ආ මල්ලී.. මට හිතෙන්නේ කොස්තයියා තමන්ගේ පලිගු වීදුරු කැට වගේ දිලිසෙන අතීතය මේ අරක්කු රසය එක්ක හැමදාම මාත්තු කලා කියලා. කොස්තයියා කියන්නේ වැරදි ජීවිතේ හොයාගෙන ගිය මිනිහෙක්.. දැන්නම් මෙහෙම මිනිස්සු හරි අඩුයි. හැබැයි අරක්කු වගේ රස ජීවිතයක් ඕනිම මිනිහෙකුට ලගා කරගන්න පුළුවන් කියන එක කොස්තයියගෙන් පේන්න ගන්නවා. මිනිහෙක් කට්ටකාලා මෙහෙම ජිවිතයක් ගත්තහම ඔහුට සමාජයේ සම්මත ගොඩක්දෙවල් නැතිවෙනවා. ඒකතමයි අර සොමි ජීවිතේ හිලව්ව. කොස්තයියගේ නළු ජීවිතේ මට හිතෙන විදිහට පටන්ගන්නේ සුගත් ලගින්.
ඒ හිතහොද අම්මන්ඩි නාට්යෙන්. ඊලගට දුන්න තමයි කොස්තයියා නළුවෙක් කරන්නේ. ඒ සම්මානෙකුත් එක්ක. ඊලගට දම්ම පතිරාජ එල් එස් වගේ අයත් එක්ක ඇබ්සර්ඩ් තියටර් (Theatre of the Absurd) එකේ රගන කොස්තයියා පතී එක්ක සිනමාවට එනවා. ඇත්තටම කොස්තයියා දැක්කගමන් මට කෙලින්ම මතක්වෙන්නේ බබරු ඇවිත් ෆිල්ම් එකේ වීරේ කරන දේශනේ.. අන්තිමට හරක්විතරයි මේක අහගෙන ඉන්න ඉතුරු වෙන්නේ...
ඇත්තටම කොස්තයියා කියන්නේ නළුවෙක්. මුල්කාලීන නාට්ටි ටිකයි ෆිල්ම් ටිකයි බැලුවනම් මේ නළුකම අදුරගන්න අමාරු නැහැ. ලංකාවේ නළුවන් අස්සේ ජෝ, ගාමිනි ඉන්නේ කොතනද එතන කොස්තයියත් ඉන්නවා.. සමහර වෙලාවට ඊටත් වැඩිය උසින්. ඉතිං දැන් කොස්තයියා යන්න ගිහිං... රිට්ස් පාලු වෙලා. අරක්කුත් ගනන්ගිහින් එහෙම බැලුවහම ඔයා ගිය එකත් හොදයි කියලා හිතෙනවා...
කේ සංජීව