ආර්ට් එක

ආර්ට් එක (57)

ශානක රැකියාවෙන් වෛද්‍යවරයක්. ඒත් ගොඩක් අය දන්නෙ චිත්‍ර ශිල්පියෙක් කියලා. ඇයි එහෙම වෙන්නෙ ? . ඒ තමයි ශානකගෙ චිත්‍රයේ තිබෙන අනන්‍යතාවය විසින් ඔහුට හදන තැන පිළිබඳ අදහස. ශානක තව විදියකට mark වෙන තැන තමයි; චිත්‍ර කලාව සම්බන්ධ ගොඩක් අයට තිබෙන උපාධි කඩදාසිය නැතුවත් එය තිබෙන අයට වඩා චිත්‍රයේ හතර සීමාව පිළිබඳ තාක්ෂණික අදහස් සහ පරිකල්පනීය අදහස් ලස්සනට විසඳා ගැනීමට ඇති හැකියාව . පුද්ගලිකව මම විශ්වාස කරන්නෙ නෑ උපාධිය තිබෙන හැමෝටම මේ වැඩේ අහුවෙනවා කියලා සහ මේ වැඩේ අහුවෙන හැමෝටම උපාධිය තියනවා කියලා. ඒක ශානක මේ මොහොතේ ඔප්පු කරමින් ඉන්නවා. ඒක කුහක නොවී, අපි හැමෝටම පිළිගන්න වෙනවා.

කෙනෙක් දිහා බලාගෙන ඒ විදිහටම ඒ කෙනාව සිත්තම් කරන්න පුුළුවන්නම් ඒක අපූරු හැකියාවක්.
මොකද ඒ විදිහට කලානිර්මාණයක් කරන්න හොඳ ඉවසීමක් වගේම ලොකු හැකියාවකුත් තියෙන්න ඕනේ.
ඒක භාවනාවක් කිව්වොත් නිවැරදියි.

කවියකු, දර්ශනවාදියෙකු මෙන්ම ග‍්‍රන්ථ කර්තෘවරයකු වන ඉන්දියානු ජාතික මහාචාර්ය කේ. ජී. සංකරපිල්ලෙයි මහතාගේ දෙසුමක් හා ඔහුගේ කවි පිළිබඳ ඇගැයීමක් පසුගියදා  කොළඹ ජේ.ආර්. ජයවර්ධන කේන්ද්‍රයේදී පැවැත්විනි. එහි දී කේ. ජී සංකරපිල්ලෙයි මහතා විසින් කරන ලද කතාවේ සංක්‍ෂිප්ත පරිවර්තනයක් ප‍්‍රකට විද්වතකුවන නීතිඥ බැසිල් ප‍්‍රනාන්දු මහතා විසින් සිංහලට නගන ලදී. එම පරිවර්තනය පහත පළවේ.

ශ්‍රී ලාංකේය සාහිත්‍ය ක්‍ෂේත්‍රය ‍පෝෂණය කිරීමෙහිලා දායක වූ ‍ලේඛක ‍ලේඛිකාවන් රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලැබිම උදෙසා වූ රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය පසුගිය 8 වන දින  පස්වරුවේ නෙළුම් ‍පොකුණ රඟහ‍ලේදී ජනපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

2015-2017 සිනමා හා රූපවාහිනි උසස් ජාතික ඩිප්ලෝමාවේ අවසාන ව්‍යාපෘතිය ලෙස COINS චිත්‍රපට උළෙල සංවිධානය කරනු ලබයි. වසර 2 1/2 කට අධික කාලයක් තුල මෙම පාඨමාලාව මගින් අභ්‍යාසලාභීන් විසින් නිර්මාණය කරනු ලැබු චිත්‍රපට හා වාර්තා චිත්‍රපට, සිනමා හා රූපවාහිනි මාධ්‍ය ක්‍ෂේත්‍රයට ඉදිරිපත් කිරීම මෙම චිත්‍රපට උළෙලේ අරමුණයි. මෙවර 2014-2016 ත්‍රිමාණ සජීවීකරණ උසස් ජාතික ඩිප්ලෝමා පාඨමාලාවේ අභ්‍යාසලාභීන්ද මෙවර COINS සමග කටයුතු කරයි. දේශීය හා විදේශීය සිනමා හා රූපවාහිනි අභ්‍යාසලාභීන් විසින් අධ්‍යාපනික ලෙස නිර්මාණය කරනු ලැබු නිර්මාණ එකම තලයක සිට තරඟ කිරීම මෙහි ප්‍රධාන ලක්ෂණයයි.

කටු අකුලේ මල් ඇහැරුන කාලය දැන් අහවර වෙලා, අපි වයසට ගිහින් දැන් පරම්පරාව මාර ඇඩ්වාන්ස් වෙලානේ කියලා මට දැනෙන්න ගත්තේ දෙවෙනි ඉනිම නාට්‍යයේ කොටස් එහෙන් මෙහෙන් ටි වී එකේ දකින්න ලැබෙනකොට… ඒ හින්දා මමත් බැලුවා… මොකක්ද මේ ඉස්කෝලේ යන ළමයි ඉන්න නාට්‍යය කියලා… මට ඒකේ ඉන්න කෙල්ලෝ ටික දැක්කම මතක් වුණේම අපි ඉස්සර ඉඉස්කෝලේ ගිය විදිය… ඒ අතින් අපි මොනතරම් ගොන් ගස් ද කියලා වෙලාවකට හිතෙනවා… හැබැයි අපිට ඒ ළමයින්ට වගේ ප්‍රශ්න තිබ්බේ නෑ…

ඉස්සරයි අදයි සන්සන්ඳනය කිරීමක් නෙවෙයි… ඒත් ඉස්සර අපිට තිබුණේ හරිම සරළ ජිවිත…

රන්මිණි තැන්න ටෙලි සිනමා ගම්මානයේ සභාපතිත්වය ඩයනා ගමගේ මහත්මිය වෙත පරිනමා ඇති බව වාර්තාවේ. මෙකී පත් කිරීම මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් සිදුකොට ඇත.

