ලංකාවේ මෙතෙක් ක්‍රියාත්මක කළ සංවර්ධන ව්‍යාපෘති අතුරින් වැඩි ම පාරිසරික හා කෘෂි වගා බිම්  විනාශය මෙන්ම වැඩි ම ජනතාවක් අවතැන් කළ ව්‍යාපෘතිය වන්නේ උමා ඔය බහුකාර්ය ව්‍යාපෘති යයි. මෙම ව්‍යාපෘතියේ භූගත උමං කැණීම හා වේලි ඉදිකිරීම ඇතුළු සංවර්ධන කටයුතු හේතුවෙන් බදුල්ල හා මොනරාගල දිස්ත්‍රික්ක දෙකට අයත් බණ්ඩාරවෙල, හාලි ඇළ, වැලිමඩ, ඌවපරණගම, ඇල්ල හා වැල්ලවාය යන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල ජීවත් වනපවුල් 7450ක් පමණ මේ වන විට බලපෑමට ලක් ව අවතැන්ව සිටී. භූගත උමං කැණීමෙන් ඇති වී තිබෙන මහා ජල කාන්දුවීම් හේතුවෙන් ළිං ඇතුළු ජල මූලාශ‍්‍ර සම්පූර්ණයෙන් ම සිදී ගොස් දැවැන්ත ජල අර්බුද උද්ගතවීම, කුඹුරු ඇතුළු ගොවි බිම් විනාශ වීම හා භූමිය අස්ථාවර වීමෙන් නිවාස හා දේපල විනාශ වී බොහෝ ජනතාවක් අවතැන් වීම සිදු ව තිබේ.එපමණක් නොව ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු ස`දහා ගොවි බිම් ඇතුළුව ජනතාවගේ ඉඩම් අත්පත්කර ගැනීමෙන් සෘජුව අවතැන් වූ ජනතාවට මෙතෙක් ප‍්‍රමාණවත් වන්දි ගෙවීමක් සිදු කර නොමැත. නැවත පදිංචි කිරීමේ අක‍්‍රමිකතා හා අවතැන් වූ ගොවි ජනතාවට විකල්ප ගොවි බිම් ලබා නොදීම ඇතුළු ගැටලු බොහොමයකට මේ වනවිට ජනතාව මුහුණ දීසිටී. මීට අමතර ව උමා ඔයේ පුහුල්පොළ හා මහතැටිල්ල ජලාශ ඉදි කිරීම හේතුවෙන් පහළ ප‍්‍රදේශයට ජලය ගලා යාම සීමා වීමෙන් උමා ඔයේ පහළ පිහිටි බත්මැඩිල්ල මහා වාරි ව්‍යාපාරය ඇතුළු ව කුඩා අමුණු යටතේ උමා ඔයේ ජලය ලබා ගෙන ක්‍රියාත්මක වන සුළු වාරි ව්‍යාපෘති 19 කට හා මහවැලි ව්‍යාපාරයේ ගොවි බිම් වලට ජලය සීමා වීමෙන් ගැටලු ගණනාවකට ඉදිරියේ දී ගොවි ජනතාවට මුහුණ දීමට සිදු වේ.

යශෝධරා සහ සිදුහත් ජීවිත කතාව අපේ පරම්පාවෙ සිල්ලර ප්‍රේමකතා අත්දැකිම් එක්ක පටල ගන්න ගියාම , අපිට හිතෙන්නෙම සිදුහත් යශෝධරාව දාල ගියා කියල.

ඉතිං යශෝදරාටත් ඔය ගමන සිදුහත් එක්ක යන්න තිබුනනෙ.. කියල හිතල වෙනස්ම ශ්‍රද්ධාවක ඉන්න අය සමාජයෙ නැතුවාම නොවෙයි. එහෙම වුනානම් සිදුහත්ට දුෂ්කර ක්‍රියා කරන්න ඇය ඉඩ දෙන්නෙ නැ. ඇය සිදුහත්ට පලවැල කඩන් ගෙනත් දේවි. වැස්සට හිස වසන්න මුචලින්ද ( නයෙකි ) මොකටද , ඇය සිද්ධාර්තට සෙවන සදාවි.මාර පරාජය මොහොතෙ යශෝදරා ලග හිටිය නම් මාර දූවරුන්ට කිට්ටුවෙන්න ඉඩක් කොයින්ද ., ⁣

ගම පුරාම ආරංචිය පැතිර යන්නට ගත වූයේ එක් නිමේශයකි.. ඒ මේ අත ඇවිදිමින් ලලිතා සෙවීමේ නිරත වූ පිරිස වැට කඩොලු මතින් පනිමින් දිබ්බැද්ද දෙසට දිවූහ..වැටි වැටී මියණ පඳුරු ද තලාගෙන දිවූ විජේපාල ඇළ ඉවුරේ ඇද වැටීමෙන් වැළමිට බරු ගසාගෙන ගොස් ලේ පුරන්නට විය... මහ වනස්පතීන් අතර කෑ ගසමින් උන් කුරුල්ලෝ හදිසි කලබලයත් සමග දස අත විසිර ගියේ කෑ ගසමිනි. රැහැයියන් නිහඬ වූ අතර කුඩා වන ගුල්මය මිනිස් අඩි පහරින් වේදනා විඳින්නට විය. පිරිස නැවතුනේ ඇළ ඉවුරේය.

ගුරුකුලය කියූ සැණින් අපේ සිහියට නැගෙන්නේ ‘‘පේරාදෙණිය ගුරුකුලය ” සහ ‘‘විද්‍යාලංකාර ගුරුකුලය” යි. මේ ගුරුකුල හැර තවත් ගුරුකුල ද ඒ තවත් ගුරුකුල හැර තව තවත් ගුරුකුල ද පවතී. මේ සූදානම් වන්නේ ගුරුකුල පිළිබඳ ලිවීමට නොව ‘‘ගුරුකුල” හේතුවෙන් අභාවයට යන සාහිත්‍යය කලා ක්ෂේත්‍රය පිළිබඳ කිසියම් අනතුරු ඇඟවීමක් කිරීම සදහා ය; එය නැවත හිස ඔසවමින් පවතින බවට අනතුරු හැඟවීමට ය.