තාත්තා....,ඔහු ඉතා කඩවසම් ප්‍රියමනාප අයෙකි.ගෙයින් පිටතදී නිතරම ප්‍රිය මනාප සිනා මුසු මුහුණෙන් සිටියේය.කතාවට දක්ෂ සමාජශීලි අයෙකි.කතාවට කියන්නා සේ ඔහු එස්කිමෝවරයෙකුට ශීතකරණයක් විකුණනු ඇත.තට්ට හිසැති අයෙකුට පනාවක් හිමි කර දෙනු ඇත.රූපයෙන් මම ඔහුගේ කපාපු පලුවයි.තාත්තා නිතර ඒ ගැන මිනිස්සුන් ඉදිරියේ උදම් විය.ඔහුගේ නිකට යට කැපුම් පහරක් සේ ඇඳී ගිය ඉර එලෙසින්ම මා නිකට යටද විය.අප දෙදෙනා එක වාගේ යැයි කියූ හැමටම ඔහු මගේත් ඔහුගේත් එම උපන් සළකුණු පෙන්වයි." මගෙ බුට්ටා" පිරිසක් මැද ආදරණීය පියෙකු සේ ඔහු මා අමතන්නේ එසේය.

ඉදින් එතැන් පටන් ඇරඹි ඒ සුවඳ පොද එකින් එක ගෙන ජීවිතයේ අරුත් පහදන්නට එළඹියේ කෙසේද කියන්නට මා උත්සුක වෙමි. එවැනි එක් දිනයක් නොව දින ගණනාවක් සිහිපත් වුවත් එකින් එක පෙළගස්වනුයේ කෙසේද යන්න මට  ගැටළුවකි. ඒත් නිමේෂකයකදී වුව අමතක නොවන මතකයන් ජීවිතයෙන් ඈත් කරනුයේ කෙසේද ?

ඊශ්‍රායලයෙන් සොයා ගත් ආදි මානව යුගළ අවශේෂ යට තිබී සොයාගත් ශාක සටහන් තුළින් ඔවුන් මල් පලසක් මත චාරිත්‍රානුකූලව භූමිදානය කර ඇති බවට තොරතුරු හෙළිවේ. 

අපගේ වර්ගයාගේ පෞරාණික ඉතිහාසය පිළිබදව කල්පනා කරන ඇතැම් අවස්ථාවල මිය ගිය පවුගේ සමාජිකයිනට සහ ඥාති මිත්‍රාදීන්ගේ මෘත ශරීරයන්ට ඔවුන් මියගියායින් පසුව කටයුතු කරන්නට ඇති ආකාරය අප මෙතෙක් සිතා සිටියාට වඩා තරමක් වෙනස් වෙමින් පවතී. හැඟීම් දැනීම් ඇති පුද්ගලයින් වශයෙන් මෘත ශරීර වලට සරල වශයෙන් සලකා කටයුතු කරනවාට වඩා චාරිත්‍රානුකූලව ගරු කළ යුතු බව අපට සිතුණු බව පරිණාමීය ඉතිහාසය දෙස බලද්දී පැහැදිලි වේ. 

මීට හරියටම වසරකට පෙර මම ඒ මතක සුවඳ හඹා ගියෙමි.ඒ නිහඬ බිමෙහි පය තැබුවෙමි.ඔවුන් තුරුළෙහි සිටි ළදැරිය නික්ම ගිය පසු සියළු දෑ නැවතී ඇති සැටියෙකි .ඒ බිම තව දුරටත් ජීවමාන නොවුණි.ඒ පසට,ගහ කොළට හුස්මක් නොතිබිණි ."රෝස පාට මල්"ගස කපා දමා බොහෝ කලක් ඉක්ම ගොසිණි .අසල්වැසියන් රොක්වූයේ මගේ ආගමනය අදහනු නොහැකි වූ නිසාවෙනි.