03 September 2017 Written by 

ඩයනා ගමගේට රන්මිණිතැන්න නව සභාපතිත්වය

රන්මිණි තැන්න ටෙලි සිනමා ගම්මානයේ සභාපතිත්වය ඩයනා ගමගේ මහත්මිය වෙත පරිනමා ඇති බව වාර්තාවේ. මෙකී පත් කිරීම මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් සිදුකොට ඇත.

 

ඩයනා ගමගේ මහත්මිය කලා ක්ෂේත්‍ර යේ සුවිශේෂී භුමිකාවන් රාශියක් නියෝජනය කළ අතර ඇය කලා සංගම්හි ප්‍රමුඛත්වය ගෙන කටයුතු කොට ඇත.  එසේම හේමන්තයේ වස්සානය,  පුෂ්පරාජග, සිහන පවුරු, හා යර්ස් බොක්ස් යන ටෙලි නාට්‍යයන්හි නිළියක් ලෙස රඟ පා ඇති අතර ඇය ගීත ගායනයේද සුවිශේෂීතාවයක් ඇති තැනැත්තියකි.

රන්මිණි තැන්න ටෙලි හා සිනමා ගම්මානය මේ වන විට පරිහානීය තත්වයකට පත්ව ඇති අතර මෙය නගා සිටුවීම සදහා ඩයනා ගමගේ මහත්මිය විසින් සුවිශේෂි සැලසුම් ගොඩ නැගීම අත්‍යවශ්‍ය වන අතර කලාකරුවන්ගේ අභිවෘද්ධිය සදහා වැඩ කිරීම තුළ ඇයට එකී හැකියාව ඇති අතරම ඇය මේ සදහා තෝරාගැනීමේ සුවිශේෂීත්වයද මෙය බව වාර්තාවේ.

 

Last modified on Monday, 04 September 2017 00:06

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.