01 November 2017 Written by 

නූතන යුගයේ සැබෑ කවිය යුක්තියට බද්ධ වුනු කවියක් විය යුතුයි – මහාචාර්ය කේ.ජී. සංකරපිල්ලෙයි.

කවියකු, දර්ශනවාදියෙකු මෙන්ම ග‍්‍රන්ථ කර්තෘවරයකු වන ඉන්දියානු ජාතික මහාචාර්ය කේ. ජී. සංකරපිල්ලෙයි මහතාගේ දෙසුමක් හා ඔහුගේ කවි පිළිබඳ ඇගැයීමක් පසුගියදා  කොළඹ ජේ.ආර්. ජයවර්ධන කේන්ද්‍රයේදී පැවැත්විනි. එහි දී කේ. ජී සංකරපිල්ලෙයි මහතා විසින් කරන ලද කතාවේ සංක්‍ෂිප්ත පරිවර්තනයක් ප‍්‍රකට විද්වතකුවන නීතිඥ බැසිල් ප‍්‍රනාන්දු මහතා විසින් සිංහලට නගන ලදී. එම පරිවර්තනය පහත පළවේ.

 

සාමාන්‍යයෙන් අදහසක් තියනව අපි හැමකෙනෙක්ම අපිට කැමති දේවල් කරනව කියල. නමුත් මේ අදහස මිත්‍යාවක්. අපි වෙනත් බලපෑම්වලින්, වෙනත් දේවල්වලින්, වෙනත් උවමනාවල්වලින්, බලවේග වලින් මෙහෙයවෙලා ඒවට අවශ්‍ය දේවල් කරන අතර, මිත්‍යාවක් අපි තුළ ඇති කරනව අපි හැම දෙනාම නිදහස්, අපි කැමැත්තෙන් ජීවත්වන අය කියල. කැමැත්ත තමයි මූලික වෙලා තියෙන්නෙ. ප‍්‍රජාතන්ත‍්‍රවාදය  කියන්නත්, අපි පාවිච්චි කරන්නෙ ඒක, අපි කැමැත්තෙන් තමයි අපි ජීවත් වෙන්නෙ කියල. මේ මිත්‍යාව භාහිර බලවේගවලින් මෙහෙය වෙනව අපි දකින්ව.

මම පල්ලි යන්නෙ මේ භාහිර බලවේග වලින් අයින් වෙලා. මගෙ නිදහසයි මම කවියෙන් කියන්නෙ. නිදහස්වීම කියන තැනට අපි යනකොට අපි භාහිර ලෝකය එක්කයි එතනට යන්නෙ. අපි භාහිර ලෝකය එක්ක ගැටෙනව. භාහිර ලෝකයේ තියෙන අයුක්තිය, එහි තිබෙන අසෝභනය, ඒකෙ තියෙන සියලූම ගැටළු එක්ක අපි ගැටෙනව. කවියා නිදහස සොයමින් මේවා සමග ගැටෙනව. මේ ගැටීම මත තමයි යුක්තියට කවියා සම්බන්ධ වෙන්නෙ. නූතන යුගයේ සැබෑ කවිය යුක්තියට බද්ධ වුනු කවියක් විය යුතු වෙනව. යුක්තියට බද්ධ වෙච්ච, යුක්තියේ අර්ථය සොයන, යුක්තියේ අර්ථය තුළින් මෙහෙය වෙන දෙයක් බවට පත්වෙනව නූතන කවිය. මේක බොහෝ දුරට පිළිඹිබු වෙනව, මේ කවීන් විවිධ රටවල් වලින්, විවිධ අත්දැකීම් තියෙන, විවිධ කවියන්ගේ ජීවිත කතාව බලාගෙන යනකොට අපිට පේනව මේ කවියන් ඔවුන්ගේ සමාජය තුළ මේ අරගලය කළ ආකාරය.

රුසියානු සාහිත්‍යතුළින් උදාහරණයක් වශයෙන් මායා කවුස්කි. විප්ලවයේ කවියා හැටියට සඳහන් කරපු මායා කවුස්කි පස්සෙ කාලෙකදි දකිනව ඒ සමාජය තුළම ඇතිවෙන ගැටීම්. නමුත් ඔහු කියනව, කවියා මේ දේවල් මැද්දෙ ඉන්න  ඕනැ. මේ සිද්ධ වෙන සිදුවීම්, ගැටීම්, මැද්දෙ කවියා ඉන්න  ඕනැ.

