08 May 2017 Written by 

මල මුහුද මිහි මතය එනමුත් ඒරට මලවුන් සමගය - නයනකේෂි විජේකොන්

කොජාබේ යනු ධීවරයෙකි.ඔහුගේ පරම්පරාවම යැපුනේ ධීවර කර්මාන්තයෙනි.එහෙත් අද ඔහු ජිවත් වන්නේ ලවණ ගතියෙන් ඉහල වැලි තලාවක් අසළය.ඔහුට අද සිය පරම්පරාවේ උරුමය වූ ධීවර කර්මාන්තයේ යෙදිමට අවස්ථාවක් නොමැත.එ් ඔහු හා පරම්පරාව සියවස් ගණනාවක සිට යැපුනු එ්රල් මුහුද තව දුරටත් මුහුදක් නොවු නිසාය.එ්දා නිල් පැහැයට රැුළි නැගුනු ඔවුන්ගේ ජීවනාලිය බඳු වූ එ්රල් මුහුද එක යායට විහිදි ගිය වැලි කතරකි.

මධ්‍යම ආසියාවේ කසකස්ථානය හා උස්බෙකිස්ථානයට මායිම්ව වර්ග කිලෝමීටර් 68,000 ක භූමි ප‍්‍රදේශයක් පුරා විසිර තිබු එ්රල් මුහුද ගැඹුරින් මීටර් 40 නට ආසන්නය.විශාලත්වය අතින් මෙම මුහුදට ලොව සිව්වන ස්ථානය ද හිමිව තිබුනි.අමු ඩර්යා හා සයිර් ඩර්යා යන ගංගා දෙක මගින් ප‍්‍රධාන වශයෙන් පෝෂණය වූ එ්රල් මහුද ලවණතාවය අතින් පහළ ස්ථානයක රැුඳි තිබුනි.එ් අනුව මෙහි ජලයේ ලවණතාවය එක් ලීටරයකට ග්?ම් 10 කි.1850 දී පමණ පැරණි සොවියට් රුසියානු පාලන සමයේ මෙම මුහුදේ ආරක්ෂාව උදෙසා යුද නැව් කිහිපයක් ද යොදවා තිබි ඇත. එලෙසම මෙහි මුල්ම වරට යුධ නැවක් යාත‍්‍රා කර ඇත්තේ 1847 දී පමණය.සොවියට් දේශයේ මත්ස්‍ය අවශ්‍යතාවය සපුරාලීමේදි හතර වැනි ස්ථානය හිමිව තිබුනේද එ්රල් මුහුදටය.12,000 ක පමණ සේවක පිරිසක් සේවයේ යෙදි ටින් මාළු කර්මාන්ත ශාලාවක් ද මේ ආශ‍්‍රිතව පිහිටුවා තිබුනි.එ් යුගයේදී මෙහි ජල තලය මත නිරන්තරයෙන් ධීවර කර්මාන්තය වෙනුවෙන් යොදවන ලද නැව් හා බෝට්ටු යාත‍්‍රා කරමින් පැවතිනි.මෙහි පැවති අඩු ලවනතාවය හේතුවෙන් කෘෂිකාර්මික කටයුතු උදෙසාද ජලය යොදා ගන්නා ලදි.එ් අනුව මෙහි ප‍්‍රධාන පෝෂක ගංගා දෙක ආශ‍්‍රිතව ඉදිකැන ලද ඇල මාර්ග මගින් අවට වූ කාන්තාර ප‍්‍රදේශවල කපු හා කොමඩු වගා කරන ලදි.

එ්රල් මහුදේ විනාශය නිශ්චිත ලෙසම ආරම්භ වනුයේ සොවියට් රුසියාවේ පාලකයෙකු වූ ජොෂප් සිටාර්ලින් ගේ පාලනය සමයේදීය.කපු වගාව මගින් ඉහල ආදායමක් ලබා ගැනිමේ අරමුණ ඇතිව 1961 දී වඩා විශාල ඇල මාර්ග මගින් එ්රල් මහුදේ ජලය පිටතට ගෙන යාමටත් එහි ප‍්‍රධාන පෝෂක ගංගා දෙකේ ජලය රඳවා ගැනිමටත් තීරණය වූ අතර ඊට අවශ්‍ය පියවරද කඩිනමින් ගනු ලැබීය.මෙම කිසිදු ව්‍යාපෘතියක් සිදුවුයේ පරිසර හිතකාමී අයුරින් නොවන අතර මෙවායේ මුලික අරමුණ වූයේ අධික ලාභයයම පමණක් විය.මෙහි අවසාන ප‍්‍රතිඵලය වූයේ ජලයෙන් 75% ප‍්‍රමාණයක් ඇල මාර්ග වලදීම අහසට වාෂ්පව යෑමයි.

