08 December 2020 Written by 

ලෙයින් උපන් ගීතයක්

කලා නිර්මාණයක් මිනිස් චෛතසිකයත් එකට ඈඳුණු නිවුන් සොහොයුරන් වෙයි. එය ආර්ථික ක‍්‍රියාවලිය තුළ මුල් ඇදුන වෘක්ෂයක් වෙයි. සරල තේරුමින් ගතහොත් මිනිස් චින්තාවේ ඉතිහාසය කෙබඳු ද කලාවේ ඉතිහාසය ද ඒ දක්වාම දිව යන්නකි. එහෙයින් කලාව ආර්ථිකයෙන් ද සමාජ දේශපාලන ක‍්‍රියාකාරිත්වයෙන් ද ගලවා දිගේලි කිරීම ඊට කරනා නිගරුවකිත වැරැුද්දකි. ඊට මෑත නිදසුනක් දැක්විය හැකි ය. පසුගිය දිනක රූපවාහිනී වැඩසටහනකට පැමිණි ප‍්‍රකට ගායිකා නන්දා මාලනියගෙන් නිවේදකයා විසින් අසනු ලැබූ පැනයන් අතර එකක් වූයේ ‘‘පවන’’ ප‍්‍රසංගය පැවැත්වූයේ ඇයි ද යන්න ය. නොපැකිල වූ මාලනියන් ඇසුවේ එවන් ප‍්‍රසංගයක් නොපැවැත්වූයේ නම් ඒ ඇයි ද යන්න ය. සමාජ ආර්ථික දේශපාලන ව්‍යුහයන් තුළ කලාව මුල් ඇද ඇති බවට එය කදිම නිදසුනකි. එහෙයින් මම ද මගේ ලිපියත් ඒ අනුසාරයෙන් ම පවන ප‍්‍රසංගය හාම බැඳී ලියන්නට තීරණය කළෙමි.

 

පවන ප‍්‍රසංගය කරලිගත වූයේ 1987-89 භීෂණකාරී එ.ජා.ප. පාලන කාලය තුළ ය. රාජ්‍ය ආරක්ෂක යාන්ත‍්‍රණයම වධකාගාරයක් බඳු විය. තරුණ රුධිරය මහ දවාලේ අමු අමුවේ මහ ම`ග ගලා ගියේ ය. සුදු හැඳගත් දේශපාලන යාන්ත‍්‍රණය (එ.ජා.ප.* සියල්ල පිටුපස විය. එවන් වටපිටාවක මිනිස් හැ`ගීම් කලා නිර්මාණ තුළින් එළි දැකීම අභෞතික වූවක් නොවිණි. එවක නිර්මාණ අතරට ආ ධවල භීෂණ ඒකාධිපති හෙණ මාඝාත ආදී වශයෙන් වන නිර්මාණ අතරින් එකකි පවන ප‍්‍රසංගය. එහි සිය`ඵම ගීත මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ පබැඳුමින් හා නන්දා මාලනියන් ගේ මධුර භාෂණයෙන් නිර්මිත විය.

 

ප‍්‍රසංගයේ ගීත සමුච්චය ම පාහේ පැවතියේ එවකට වූ සමාජ යථාර්ථය පසක් කරමිනි. ඉන් ධ්වනිත වූයේ පීඩිතයින්ගේ මනෝභාවය ය. රාජ්‍ය පාලනයේ සැහැසි බව ය. සමාජ අසාධාරණත්වය ය. මිනිසුන් ගේ නිද්‍රාශීලී බුද්ධියට ආමන්ත‍්‍රණය කළ මෙම ප‍්‍රසංගය 71 අපේ‍්‍රල් නැගිටීමෙන් පසු උපන් විමුක්ති ගී ප‍්‍රසංගය හා සමාන විය. එහි ම දිගුවක් විය. අභීත සමාජ ක‍්‍රියාකාරීත්වයක් විය. එහෙත් කනගාටුවට කරුණ වූයේ, ඒ පිළිබඳ සුපැහැදිලි සමාජ කතිකාවක් ඇති නොවීම ය. ඒ අන් කිසිවක් නිසා නොව, පාලකයින් විසින් දියත් කර තිබූ ගොරෝසු සමාජ මුඛවාඩම නිසා ය.

