Print this page
09 September 2017 Written by 

කොළඹ අන්තර්ජාතික ශිෂ්‍ය කෙටි චිත්‍රපට උළෙල (COINS)- 2017

2015-2017 සිනමා හා රූපවාහිනි උසස් ජාතික ඩිප්ලෝමාවේ අවසාන ව්‍යාපෘතිය ලෙස COINS චිත්‍රපට උළෙල සංවිධානය කරනු ලබයි. වසර 2 1/2 කට අධික කාලයක් තුල මෙම පාඨමාලාව මගින් අභ්‍යාසලාභීන් විසින් නිර්මාණය කරනු ලැබු චිත්‍රපට හා වාර්තා චිත්‍රපට, සිනමා හා රූපවාහිනි මාධ්‍ය ක්‍ෂේත්‍රයට ඉදිරිපත් කිරීම මෙම චිත්‍රපට උළෙලේ අරමුණයි. මෙවර 2014-2016 ත්‍රිමාණ සජීවීකරණ උසස් ජාතික ඩිප්ලෝමා පාඨමාලාවේ අභ්‍යාසලාභීන්ද මෙවර COINS සමග කටයුතු කරයි. දේශීය හා විදේශීය සිනමා හා රූපවාහිනි අභ්‍යාසලාභීන් විසින් අධ්‍යාපනික ලෙස නිර්මාණය කරනු ලැබු නිර්මාණ එකම තලයක සිට තරඟ කිරීම මෙහි ප්‍රධාන ලක්ෂණයයි.

 

කොළඹ අන්තර්ජාතික ශිෂ්‍ය චිත්‍රපට උළෙල මෙවර සංවිධානය කරනු ලබන්නේ තෙවන වරටයි. ශ්‍රී ලංකා පදනමේ සභාපති සරත් කෝන්ගහගේ මහතාගේ අධීක්‍ෂණය යටතේ පාඨමාලා සම්බන්ධීකාරක , සිනමා කැමරා අධ්‍යක්‍ෂක ධනුෂ්ක ගුණතිලක, සිනමා අධ්‍යක්‍ෂ සුදත් මහාදිවුල්වැව ඇතුළු මාධ්‍ය හා සිනමා ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයන් රැසකගේ මගපෙන්වීම යටතේ 2017 සැප්තැම්බර් මස 07,08 සහ 09 යන තෙදින ශ්‍රී ලංකා පදනමේදී අති උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇත.

COINS චිත්‍රපට උළෙලේ හවුල්කරුවන්

2017 තෙවන වරටත් COINS චිත්‍රපට උළෙලේ ප්‍රධාන මූල්‍යමය සහයෝගීත්වය ජනාධිපත් කාර්යාලයේ සංස්කෘතික කටයුතු කාර්යාලය සහ ජාතික සමගිය හා සංහිඳියාව කාර්යාංශය විසින් දරනු ලබයි.  හවුල්කරුවන් ලෙස Strategy හවුල්කරුවන් ලෙස  ඩයලොග් ආයතනය කටයුතු කරන අතර අනිත් හවුල්කරුවන් ලෙස ජාතික චිත්‍රපට සංස්ථාව, Digital Past Services, සූරිය සංගීත ගම්මානය, සිටි එෆ් එම්, Neo Graphics,  Cinema maya Museum, Fine vision, Prana Studio, VR filming, AMATT, Art Circle, Dil Films, Cinepro කටයුතු කරයි.

COINS තරඟකාරි අංශය

කෙටි චිත්‍රපට 300 කට ආසන්න ප්‍රමාණයක් අතරින් වෘතාන්ත, වෘතාන්ත නොවන සහ සජීවීකරණ යන අංශ තුනෙන් තරඟ වැදුනු චිත්‍රපට 56 ක් මෙම උළෙලේදී ප්‍රදර්ශනය සඳහා තෝරා ගනු ලැබීය. උළෙලේ මුල් දින දෙක වන සැප්තැම්බර් 07 සහ 08 යන දිනයන්හි පෙ.ව.9.00 සිට ප.ව. 5.00 දක්වා ශ්‍රී ලංකා පදනම් ශ්‍රවාණාගාරයේදී මෙය ප්‍රදර්ශනය කරනු ලැබේ.

COINS ලෝක සිනමා දැක්ම

මෙවර ලෝකයේ ප්‍රධාන දාරාවේ ජාත්‍යන්තර චිත්‍රපට උළෙලවල් කිහිපයක්ම කොළඹ අන්තර්ජාතික ශිෂ්‍ය චිත්‍රපට උළෙල සමග එක්වේ. ස්විට්සර්ලන්තයේ ලොකාර්නෝ චිත්‍රපට උළෙල - Open Doors, බංගලාදේශයේ Cox Beach ජාත්‍යන්තර චිත්‍රපට උළෙල, ඉතාලි MED Film චිත්‍රපට උළෙල, ප්‍රංශයේ (Vesoul)ජාත්‍යන්තර චිත්‍රපට උළෙල,  NETPAC නිදහස් ඉරාන චිත්‍රපට උළෙල මෙන්ම සිනමා පාසල් සහ විශ්ව විද්‍යාල මගින් සංවිධානය කරනු ලබන චිත්‍රපට උළෙල වලදී මේ හා එක්වේ. එනම් ඇමරිකා එක්සත් ජනපදයේ නිව් මෙන්සිකානු විශ්ව විද්‍යාලය, දකුණු කොරියාවේ බූසාන් විශ්ව විද්‍යාල චිත්‍රපට උළෙල, ජර්මනිය ප්‍රංශය යන රටවල් ශ්‍රී ලංකාවේ ජර්මන් සංස්කෘතික මධ්‍යස්ථානය සමග එක්වි ‘Short Export’ චිත්‍රපට පැකේජය ඉදිරිපත් කරනු ලබයි.