මෙතනදි තවත් වැදගත් න්‍යායාත්මක අදහසක් ඉදිරිපත් වෙනව. ඒ අදහස තමයි, ගාන්ධි දවසක් එක්තරා ලස්සන රූපයක් දකිනව. ඒ රූපය දිහා බලලා ‘හු`ගක් ලස්සනයි. ශාන්තුවරයෙකුගෙ රූපයක් වගේ’ කියල කියපුහම එතන ඉන්න එක්කෙනෙක් කියනව, ‘කණගාටුයි කියන්න, මේක ඊට වඩා කණගාටුදායක ජීවිතයක් ගත කරපු අයෙකුගේ රූපයක්. මේකෙ ඉන්නෙ, මේ නගරයේ වෛශ්‍යා වෘත්තියේ යෙදුන තරුණ කාන්තාවක්. පසුව ඒවා තුළින්ම මියගිය තරුණ කාන්තාවගේ ජීවිතයක්’’ කියල. ගාන්ධි ටික වෙලාවක් කල්පනා කරමින් ඉඳල කියනව, ‘සෞන්ධ්‍ය_ය සදාචාරයෙන් බිඳුනට පස්සෙ එකෙ අර්ථයක් නැහැ’ කියල. බෙහෝ දුරට අපේ අතීත සංකල්ප එක්ක සදාචාරය හා සෞන්ධ්‍ය_ බද්ධ කිරීම වෙනුවට සෞන්ධ්‍ය_ය වෙනමම පවතිනව. සාධාචාරයට ඒක සම්බන්ධයක් නෑ.

(හිට්ලර් හවසට නාට්‍ය බලන්න යනව. සංගීත ප‍්‍රසංග බලන්න ගිහිල්ල, එහිදි අඬනව. ඒකෙ කණගාටු, සංවේදි තැන් දැකල ඔහු අඬනව. නමුත් අපි දන්නව හිට්ලර් ජීවත් වෙච්ච හැටි. එතන ඇත්තෙ සෞන්ධ්‍යයයි, සදාචාරයයි අතර බෙදීම. නමුත් වර්තමාන කවියා සෞන්ධ්‍යය හා සදාචාරය එකතු කිරීමේ වෑයමක යෙදෙනව. මේ වෑයමේ ප‍්‍රතිඵල හැටියට ඔවුන්ට විශාල වශයෙන් වන්දි ගෙවන්න සිද්ධ වෙනව. ඒ පිළිබඳව බොහෝ කවියන් සඳහන් කරල තියෙනව. එක උදාහරණයක් අතකටෝවා නමැති රුසියානු කිවිඳිය අති ශ්‍රේෂ්ඨ කිවිඳියක්. (ලංකාවේ රෙජී සිරිවර්ධන මහත්මයා රුසියානු භාෂාව ඉගෙන ගෙන ඇයගේ කවි ඉංග‍්‍රීසි භාෂාවට පරිවර්තනය කෙරුව.* ඉතාම ගැඹුරු,  විශාල ප‍්‍රසිද්ධියක් තියෙන කිවිඳියක්. ඇගේ ජීවිතය තුළත්, මේ සම්පූර්ණ ගැටුම සාචාරය සමග ගැටීමේදි ඇති වෙන වේදනාව පිළිබිඹු වෙනව. ස්ටාලින්ගෙ කාලය තුළදි ඇගේ ස්වාමියා නැති වුනා. දරුවො හිර ගෙදරට දැම්මා. හිර ගෙදරදාපු තම දරුවා බලන්න ඇය මාස 9ක් විතර ඒ හිරගේ තමයි ඉන්නෙ කියල  ආරංචි වුනාම එයා නොකඩවාම එතනට ගියා. මාස 9යක් ම එතනට යනව දරුව බලන්න. නමුත් දරුවව බලන්න ලැබෙන්නෙ නෑ. එක දවසක කියනව ‘හෙට ගේට්ටුව අරී. සීනුව ගහපුවම ඇතුළට යන්න කියල’ සීනුව ගහපුවම එතනට යනව. එතන ඉන්නවා ඇය වගේම මවුවරු 3000ක්. ඒ මවුවරු 3000ත් එක්ක ඇයට පැය 300ක් හිටගෙන ඉන්න සිද්ධ වෙනව, ළමයව දකින්න ඉස්සරවෙලා. රුසියාව මහා සීතල රටක්.

අන්න ඒ වගේ කෲරත්වයෙන් තමයි සලකනු ලැබුවෙ, කලාවට කැපවෙලා, කලාව තුළින් එදා පාළනයේ තිබුණු සත්‍යය එළිදරව් කරන්න, එදා තිබුණු සාදාචාර ගැටුම් පිලිබිඹු කරන්න, උත්සාහ කරපු සියලූම ලේඛකයන්ට. ලොව පුරාම මේ වගේ තත්ත්වයනට මුහුණ දීල තියෙනව.

