ගුරුකුලය කියූ සැණින් අපේ සිහියට නැගෙන්නේ ‘‘පේරාදෙණිය ගුරුකුලය ” සහ ‘‘විද්‍යාලංකාර ගුරුකුලය” යි. මේ ගුරුකුල හැර තවත් ගුරුකුල ද ඒ තවත් ගුරුකුල හැර තව තවත් ගුරුකුල ද පවතී. මේ සූදානම් වන්නේ ගුරුකුල පිළිබඳ ලිවීමට නොව ‘‘ගුරුකුල” හේතුවෙන් අභාවයට යන සාහිත්‍යය කලා ක්ෂේත්‍රය පිළිබඳ කිසියම් අනතුරු ඇඟවීමක් කිරීම සදහා ය; එය නැවත හිස ඔසවමින් පවතින බවට අනතුරු හැඟවීමට ය.

මේ දිනවල රටේ අනේක විධ ප්‍රශ්න මධ්‍යයේ දැඩි කතා බහට ලක්ව ඇත්තේ රවීකරුණානායකගේ මුදල් මගඩියක් පිළිබදවය. හොරුන් සමග ලැග සොරුන්ට ආවඩා සියල්ල අමතව ගිය මනෝබ්‍රාන්තිකයෙකුගේ චරිතයට පනපෙවීමට සිදුව ඇති රවී කරුණානායක මේ මොහොතේ රඟන චරිතය සම්බන්ධයෙන් බොහෝ දේනා දෑස් දල්වා බලා සිටිති. 

 රට දැවැන්ත අනතුරක හෙළමින් උතුරු මැද වාරි ඇළ නොහොත් Ncp ව්‍යාපෘතිය ඉදිකිරීම මේ වනවිට යහපාළන රජය විසින් ආරමිබ කර ඇත.

ලංකාව තුල දැවැන්ත විනාශයක් සිදුකල මහවැලි සැළසුම සකස්කරන විට මීට වසර හතහලිහකට පමණ පෙර උතුරු මැද වාරි ඇල නොහොත් Ncp සැළසුම සකස් කරන ලදි.

වසර දහස් ගණනක් තිස්සේ දිය පහරේ පහස විඳ සිනිදු වූ කුඩා ගල් වටා යමින් ඇළ පහලට ගලා යන්නේ මුණු මුණු හඬක් තුරු වදුල තුළ ඇති කරමිනි. රිදී රේඛා පරිද්දෙන් උදෑසන හිරු කිරණ එකිනෙකා තදින් වැළඳගෙන ඉන්නා කුඹුක්, කොස්, මිල්ල, අඹ, වල්දෙල් අතු අතරින් බේරී එන්නේ හී තල පරිද්දෙනි. මීවන හා බරු කොකු පඳුරු මතට හිරු කිරණ පතිත වීමත් සමග කෝඳුරුවෝ තම දවසේ වැඩ අරඹා තිබේ. රැහැයියන්ගේ සංගීතය වෙනදා වාගේම බැද්ද හරහා දිය කඩිත්තට එක්ව පහලට ඇදී යන්නා සේය.