සඳ එළිය වැටුණු ගස් අතරින් මානිස්ගේ ඇස ගැටුනේ නිල් පැහැයෙන් දිදුලන එළි යුග්මයකි. ගස් අතරින් එබී ඇති එවා වරින් වර නිවි නවී දැල්වෙයි. මානිස් හිටිවනම තවත් හොදින් බැලුවේ ය. පුදුමයකි....!..  ඒ සුදු පැහැ ගත් මුවෙකි. සඳ කිරණ වැටී මුවාගේ සුදු සිරැර කිරෙන් නැහැවී ඇතුවාක් මෙනි. ඌ නොසෙල්වී මානිස් දෙසම බලා සිටියි... දෙපය පවා ගල් ගැසී ගිය මානිස් ඇහිපිල්ලමකුදු නොගසා හිටිවනම සිටියේය. උගේ දෑස නිල්වන්ය. මුළු සිරුරම සුදු පැහැ රෝමයන්ගෙන් වැසී ඇත. දෙතුන් පොළකින් බෙදී ගිය අං යුවල මහත් අභිමානයෙන් සිරස මත රැඳී ඇත. වරින් වර ගස්වල සෙවනැළි උගේ සිරුර මත වැටීමෙන් අපූරු රටාවන් ඇඳී යයි....

මට නොවැම්බර් 13 කවදාවත් අමතක වෙන්නේ නැහැ. විශේෂයෙන් 1989 නොවම්බර් 13 සහ ඊලග අවුරුද්දේ ඒ කියන්නේ 1999 නොවැම්බර් 13. පලමු නොවැම්බර් 13 කියන්නේ එතකොටත් අපි වැඩ කරපු ජනතා විමුක්ති පෙරමුණෙහි ආදරණීය නායක රෝහණ විජේවීර සහෝදරයා පැහැර ගෙන ගොස් මරා දැමීම.

කෙනෙක් දිහා බලාගෙන ඒ විදිහටම ඒ කෙනාව සිත්තම් කරන්න පුුළුවන්නම් ඒක අපූරු හැකියාවක්.
මොකද ඒ විදිහට කලානිර්මාණයක් කරන්න හොඳ ඉවසීමක් වගේම ලොකු හැකියාවකුත් තියෙන්න ඕනේ.
ඒක භාවනාවක් කිව්වොත් නිවැරදියි.

කවියකු, දර්ශනවාදියෙකු මෙන්ම ග‍්‍රන්ථ කර්තෘවරයකු වන ඉන්දියානු ජාතික මහාචාර්ය කේ. ජී. සංකරපිල්ලෙයි මහතාගේ දෙසුමක් හා ඔහුගේ කවි පිළිබඳ ඇගැයීමක් පසුගියදා  කොළඹ ජේ.ආර්. ජයවර්ධන කේන්ද්‍රයේදී පැවැත්විනි. එහි දී කේ. ජී සංකරපිල්ලෙයි මහතා විසින් කරන ලද කතාවේ සංක්‍ෂිප්ත පරිවර්තනයක් ප‍්‍රකට විද්වතකුවන නීතිඥ බැසිල් ප‍්‍රනාන්දු මහතා විසින් සිංහලට නගන ලදී. එම පරිවර්තනය පහත පළවේ.