ මෙතක් කාළයක් ඉඳලා තියෙන්නේ අමු හෙලිවැලෙන්ය. මාතලන්ලා වගේ උන් නම් මේ යකා ඉන්නේ අමු හෙලිවැල්ලෙන් බව ඉදා ඉඳන්ම කීවද, මේ යකාගේ සල්ලි වලට එජාපයේ මී හරක් ඒවා මායිම් කළේ නැත. රවීගේ ගෙවල් ලැබුනේ කෙසේද කියා සොයනවා වාගෙම, මුන්නැහේ මහා ධන කුවේරයෙක් වූයේ කෙසේද කියා විශේෂ ජනාධිපති කොමිසමක් දමා හෝ හොයනා එක, ශිරන්තිලාගේ ටෝරින්ටන් ගෙවල් ගැන හොයනවා වාගේම බොහෝ වැදගත්ය.
ඉන්පසු සිරිසේන හා රනිල් යන දෙදෙනාම ඇදගෙන නෑවේ, මුන්නැහේ ඉන්නකන් ඝෝඨා අත් අඩංගුවට ගන්න දෙන්නේ නෑ කියා ගෙම්බර් දමද්දිත් ඇමති පුටුවේ තබා ගැනීමෙන්ය. එහෙත් සියල්ලන්ටම සර්පයාගේ තරම තේරුනේ, බැඳුම්කර කොමිසමේ උන් රවීලාට බල්ලන්ට වාගේ සලකන්න පටන් ගත්තායින් පස්සේය. ඩීල්දාසයා තා ටික කලක් උන්නා නම්, ඔය කොමිසම කෙළවර වන්නේ සිරිසේනත් ගෙනත් සරම ගලවා දමා අහක්ක වෙලාය.
මොකෝ ඔය බැඳුම්කර ගේම ගහන්න සිද්ද උනේ, සිරිසේන බලයට ගෙන එන්න තිබ්බ සබ්බ සකල මනාවම වියදම් වී, අලි පාටියේ උන් නන්න පෝල් වෙලා උන්න නිසාය කියලා, දේශපාලන ලෝකයේ හැම එකාම දන්නා ප්‍රසිද්ධ රහසක්ය.
කෙසේ හෝ බැඳුම්කර ගේමට එකෙක් හෝ සුළුවෙන් හො විඳවීම ජනතාවගේ පැත්තෙන් ලද ජයග්‍රහණයක්ය. නීතීපති අරලියගහ මන්දිරයට ගෙනත්, එජාපයේ මන්ත්‍රීවරුන් සියල්ලෝම එක් වී ප්‍රශ්ණ කිරීමත් ජනතාවගේ ජයග්‍රහණයක්ය. මන්ද උන් ජනතාවගේ නියෝජිතයන් වන නිසාය. අධිකරායට වඩා ජනතාවගේ පරමාධිපත්‍ය බොහෝ වටිනා නිසාය. කිසිවකු අධිකරණයට බිය විය යුතු නැතිවාක් මෙන්ම, බිය විය යුත්තේ නීතියට පමණක්මය. අධිකරණයේ උන් බුල් කෙලිනවා නම්, ඒවා පෙන්වා දීමට කිසිවකු බියට පත් විය යුතු නැත්තේමය. හොඳම උදාහරණය චීප් ජස්ටිස් නඩු බලවපු රාළලාගේ සරත් නන්ද සිල්වාගෙන්, වික්ටර් අයිවන් ඉල්ලූ ගේමය.
ඩීල්දාසයා බැලුවේ අධිකරණ ඇමති වෙලා ඉඳිමින් හැම එකාම බය කරගෙන, ඩීල් වලින් කකා බිබි පරපුර රකින්නය. ලංකා ඊ නිව්ස් ලියනා එකාට තවත් නොම්මර එකේ මිනීමරුවන් බේරන ඩීල් කාරයෙක් වන කුප්‍රකට ලෝ(පහත්) ලෝයර් කෙනෙක් දමාගෙන පඬි ටෝක් දුන්නේ ඒ නිසාය. වී ආර් ද සිල්වාද, යූ ආර් ද සිල්වාද කියලා බාර් ඇසෝසෙසන් එකේ තා එකෙක් බයිලා ගැසුවේ ඒ නිසාය. ඒත් මුන් සියල්ලන්ටම වඩා ජන බලය වඩා බලවත් බව අද ඔප්පු වෙලා හමාරය.
එහෙත් මේ නිසා හොරු සියල්ල අල්ලා හිරේ දමනාවා යැයි කියා අප බලාපොරොත්තු නොවූවද, එසේ සිතනා උන්ට කියන්න තියෙන්නේ ඩීල් දැම්මේ විජේදාස ඉතරක්ම නොවෙයි කියනා එකය. පොලිස්පතියා, යෑස් සර් යෑස් සෑර් තිරි බෑග් පූල් කිව්වේ ඩීල්දාසයාට නෙමේය. ඒ තවත් ඩීල් කාරයෙක්ය. පොලීසිය තියෙන්නේ උන්නැහේ යටතේය. ඒ නැතත් ඊළඟට එන එකා බා ගැනීමද, හොර කල්ලියේ උන්ට මහා කජ්ජක් නොවන්නේමය. ඒ නිසා ඉදිරියටත් සියල්ල තීරණය වන්නේ ඩීල් මතම පමණමය.
කෙසේ හෝ අස්ගිරි කහකඩයා ළඟ දනින් වැටි, ඩීල්දාසයා කීවේ, හාන්දුරුවනේ උන් කෑ ගැහැව්වේ මාළු කඩේ උන් වගේය කියලාය. කතාව සහතික ඇත්තය. මාළු කඩේට බල්ලේක් ආවාම මාළු කඩේ උන් කෑ ගහනවාය. කෑ ගසා එළවා ගන්න බැරිනම් පුකට පයින් ගසා හෝ එළවා දමනවාය. මහා ප්රාඥ්ඥයෙක් යැයි තමන්ම කියා ගන්නා එකෙක් උවද බල්ලා මාක් වැඩ කොරන්න ගියාම සිද්ද වෙන්නේත් ඒ සැන්තෑසියමය. කෙසේ හෝ අවසානයේ මහා ප්‍රාඥ්ඥයා අද පන්සල්වල පඩික්කන් හෝදන ඇබිත්තයෙක් වෙලා අවසානය.
ජනමතය පසෙක තබා සිවුර අස්සේ රිංගන්න ගිය එකාට, හැමදාමත් කෙල උනේය. මේ අවසානය නොවන්නට පුළුවන්ය. ඒත් ගොඩ ඒමක් නැති බව නම් ඉර හඳ මෙන් විශ්වාශය. සර්පයා මල්ලක දමා පාරට විසි කර අවසානය. කැමති එකෙක් සර්පයා ගෙදර ගෙනිහින්, ඉල්ලාගෙන කෑවාට අපට අවුලක් ඇත්තේත් නැතිය.
මාතලන්
http://maathalan.blogspot.com