28 August 2017 Written by 

මනුෂ්‍යත්වයේ ආකෘතියක ඉපදෙන්න 

පශ්චාත් යටත්විජිතකරණ ලාංකීය ඉතිහාසය යනු ආර්ථික හා වාර්ගික සමානාත්මතාවය තුළින් රාජ්‍යය හැඩ ගැන්වීමට සිදු කරන ලද ජනතා අරගල කෲර ලෙස රාජ්‍යය විසින් මර්දනය කර දැමීමේ ඉතිහාසයයි. 1971 දී හා 1987 - 89 කාලයේදී දකුණේදී ඇති වූ ආර්ථික නිදහස සදහා වූ පීඩිත කැරලි තලා දැමුවාක් සේම වර්ෂ 30 කට අධික කාලයක් උතුරේ ජනාතව විසින් ජාතික නිදහස උදෙසා නගන ලද හඩද තලා දැමූවේ රාජ්‍යය සතු දරුණතම මර්දනීය උපක්‍රම භාවිතා කරමිනි. ඒ ඉතිහාසය විසින් අපට උරුම කර දී ඇත්තේ ප්‍රචණ්ඩත්වය, ම්ලේච්ඡත්වය හා අතුරුදහන් කරන ලද සාමූහික අපේක්ෂාවයි. සමාජයක් ලෙස එම අශිෂ්ටත්වය අපි අභිබවා යා යුතු වෙමු. 2009 දී අවසන් කරන ලද යුද්ධයේ අවසන් කාලයේදී තම අත් දෙකෙන් රජයේ හමුදාවට භාර කරන ලද තම දරුවන් සොයන මව්වරුන්ගේ හඩට අප සවන් දිය යුත්තේ ඒ නිසාවෙනි. රජයට භාර වූ ඔවුන් සිදූ වූයේ කුමක්ද යන්න උතුරේ ඒ අම්මාවරු සමග අපද එක හඩින් ඇසිය යුතුයි. ඉතිහාසය විසින් සිදු කරන ලද අපරාධ නැවැත්වීමට අප සමත් නොවූයෙමු. නමුත් මරණයට දක්කන ලද දූ පූතුන් පිළිබද මේ අම්මාවරුන්ගේ සිත් තුළ ඇති වරදකාරීබව සමාජයක් ලෙස අපි බෙදා ගත යුතුයි. ඉතිහාසය පුරාවට අතුරුදහන් කරන ලද යහපත් සමාජයන් ගැන හීන දුටු එම ගැහැණුන් සහ පිරිමින් වෙනුවෙන් හෘද සාක්ෂියක් ඇති මිනිස් සමාජයක් ලෙස අපි නැවත ඉපදෙමු. 

 

මනුෂ්‍යත්වයේ ආකෘතියක ඉපදෙන්න කෙටි වාර්තාමය චිත්‍රපටය සමග ඒ ගැන කතා කරන්නට අගෝස්තු 19 වන දා සවස 1 ට ඔබත් එන්න කොල්ලුපිටියේ ලංකා වෙළෙද කාර්මික හා පොදු සේවක සංගම් මූලස්ථානයට. 

මේ අදහස ඔබේ සමීපතමයන් අතර බෙදා හරින්න.

අක්ෂය සාමූහිකය

தோழர்களே,

இறுதி யுத்த காலப்பகுதியில் இடம்பெற்றதை போலவே பல்வேறு காலப்பகுதிகளில் கணாமலாக்கப்படுதல் அடக்கி ஒடுக்குவதற்கான ஒரு கருவியாக அரசினால் பாவிக்கப்பட்டு வந்துள்ளது. காணாமலாக்கப்படுதலின் அரசியல் சம்பந்தமான உரையாடலை ஆரம்பித்துவைக்கும் முகமாக அக்சய கூட்டிணைப்பினரால் தயாரிக்கப்பட்ட "மனித நேயம் பிறப்பதற்கு..." என்ற ஆவணப்படம் திரையிடப்பட இருப்பதோடு கலந்துரையாடல் ஒன்றும் இடம்பெற இருக்கின்றது. ஆகஸ்ட் 19ம் திகதி சனிக்கிழமை பி.ப 1 மணியிலிருந்து 4 மணி வரை கொள்ளுப்பிட்டியில் அமைந்துள்ள இலங்கை வர்த்தக, கைத்தொழில் மற்றும் பொதுத் தொழிலாளர்கள் சங்கத்தில் (CMU) இக்கலந்துரையாடல் இடம்பெறும். கலந்துகொள்ள உங்கள் அனைவரையும் தோழமையுடன் அழைக்கின்றோம்!

- அக்சய கூட்டிணைவு

 

https://www.facebook.com/1694053750837015/videos/1939268672982187/

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.