අප‍්‍රිකාවෙ ජනකතාවක් තියෙනව, ඒකට අනුව ලෝකය පටන් ගන්නකොට ආකාසෙ තිබුණෙ බොහොම පහළ. මිනිස්සුන්ට අල්ලන්න පුලූවන්. මිනිස්සුන්ගෙ ඔළුව මට්ටමින්. ඒකෙ තියනව නොයෙක් දේවල් ගන්න. මිනිස්සුගෙ කෑදරකම වැඩි වුණා. වැඩි වෙලා හැම තිස්සෙම අදින්න පටන් ගත්තා. එක එක දේවල් ගන්න පටන් ගත්ත. එතකොට දෙවියො මේ මිනිස්සු කෑදර වැඩියි. මේකට දඬුවම් කරන්න  ඕනෙ කියල, මේ මිනිස්සුන්ගෙන් මේක ඈත් කරල තියන්න  ඕනෙ, ළ`ගින් තිබ්බොත් මේක විනාශ වෙලා යනව කියල හිතුව. ඒ නිසා දෙවියො මේක බොහොම ඈතින් දැම්ම. ඒක සංඛේතයක් හැටියට මිනිසුන් පිළිබඳව ගැටීම්. කවියා දායාවෙන්, කරුණාවෙන්, අදරයෙන් නමුත් මේ ගැටීම් මැද තමයි කවියට මුහුණ දෙන්නෙ.

මේ කේ.ජී. සංකර පිල්ලේ ගේ කවියක් : මේ කවිය ලියල තියෙන්නේ ඉතිහාසය පිළිබඳව. ඉතිහාසයේ මුල ඉඳලම නොයෙක් නොයෙක් වෙච්ච දේවල් වල පිළිඹිබුවක් හැටියට අවසාන වශයෙන් ඒ කළකිරීමෙන් කියන්නෙ බුදුන්ටවත් ආයෙ එන්න එපා කියල.

 

තවත් එන්න ඉන්නේ කවුද?

ග‍්‍රීෂ්මයේ ඉරිදාවක

නිවාස සියල්ලන්ම ගෙදර ගොස්ය

මා සුවිශේෂ කිසිවෙකු එනතුරු බලා නොසිටිමි

මේ සියල්ලන් හැර ගිය නිවහනට

කවුද ඉන්නේ තවත් එන්නට

ඔටුවෙකුගේ බෙල්ලක් ඇති

මැටි වතුර බඳුනේ හිලකි

එය පැත්තක ඇත මිදුලේ කොනක

කවුද තවත් එන්නට ඇත්තේ

පිපාසිතව දාඩියදාගෙන බෙහෙවින් හෙම්බත් වුණු අයද

 

ගිරවෙක් සමග පැමිණි සාස්තරකාරයා ද නොසිටියි

ඊයේ ශ‍්‍රවන වෛi විශේෂඥයකු සෙවූ මිනිසාද ගොස් ඇත

මිනිසුන් ඔවුන්ගේ ඉරණමට පාවාදුන්

දිවැස් කියන්නන් හා ගැලවුම් කාරයන්ද පලා ගොස්ය

එම පාරේම ඔවුන්ට සෙවන දුන්

ගස් හා පාර අසල ළිඳ ද ඔවුන් ගෙනගොස් ඇත.

අපේ ජීවිතය පාගාගත් මහා රජවරුන් පළාගොස් ඇත

ර`ගපෑම් කරමින් සිටි බොරු විප්ලවවාදීන්ද

අපේ වතුර භාජනයේ තිබූ

අන්තිම වතුර බින්දුවද හිස් කොට

පලාගොස් ඇත.

 

නමුත් දුම්රිය තුළින් කොඩිය සොලවයි මුරකරු.

ඇමරිකානු තිරි`ගු අපේ බඩගින්නට විහිළු කරයි

සෑම මිනිසෙක්ම මේ බඩගින්නද ඔසවාගෙන එති

පැමිණි පසු ආපසු නොයති

ඔහු යමෙකුගේ වෙසින් තවත් අයෙකුට

මේ මනසින් හා තවත් අයෙකුගේ

මුහුණේ හැඩයෙන් පෙනී සිටිති

ඊයේ පලාගිය මහා රජවරුන් පැමිණෙති

නැවත මෙහි වෙස් වලාගෙන

ජනතාවගේ ඇමතියෝත් සමග පැමිණෙති

හිස නැවී එයි සර්පයෙකුසේ දෂ්ඨ කිරීමට

අපේ නින්ද කඳුලක් බවට හැරේ

දුගී ගෞතමයෙකු මෙහි නොඒවා

කුමක්ද ඇ`ගිලි දහයේ

කරුනාව පමණක් ඇති

කොයි කාටත් අනුකම්පාවක් ඇති

ඔහුට ගලවා ගත හැකි

 

කෙටි නමුත් ඉතාම අර්ථවත් කවියක්:

මම සම්ප‍්‍රදායට

නව මුහුණුවරක් දුනිමි

ප‍්‍රති දීමනාවක් ලෙස

සම්ප‍්‍රදාය මා

කෞතක වස්තුවක් බවට

පත් කළේය.

 

මනෝජ්…

 

Last modified on Wednesday, 01 November 2017 02:32

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.