08 May 2017 Written by 

"ටෙලි නිර්මාණය මංකොල්ල කෑමට පෙර ලියමි"

වර්තමාන ටෙලි නාට්‍ය වැටීි ඇති ඛේදජනක තත්ත්වයේ තවත් පැති කඩක් ගැන සටහනකුයි මේ ලියන්නෙ.

මේක පෞද්ගලික කාරණයක්.

 

රන්මිහිතැන්න ටෙලි සිනමා ගම්මානයේ ටෙලි නාට්‍යක් රූගත කරනවනම් ජාතික රූපවාහිනියේ විකාශය සඳහා අවස්ථාවක් ලබාදෙනවාය යන්න එකළ ජනමාධ්‍ය ලේකම් ව සිටි මහත්මයෙක් ප‍්‍රකාශ කළ මොහොතක මා සිටියේ ටෙලි නිර්මාණ වේදීන්ගේ සංසදයේ යම් තනතුරක් දරමින්.

ඒ වනවිට මම අජන්ත අලහකෝන් සහෝදරයාගේ අවශ්‍යතාවක් වෙනුවෙන් ටෙලි නාට්‍ය පිටපතක් සඳහා කතා සාරාංශයක් ලබාදී තිබුණි.

ලංකාවේ අපොස උපෙළ කිරීමෙන් විශ්ව විද්‍යාල අධ්‍යාපනයට වරම් නැති තරුණයෙකු විරැකියාවෙන් සිටිද්දී ගමේ වෙනත් අයෙකුගේ මග පෙන්වීම යටතේ තම ගම් ප‍්‍රදේශයේ නිදැල්ලේ යන ගවයන්හොරෙන් වාහන වලට පටවා මුදල් උපැයීම අරඹා අනතුරුව හරක් හොරෙන් පැටවීමේන් පොලිසියට හසුවීමෙන් අනතුරුව ගමේ පන්සලේ උපාධියක් හිමි හාමුදුරුවන් විසින් ඔහුව බේරාගෙන වෘත්තීය වශයෙන් කිරි හරක් ඇති කිරීමට පෙළඹවා ඒ තුළින් ඔහු සාර්ථක ව්‍යාපාරිකයෙකු බවට පත් කොට අනතුරුව ඔහු තම ප‍්‍රදේශයේ පාසල් හැර ගිය තරුණ අයට රැකියා අවස්ථා ලබාදීමෙන් පසු ඔහුට මුහුන දෙන්නට වන විවිධ ප‍්‍රශ්න ගැටළු ආදී වශයෙන් වූ කොටස් 40 කට තිර රචනාවක් කළ හැකි කතාවකි.

මේ කතාව හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ හෝ දඹුල්ල ආදී ප‍්‍රදේශ වල රැුෑගත කළයුතුය යන්න මා මන්සේ චිත‍්‍රනය ව තිබිණ.

අජන්ත අලහකෝන් සහෝදරයා ට මෙහි සාරාංශය ලබාදී කාලයක් ගියද එය ඔහු ලබාදුන් පාර්ශවය ට කරගැනීමට තරම් අවස්ථාවක් නොවීමෙන් එය ඔහේ තියෙද්දී අනුරුද්ධ ජයසිංහ අප හිත මිත‍්‍රයා මගෙන් පිටපතක් සම්බන්ධයෙන් කරුණු විමැසූ මොහොතේ මම ඔහුට මෙම කතා සාරාංශය පිළිබඳ පැවසුවේ නිකමට මෙනි. මන්ද මා ටෙලි නාට්‍ය නිර්මාණය කිරීම සම්පූර්ණයෙන්ම අත් හිටුවා තිබිීම හේතුවෙන් තිරපිටපත් සඳහා එකතු කරගත් නිර්මාණ වස්තු බීජ රැුසක් ලෝභ කමින් මා තබාගෙන සිටියේ ටෙලි ානට්‍ය කලාවක් ලෙස යම් ප‍්‍රගමනයක් ලැබූ කලෙක මේවා කරන්නටය.

එහෙත් මා එය අනුරුද්ධට පැවසුවේ ඔහු හොඳ නිර්මාන කරුවෙක් වන නිසාය. මම ඒ බව ඔහුටද පැවසුවෙමි.

කෙසේ හෝ මෙම වස්තු බීජය ට අනුරුද්ධ කැමතිවීමෙන් පසු එය ලියැන්නයි මට පැවසුවේ මා කාර්්‍ය බහුල මොහොතකය. මම එය ඔහු කැමති තිර රචකයෙකු ලවා ලියැවන්නයි කියා... එය ලියා අවසන් වූ පසු මට කියවන්නට ලබාදෙන ලෙසද ඉල්ලීමක් කළෙමි.