පශ්චාත් යටත්විජිතකරණ ලාංකීය ඉතිහාසය යනු ආර්ථික හා වාර්ගික සමානාත්මතාවය තුළින් රාජ්‍යය හැඩ ගැන්වීමට සිදු කරන ලද ජනතා අරගල කෲර ලෙස රාජ්‍යය විසින් මර්දනය කර දැමීමේ ඉතිහාසයයි. 1971 දී හා 1987 - 89 කාලයේදී දකුණේදී ඇති වූ ආර්ථික නිදහස සදහා වූ පීඩිත කැරලි තලා දැමුවාක් සේම වර්ෂ 30 කට අධික කාලයක් උතුරේ ජනාතව විසින් ජාතික නිදහස උදෙසා නගන ලද හඩද තලා දැමූවේ රාජ්‍යය සතු දරුණතම මර්දනීය උපක්‍රම භාවිතා කරමිනි. ඒ ඉතිහාසය විසින් අපට උරුම කර දී ඇත්තේ ප්‍රචණ්ඩත්වය, ම්ලේච්ඡත්වය හා අතුරුදහන් කරන ලද සාමූහික අපේක්ෂාවයි. සමාජයක් ලෙස එම අශිෂ්ටත්වය අපි අභිබවා යා යුතු වෙමු. 2009 දී අවසන් කරන ලද යුද්ධයේ අවසන් කාලයේදී තම අත් දෙකෙන් රජයේ හමුදාවට භාර කරන ලද තම දරුවන් සොයන මව්වරුන්ගේ හඩට අප සවන් දිය යුත්තේ ඒ නිසාවෙනි. රජයට භාර වූ ඔවුන් සිදූ වූයේ කුමක්ද යන්න උතුරේ ඒ අම්මාවරු සමග අපද එක හඩින් ඇසිය යුතුයි. ඉතිහාසය විසින් සිදු කරන ලද අපරාධ නැවැත්වීමට අප සමත් නොවූයෙමු. නමුත් මරණයට දක්කන ලද දූ පූතුන් පිළිබද මේ අම්මාවරුන්ගේ සිත් තුළ ඇති වරදකාරීබව සමාජයක් ලෙස අපි බෙදා ගත යුතුයි. ඉතිහාසය පුරාවට අතුරුදහන් කරන ලද යහපත් සමාජයන් ගැන හීන දුටු එම ගැහැණුන් සහ පිරිමින් වෙනුවෙන් හෘද සාක්ෂියක් ඇති මිනිස් සමාජයක් ලෙස අපි නැවත ඉපදෙමු. 

ගුරුකුලය කියූ සැණින් අපේ සිහියට නැගෙන්නේ ‘‘පේරාදෙණිය ගුරුකුලය ” සහ ‘‘විද්‍යාලංකාර ගුරුකුලය” යි. මේ ගුරුකුල හැර තවත් ගුරුකුල ද ඒ තවත් ගුරුකුල හැර තව තවත් ගුරුකුල ද පවතී. මේ සූදානම් වන්නේ ගුරුකුල පිළිබඳ ලිවීමට නොව ‘‘ගුරුකුල” හේතුවෙන් අභාවයට යන සාහිත්‍යය කලා ක්ෂේත්‍රය පිළිබඳ කිසියම් අනතුරු ඇඟවීමක් කිරීම සදහා ය; එය නැවත හිස ඔසවමින් පවතින බවට අනතුරු හැඟවීමට ය.

ප්‍රකට ඉන්දීය චිත්‍රපට අධ්‍යක්ෂවරියක වන දීපා මෙහ්තා 2005 වසරේදී නිර්මාණය කළ වෝටර් නමැති ආන්දෝලනාත්මක සිනමා පටයේ ප්‍රධාන භූමිකාවක් ශ්‍රී ලාංකේය ළමා නිළියකටත් හිමි වී තිබුණා. ඒ ළමා නිළිය සරලා කාරියවසම්. එම චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් හොඳම ළමා නිළිය ලෙස අන්තර්ජාතිකව ඇගයුමටත් පාත්‍ර වූ සරලා කලා ලෝකයේ දිගු ගමනක් යාවි කියලා බොහෝ දෙනා ඒ දිනවල අනාවැකි පළ කළා. නමුත් ‘වෝටර්’ චිත්‍රපටයෙන් අනතුරුව අතේ ඇඟිලි ගණනටත් අඩු නිර්මාණ සංඛ්‍යාවකටයි සරලා දායක වුණේ. කුඩා කාලයේදීම විදෙස් සිනමාවට එක්වීමේ දුර්ලභ අවස්ථාව හිමිකරගත් සරලා අද මේ විදිහට නිහඬව ඉන්නේ ඇයි? ඒ ගැන ඇයගෙන්ම අසා දැන ගන්න අපි තීරණය කළා.