ජාතික චිත්‍රපට සංස්ථාවේ ‘තරංගනි’ ශාලාවේ මෙම විදේශීය චිත්‍රපට පැකේජයන් ප්‍රදර්ශණය සඳහා කටයුතු සැලසුම් කොට ඇත. සැප්තැම්බර් මස 07 සහ 08 වක දෙදින පෙ.ව. 9.00 සිට ප.ව. 5.00 දක්වා මෙම ප්‍රදර්ශන කටයුතු සිදුකරයි.

■             2017 සැප්තැම්බර් 07 වන දින ප.ව. 6.30 සිට සිනමා අධ්‍යක්‍ෂක අබ්බාස් කිරොස්තාමිගේ ‘Take me home’චිත්‍රපටය තිරගත කරනු ලබන අතර ශ්‍රී ලාංකීය සිනමා අධ්‍යක්‍ෂක විමුක්ති ජයසුන්දර විසින් මෙය ඉදිරිපත් කරනු ලැබේ.

‘76 minutes and 15 seconds with Abba’s Kiarostami අධ්‍යක්ෂණය කළ (Seyfolah Samadian) වාර්තා චිත්‍රපටයද තිරගත වේ.

■             2017 සැප්තැම්බර් 07 වන දින ප.ව. 9.00 සිට චිත්‍රපට අධ්‍යක්‍ෂක අදූර් ගෝපාල් ක්‍රිෂ්ණන් Nizelkatta’ (Shadow kill) චිත්‍රපටය තිරගත කිරීම

ප්‍රශ්ණ- උත්තර සාකච්ඡාව ප්‍රවීන චිත්‍රපට අධ්‍යක්‍ෂක සනී ජොශප් මහතා සමග

          2017 සැප්තැම්බර් 08 ප.ව. 6.30 සිට චිත්‍රපට අධ්‍යක්‍ෂක ජූඞ් රත්නම්ගේ ප්‍රථම වාර්තා චිත්‍රපටය ‘Demons in Paradise’ ප්‍රදර්ශණය සහ එම චිත්‍රපට කණ්ඩායම සමග ප්‍රශ්ණ - උත්තර සාකච්ඡාව

            2017 සැප්තැම්බර් 08 ප.ව. 9.00 සිට චිත්‍රපට අධ්‍යක්‍ෂක Mohsen Abdolvahab f.a ‘Being Boon’ ‘Being Boon’ චිත්‍රපටය ප්‍රදර්ශණය කරන අතර සාකච්ඡාව මෙහෙයවීම ප්‍රවීන චිත්‍රපට අධ්‍යක්‍ෂක ප්‍රසන්න විතානගේ මූලිකව සිදුකරනු ලැබේ.

සම්මාන ප්‍රදානෝත්ස්වය

COINS චිත්‍රපට උළෙලේ අවසාන දිනය වන සැප්තැම්බර් 09 වන දින ප.ව. 6.30ට රතු පලස මතින් උත්කර්ෂවත් ලෙස ගමන් කිරීමෙන් පසු සම්මාන ප්‍රධනෝත්සවය ආරම්භ කරනු ලැබේ. සම්මාන උළෙලේ ප්‍රධාන වශයෙන් සම්මාන 17ක් පිරිනමන අතර හොඳම චිත්‍රපටය සඳහා ‘රන් කාසිය’ සම්මාන (Golden Coin Award) එහි චිත්‍රපට අධ්‍යක්‍ෂක / අධ්‍යක්‍ෂවරියට හිමිවේ.

හොඳම චිත්‍රපටය සඳහා ‘රන් කාසිය’ සම්මානය සමග රුපියල් මිලියන පහක වටිනාමකින් යුත් පහත සඳහන් ප්‍රදානයන් අයත්වේ.

වෘතාන්ත නිෂ්පාදන කටයුතු සඳහා රුපියල් මිලියනයක ප්‍රදානයක් ‘විනෝදේ’ ඩයලොග් ආයතනය මගින් දරනු ලැබේ.

ශබ්ද නිර්මාණ කටයුතු සඳහා පැය 72 ශබ්දාගාර පහසුකම් (රුපියල් මිලියනයක) සූරිය සංගිත ගම්මානය විසින් ලබාදෙනු ලැබේ.

වෘතාන්ත චිත්‍රපටයේ වර්ණ සංයෝජනය සඳහා පැය 150ක වටිනාකමක් සහ අවසන් සැකැස්ම සඳහා (DCP Marketing අවකාශය ලබාදීම (රුපියල් මිලියනයක) ) Digital Post Services (Pvt) Ltd. ආයතනය මගින් ලබාදීම.

චිත්‍රපටයේ පසු නිෂ්පාදන කටයුතු වන සංස්කරණය සඳහා පැය 200 වටිනාමක් දැරීම (රුපියල් මිලියන දෙකක්) ශ්‍රී ලංකා පදනම මගින් සිදුකරනු ලැබේ.

Last modified on Saturday, 09 September 2017 01:17