11 September 2017 Written by 

ගරුඬ මුහර්තයට රාජ්‍ය සාහිත්‍ය සම්මානය 

ශ්‍රී ලාංකේය සාහිත්‍ය ක්‍ෂේත්‍රය ‍පෝෂණය කිරීමෙහිලා දායක වූ ‍ලේඛක ‍ලේඛිකාවන් රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලැබිම උදෙසා වූ රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය පසුගිය 8 වන දින  පස්වරුවේ නෙළුම් ‍පොකුණ රඟහ‍ලේදී ජනපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

 

මෙහිදී ශ්‍රී ලාංකේය සාහිත්‍යය ප්‍රවර්ධනය උදෙසා දුන් දායකත්වය වෙනුවෙන් ජීවිතයේ එක්වරක් පමණක් හිමිවෙන සාහිත්‍යරත්න සම්මානයෙන් පිදුම් ලැබුවේ සිංහල සාහිත්‍ය වෙනුවෙන් මහාචාර්ය ආරිය රාජකරුණා, ද්‍රවිඩ සාහිත්‍ය වෙනුවෙන් නිර්වයි ‍පොන්අයියන් සහ ඉංග්‍රීසි සාහිත්‍ය වෙනුවෙන් ජීන් අර්සනායගම් යන සාහිත්‍යධරයන්ය.

වසරේ විශිෂ්ටතම නවකතාව ලෙස රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලැබුවේ කීර්ති වැලිසරගේ රචනා කරන ලද ගරුඬ මුහුර්තය නවකතාවය. විශිෂ්ටතම කාව්‍ය කෘතිය වූයේ ලක්ෂාන්ත අතුකෝරාලගේ සමහර කමටහන් කෘතියයි. මීට අමතරව විවිධ විෂය ක්‍ෂේත්‍ර 18ක් ඔස්සේ වූ නිර්මාණ උදෙසා සම්මාන පිරිනැමිණි.


Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.