මේ අනුව ව්‍යාපෘතිය ආරම්භ වී වසරකට පසුව එනම් 1961 සිට 1970 දක්වා වූ කිලය තුල එ්රල් මුහදට සිය ජල ධාරිතාවයෙන් සෙන්ටිමීටර් 20 ක් වාර්ෂිකව අහිමි විය.1970 සිට 1980 දක්වා වූ කාලය තුල සෙන්ටිමීටර් 50 ත් 60 ත් අතර ප‍්‍රමාණයක් අඩු වූ අතර 1960 සිට 2000 දක්වා මේ අඩු වීම 80 ත් 90 ත් අතර ප‍්‍රමාණයකට ඉහල ගියේය.එ් මෙම යුගයේ මෙහි ජලයෙන් වවනු ලබන කපු ප‍්‍රමාණය දෙගුණ කර තිබියමයි.මෙලෙස ජල මට්ටම සිග‍්‍රයේන් පහත වැටීමද සමග එ්රල් මුහුදට සිය අණසක පතුරවාගෙන සිටි භූමි ප‍්‍රමාණයද ක‍්‍රමයෙන් අතහැරිමට සිදුවිය.

මෙලෙස සිග‍්‍ර වේගයෙන් එ්රල් මුහුද සිඳි යන බව මුල සිටම සොවියට් බලධාරින් දැන සිටියද එ් සඳහා අවශ්‍ය පරිදි පිලියම් යෙදිමේ වුවමනාවක් ඔවුන්ට නොවීය.පසු කාලිනව මේ උදෙසා යම් යම් පියවර සුළු වශයෙන් ගත්තද එ් වන විට සියල්ලො ප‍්‍රමාද වැඩි විය.

මෙහි විනාශය ආරම්භ වූ 1961 වර්ෂය වන විට එ්රල් මුහුද සිය විනාශයට මුල් වූ සොවියට් රුසියාවට වසරකට ටොන් 48,000 ක පමණ මත්ස්‍ය අස්වැන්නක් ලබා දෙමින් සිටියේය.එහෙත් අද වනවිට වන විට එදා නිල් ජලය දෙබැකරමින් ඉදිරයට ගිය බෝට්ටු හා නැව් සුදු පැහැ වැලි තලයක් මත දිරා යමින් තිබේ.එ් සෙවනෙහි අද ගිමන් හරින්නේ කාන්තාරයේ නෞකාව වූ ඔටුවන්ය.1960 සිට 1990 දක්වා කාලය තුල එ්රල් මුහුද ආශ‍්‍රිතව යැපුනු සංඛ්‍යාව 75,000 කට අධික වූ අතර මුහුදේ විනාශය ද සමග විපතට පත් සම්පුර්ණ සංඛ්‍යාව මිලියන 5 කට අධිකය.දැනට ගණන් බලා ඇති අකාරයට එ්රල් මුහුද 2020 වන විට සම්පුර්ණයෙන්ම මහිතලයෙන් වියැකි යනු ඇත.

පැරණි සොවියට් රුසියාව බිඳ වැටිමත් සමගම මෙම මහුදේ අයිතිය හිමිවූයේ උස්බෙකිස්ථානයටය.මේ නිසාමදෝ උස්බෙකිස්ථාන වැසියෝ එ්රල් මුහුද අතහැර දමන්නට අකමැතිය.එහෙයින් ඔවුහු ”එ්රල් සමාවන්න”, ”එ්රල් නැවත පණ ලැබේවා”, ”එ්රල් යළි අප වෙත එන්න” වැනි පුවරු සවිකර තිබෙනු දැකිය හැකිය.එහෙත් තමා අවට සිටින ජනයාට කිසිදු සමාවක් නොදෙමින් එ්රල් මුහුද මිය යමින් සිටියි.මේ පණ අදිනුයේ දසිය විනාශයට මුල් වූ මානවයාට දරුණු ලෙසට දඬුවම්ද ලබා දෙමිනි.එ්රල් මුහුද දෙසින් හමන ලවණ මිශ‍්‍රිත සුලං ධාරා නිසා අද වන විට උස්බෙකිස්ථානය පුරා උගුරේ පිළිකා හා ළදරු මරණ ඉහල ගොස් තිබේ.මේ අවට කිලෝ මීටර් 300 ක පමණ භූමි ප‍්‍රමාණයක් පූරා පිහිටි සියළු ගහ කොළ ද මේ සුළං නිසා පිඩා විඳිති.දැනට ලැබෙන දත්ත වලට අනුව මෙම විෂ සහිත සුළං ධාරා නිසා පිඩා විඳින්නේ උස්බෙක් වැසියන් පමණක් නොවේ.මෙම සුළං වල බලපෑම උතතර ධ‍්‍රැවයේ හිම වලසුන්ට පවා බලපා ඇත.එලෙසම මෙම ලවණ සහිත සුළං ජපානය හා ස්කැන්ඩිනෙවියානු රටවල් දක්වාද විහිද යන්නේ මෙය උග‍්‍ර පාරිසරික ගැටළුවක් බවට පත් කරමිනි.

 

Last modified on Monday, 08 May 2017 18:24

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.