අනුුරුද්ධ මා හමුවට සමන්ත ගමගේ නම් වූ ටෙලි නාට්‍ය රචකයා රංගන ශිල්පියා මා හමුවට එව්වේ ඉන් අනතුරුවය.

සමන්ත ට මම මගේ හිතේ ඇඳි තිබූ කතාව පැය දෙකක් හෝ තුනකට ආසන්න කාලයක් A to Z කියා ඒ සම්බන්ධව අපි සාකච්ජා කළෙමු.

සමන්ත ඉන් පසු මට අවස්ථාවක් දෙකක් කතා කලාට පසු කිසිවිටෙක මෙම ටෙලි නාට්‍ය පිටපත සම්බන්ධව මේ මොහොත දත්වා කතා කොට නැත.

මෑතකදී දවසක අනුරුද්ධ ජයසිංහ මාගේ සහෘදයා මම යශෝධරා චිත‍්‍රපටයේ පසුතල සෙවීම් කටයුතු වල නිරතව සිටිද්දී දුරකථනයෙන් කතා කොට කීවේ 

"මනෝ අර ඔයාගෙ ටෙලි නාට්‍ය කතාව වෙන ඩිරෙක්ටර් කෙනෙක් කරන්න යනවා කියාය."

මා ඇසුවේ එය කෙස් සිදුවූවක් ද යන්නය.

එය සිදුවී ඇත්තේ මේසේය. එය අනුරුද්ධ නම් කොට තිබුනේ "ඉරට හැතැම්මයි" යන නමිනි. එය කොටස් 16ක් පමණ ලියා නිමකොට තිබී ඇත. සමන්ත එක්තරා අධ්‍යක්‍ෂවරයෙක්ගේ ටෙලි නාට්‍යක රගපාමින් සිටියදී තිර පිටපතක් ගැන වූ කතාබහකදී මෙම ටෙලි නාට්‍ය පිටප. පිළිබඳ කී විට අධ්‍යක්‍ෂවරයා එය බැලීමට ඉල්ලා ඇත. එය බැලීමෙන් පසු ඔහු එය කිරීමට කැමති වී සමන්තගෙන් එය ඉල්ලා ඇත. නමුත් අනුරුද්ධ "ගින්නෙන් උඵන් සීතලට" පසු එම ටෙලි නාට්‍ය කිරීමට සැළසුම් කර තිබූ බවත් සමන්ත එය දීම ප‍්‍රතික්ශේප කිරීම හේතුවෙන් ඇතිවූ යම් යම් කාරනා මත මෙම කතාව මනෝහාරී ගේ බව එම අධ්‍යක්‍ෂවරයාගේ නිෂ්පාදක වරයා දැනගැනීමෙන් අනතුරුව එම නිෂ්පාදකයා මනෝහාරී ඇමතීමෙන් පසු මෙහි ඇතුල් පැත්ත පිළිබඳ වාර්ථා විය.

'ඉරට හැතැම්ම' යන නම අනුරුද්ධ යෙදූ නමක් වන අතර එහි කතාවස්තුව මගේය. සමන්ත එහි රචකයාය. දැන් අලුත් නිෂ්පාදකයා ඇතුළු එම කණ්ඩායම එම නමින්ම ටෙලි නාට්‍ය කිරීමට සූදානම් විය. අනුරුද්ධ එයට අකමැති විය. සමන්ත කීවේ කුමක්දැයි මම නොදනිමි. අලුත් නිෂ්පාදකවරයා මගෙන් කතාව ඉල්ලා සිටියාය. මම එය අනුරුද්ධට දී තිබුනත් මුදල් ලබාදී තිබුනේ නැත.නමුත් මම එය අලුත් නිෂ්පාදක වරයාට දීම ට එකග නොවීමි.

මේ වනවිට එම පිටපත කාගේ හෝ නිෂ්පාදනයක් බවට පත්වන්නට ඇති ඉඩ කඩ බොහෝය. නිර්මාණ මංකොල්ලයක් වීමට ආසන්න මොහොතක තිබෙනවාද යන්න නොදනිමි.

නමුත් මේ සම්බන්ධව මේ වනවිටත් මම නීති උපදෙස් පතා ඇත්තෙමි.

ටෙලි නාට්‍ය ව්‍යාපාරය තුළ නිර්මාණ මංකොල්ලය විවිධ අයුරින් සිදුවෙන බව නොරහසකි. මෙය සිදුවන්නේ අප අතරමය. අපි හිතවත් යැයි මිතුරන් යැයි කියා ගන්නා පිරිස් අතරමය.

මෙම සිදුවීම මෙලෙස සටහන් කොට තබන්නේ දැනගැනීම පිණිසය.

 

මනෝහාරී හේවාවසම්

Last modified on Monday, 08 May 2017 14:59

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.