තොරතුරු දැනගැනීමේ අයිතිය පොදු ජනතාවගේ අයිතියකි. එහෙත් තොරතුරු දැනගැනීමේ අයිතිය නීතිගත කරන්නට මූලික වූයේ ජනමාධ්‍ය සමාජයයි. එනිසා බොහෝ දෙනා සිතුවේ මෙම නීතිය ගෙනඑන්නේ ජනමාධ්‍යවේදීන්ගේ ප‍්‍රයෝජනයට යැයි කියාය. එහෙත් සාධනීය ලෙස මේ වනවිට එයින් වැඩි පල නෙළාගනිමින් සිටින්නෝ ජනමාධ්‍යවේදීන්ට වඩා පොදු ජනතාවය. කොමිසම හමුවට ඉදිරිපත්ව ඇති අභියාචනා ඊට සාක්ෂි දරයි. එයින් සාතිශය බහුතරයක් ඉදිරිපත් කරනු ලැබ ඇත්තේ සාමාන්‍ය ජනතාව විසිනි. එසේ බලද්දී සෙමින් සෙමින් වුවද රටක් හැටියට අප තොරතුරු සංස්කෘතියක් කරා පියනඟමින් සිටීම සන්තුෂ්ටියට කරුණකි.

සිහින් මද සුළඟට මුහුණ පෑ පොල් අත්ත තාලානුකූලව ඒ මේ අත වැනෙයි.. වියළි පොල් අත්තක් ගස පාමුල හබරල ගොල්ලේ වැටී තම දිගු ඉරටු ඇසිලිනාට පෙනෙන්නටදෝ අහසට දිගුකර සිටින්නේ වට්ටියක්ව ඇසිලිනා අත වියෙන්නට කැමැත්තක් ඇතුවාක් මෙනි. අයාලේ ගිය ඇටිකුබ්බෙක් කෝපි පඳුරු අතර තම  රතු ඇස් කරකවමින් සැඟව සිටිනා ගොළුබෙල්ලන් සොයන්නේ කලබලකාරී බවකින් තොරවමය.. 

පශ්චාත් යටත්විජිතකරණ ලාංකීය ඉතිහාසය යනු ආර්ථික හා වාර්ගික සමානාත්මතාවය තුළින් රාජ්‍යය හැඩ ගැන්වීමට සිදු කරන ලද ජනතා අරගල කෲර ලෙස රාජ්‍යය විසින් මර්දනය කර දැමීමේ ඉතිහාසයයි. 1971 දී හා 1987 - 89 කාලයේදී දකුණේදී ඇති වූ ආර්ථික නිදහස සදහා වූ පීඩිත කැරලි තලා දැමුවාක් සේම වර්ෂ 30 කට අධික කාලයක් උතුරේ ජනාතව විසින් ජාතික නිදහස උදෙසා නගන ලද හඩද තලා දැමූවේ රාජ්‍යය සතු දරුණතම මර්දනීය උපක්‍රම භාවිතා කරමිනි. ඒ ඉතිහාසය විසින් අපට උරුම කර දී ඇත්තේ ප්‍රචණ්ඩත්වය, ම්ලේච්ඡත්වය හා අතුරුදහන් කරන ලද සාමූහික අපේක්ෂාවයි. සමාජයක් ලෙස එම අශිෂ්ටත්වය අපි අභිබවා යා යුතු වෙමු. 2009 දී අවසන් කරන ලද යුද්ධයේ අවසන් කාලයේදී තම අත් දෙකෙන් රජයේ හමුදාවට භාර කරන ලද තම දරුවන් සොයන මව්වරුන්ගේ හඩට අප සවන් දිය යුත්තේ ඒ නිසාවෙනි. රජයට භාර වූ ඔවුන් සිදූ වූයේ කුමක්ද යන්න උතුරේ ඒ අම්මාවරු සමග අපද එක හඩින් ඇසිය යුතුයි. ඉතිහාසය විසින් සිදු කරන ලද අපරාධ නැවැත්වීමට අප සමත් නොවූයෙමු. නමුත් මරණයට දක්කන ලද දූ පූතුන් පිළිබද මේ අම්මාවරුන්ගේ සිත් තුළ ඇති වරදකාරීබව සමාජයක් ලෙස අපි බෙදා ගත යුතුයි. ඉතිහාසය පුරාවට අතුරුදහන් කරන ලද යහපත් සමාජයන් ගැන හීන දුටු එම ගැහැණුන් සහ පිරිමින් වෙනුවෙන් හෘද සාක්ෂියක් ඇති මිනිස් සමාජයක් ලෙස අපි නැවත ඉපදෙමු. 

යහපාලන ආණ්ඩුවේ දෙවර්ෂපූර්ණය සමඟ එහි දේශපාලන යථාර්ථය සම්බන්ධයෙන් සමාජ කතිකාවක් සිදුවෙමින් තිබේ. දේශපාලන වෙනසක් වෙනුවෙන් දුන් පොරොන්දු හා ආණ්ඩු බලය මගින් කළ කී දෑ එහිදී මූලික වශයෙන් කතා බහට ලක්වේ. රාජපක්ෂ පාලනයට එරෙහිව සකල බලවේග ඒකරාශි වූ වේදිකාව වෙනුවට නව දේශපාලන සන්ධාන බිහිව ඇත. මේ වටපිටාව තුළ නව සමාජ ව්‍යාපාරයක අවශ්‍යතාව හා මෙතෙක් හඬ නැගූ බලවේගවල දේශපාලන චර්යා රටා ගැන සාවධාන වීම වැදගත් යැයි සිතමි.