02 December 2016 Written by 

ඇනලයිස් ආදර කතා  -  සඳමාලි ජයසේකර 

අපි හැමෝටම ඇටිටියුඩ් එකක් තියෙනව..ඒකට ගැලපෙන සිස්ටම් එකකින් තමයි අපි ජිවත් වෙන්නෙ කොටින්ම කියනව නං ආදරේ කරන්නෙත් ඒ සිස්ටම් එකට අනුව....කෙනෙක් තවත් කෙනෙක්ගෙන් බලාපොරොත්තු වෙන සිස්ටම් එකක් තියෙනව...අපට ආදරෙ කරන කෙනා අපි කැමති සිස්ටම් එකේ නෙවී නම් එයා අපෙ හිත එයාව රිජෙක් කරනව...මොකද කැමැත්ත මත තමයි ආදරය තීරණය වෙන්නෙ...අපේ අම්මලාගේ අප්පච්චිලාගෙ ආදරේ ගත්තොත්...ආදර හසුන් ලිවීමේ කලාව තුලින් තමයි අපෙ අප්පච්චි නම් වැඩේ ගොඩ දාගෙන තියෙන්නෙ...කොල දාහක විතර ලියල ලියල අන්තිමට දෙයියනෙ කියල ලියාගන්න ලියුම අම්මට දීගන්න බැරුව අප්පච්චි හෙනම කට්ටක් කාලා තියෙනව..

 

.වෙලාවකට හතර දෙනාම එකතු උනාම...අප්පච්චියි මායි කරන්නෙම අම්මව අවුස්සන එක..ඒක හරිම ආදරණීයයි.(අම්මට තද වෙලා බැන්නෙ නැත්තම් )තාමත් අම්මා ඒ ලියුම් තියාගෙන ඉන්නවා..(මං හොරෙන් බලනව...අප්පච්චි මේම හිටියට ඉස්සර සත්‍ය ප්‍රේමයෙ භෘංග රාජයෙක් කියල මීටර් උනේ ඒවා කියෙව්වම?)..කෝම වෙතත් කාලයක් යනකොට පෙම් හසුන් කලාව සිස්ටම් එකෙන් විසි වෙලා ෆෝන් එක කියන උපාංගය සමාජගත වෙනව. .දැන් කට්ටියට රජ මගුල් දත කාලා කාලා ෆෝන් කට්ටක් හොයාගෙන අපෙ කට්ටියත් ගේමට එන්ටර් වෙනව..අවුලකට තියෙන්නෙ විරුද්ධ පාර්ෂවයේ නම්බර් එක හොයාගන්න එක විතරයි.යාළුවො නිසා ඒකත් ගොඩ..

.ඊට පස්සෙ ඉතින් කෙටි පණිවිඩ ආදර යුගය...ඒකත් හරියට ක්ෂණික කොත්තු වගේ.. කිසිම රහක් නැ.I Love You ..කියල මෙහෙන් එහෙට යනකොට I Love you 2.,කියල එහෙන් මෙහෙට සැනින් එසැනින් දත්ත ගබඩාව මකනවා..දැන් හරි...ආදරේ කරනව තුන් තිස් පැයෙ කෑවද බිව්වද අහනව ඒත් සවඥානය වෙන තැනක...පැය ගනං කට්ටක් කාලා ලියුමක් අරන් ගිහින් ඒ සුවඳ විදින ගමන් කියවනව වගේ නෙවෙයි..සමහර විට ගෝලීයකරණය වෙන ලෝකේක ආදරයත් තාක්ෂණීකරණයට අහු වෙලා වෙන්න පුලුවන්. ..

ඔන්න ඊට.පස්සෙ.සකර්බර්ග් මහත්තයා එෆ් බී හොයාගන්නවා..වයිබර් මැසෙන්ජර් ඊටත් පස්සෙ වට්සඇප්...ස්කයිප්.....9 ය වසරෙ ඉන්න කොලුපැලියත් account එකක් ක්‍රියේට් කරගෙන ගේමට බහිනව.මුලින් මුලින් සිස්ටම් එක නොතේරෙන නිසා අවුල් යන තැන් තිබ්බත් අපෙ අය සර්වකාලින වැඩ නතර කරල බොක්කෙන්ම සිස්ටම් එක ඉගෙන ගන්න වෙහෙසෙනව.හැබැයි ඒ උනන්දුව ඉගෙන ගන්න තිබ්බ නං ඉහෙ කෙස් ගානට ඉංජිනේරු .මහත්තුරු බිහිවෙන්න තිබ්බ කෝමහරි...පැය ගනන් ඔන්ලයින් ඉඳලා ගින්දර කෑල්ලක් දාගන්නවා.

ටික කාලයක් යනකොට තේරෙනව මේ ප්‍රොෆයිල් පික් එකේ ඉන්න කෙල්ල නෙවෙයි කියල .ඒත් වැඩෙ අතාරින්නෑ . මැසෙන්ජර් චැට් කරලා වට්සඇප් පොටෝ යවලා ස්කයිප් එකෙන් ඔක්කොම කරගන්න පුලුවන් යුගයක් වෙච්චිකොට ආදරේ ගැන අහවල් කතාද..මාත් ඉපදුනෙ ෆේස් බුක් එකටම තාරුණ්‍ය දිය කරන්න සිද්ද වුනු යුගයක...තාමත් අපි කරන්නෙත් ඒක...සමහරවිට මේ ඇනලයිස් වෙලා තියෙන සිස්ටම් එක නිසා ආදරය කියන ටොපික් එක තුට්ටුවටම වැටිලා හරියට ඩොලරය වැඩි වෙද්දි රුපියල බල්ලට යනව වගේ...ආදරය දැන් බල්ලට ගිහින්ද කියලත් හිතෙනව කොහොමත් ඉස්සර ඉඳන්ම බල්ලොත් එක්ක බැ කියන මාතෘකාවෙ හිටපු අය ආදරය බල්ලට දැම්මා වෙන්නත් පුලුවන්...මං ඔයාට ආදරෙයි කියන එක කිසිම රහක් නැතුව මේ බලන් ඉද්දි මජං ඩෙසර්ටෙකක් වෙනව .

ශාරුක් ඛාන් ලා ප්‍රිති සිතල රික්වෙස්ට් දාගෙන දාගෙන යනව.කට්ටිය ඇක්සෙප්ට් කරගෙන කරගෙන යනව...බෲස්ලී අඩො මචන් අඩියක් ගහමුද කියල මැසෙන්ජර් දාලා තිබ්බත් ඩෝන්ට් බී අවුල් .....මොකද එෆ් බී යෙ අන්දන සහ ඇන්දෙන පිරිස වැඩී ....

මට නං කියන්න තියෙන්නෙ ගොනෙක් උනාට කමක් නෑ උම්බෑ කියන ගමන් ගහන සෙල්පි වෝල් එකේ අලවන්න එපා කියල විතරයි.මොකද විලි ලැජ්ජයි බලන අපට........

Last modified on Friday, 02 December 2016 17:07

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.