 

සාධු ජන ගණ මනා... ගීතයෙන් ඇරඹී ගලා ගිය එම ප‍්‍රසංගයම එකම ගීතයක් විය. සෑම ගීතයක් ම මිනිස් හැ`ගීම් උද්දීපනය කිරීමට සමත් විය. දේශානුරාගය ද සාමූහිකත්වය ද විශ්වීය වූ මානව බැඳීම ද උද්දීපනය කිරීමට සමත් විය. නිද්‍රාශීලී වූ මිනිස් හැ`ගීම් අවධි කළා වූ ද බුද්ධිමය නිම් වළලූ පු`ඵලූ කළාවූ ද එම ප‍්‍රසංගය තුළින් එවකට පැවති සමාජ දේශපාලන යථාර්ථය කදිමට නිරූපණය කළේ ය.

 

‘‘කලාව යනු පවත්නා දේ සෞන්දර්යයාත්මකව ප‍්‍රතිනිර්මාණය කිරීමකයි යන ටොල්ස්ටෝයිගේ ප‍්‍රකාශය මනාව පසක් කිරීමට හොඳම නිදසුන එම ප‍්‍රසංගයයි. සුනිල්, නන්දා දෙපලට ජීවිත ආරක්ෂාව පතා රට හැර යන්නට බල කරනු ලැබීමෙන් එය වඩාත් පසක් වේ.

 

පවන ප‍්‍රසංගයේ ගීතවල තිබූ විශිෂ්ඨත්වය වන්නේ එම ගීත සරල ගීත වීම ය. එනිසා ම එය උගත් නූගත් පොදු ජනයාට මනාව ග‍්‍රහණය කරගත හැකි විය. ඇතැම් අනුවණ විචාරකයින් ඒවා ගීත නොව සටන් පාඨ යැයි විවේචනය කළේ ඒ සරල බව නිසා ය. එහෙත් ප‍්‍රභාවිත රචනයක යෙදෙමින් රත්න ශ‍්‍රී විජේසිංහයන් කීවේ මෙවැන්නකි.

 

‘‘පවන විශිෂ්ඨ ගී සරණියක් වන්නේ එය නන්දා මාලනියගේ මධුර ධ්වනිය පමණක් ම නොව මනා සංවිධිත අරුත් රැුසක ධ්වනිය ද නගන බැවිනි. එම අරුත් වඩාත් යහපත් ලෝකයක් දිනා ගැන්මෙහි ලා මිනිසා පොළඹවන බැවිනි...’’

 

නොදැනීම ලිපිය දිග වැඩි වෙමින් තිබේ. එය ගෝචර නොවේ. එහෙයින් ම ප‍්‍රසංගයේ එක් ගීතයක් පමණක් සටහන් කරමින් මෙය අවසන් කරන්නේ එම ගීත නැවත ශ‍්‍රවණය කිරීමට ඔබට ඇරයුම් කරමිනි. එසේ ම තමන් ජීවත් වන යුගය තුළ වන අව්‍යාජ වුවමනා හඳුනා ගනිමින් ඊට අනුගතව සැබෑ භාවිතයක යෙදීමට ද ආරාධනා කරමිනි.

 

යදමින් බැඳ විලංගු ලා මගේ පුතා රැගෙන යන්

ඉඳිකටු ඇණ ඇ`ගිලි තලා දෙතිස් වධය පමුණුවන්

අ`ඵත් ලොවක් ගැන සිතීම දඬුවම් දෙන වරද නම්

කුමට එරට අධිකරණය නීතිය හා විනිසුරන්

 

කකා බිබී නටන අතර නරුම යහ`ඵ යෙහෙළියන්

පන්දු කෙළින අතර ඉහළ පාසල්වල අමනයන්

රට ගිනි ගෙන ඇති වග දුටු මගේ එකම පුතණුවන්

එගිනි නිවන ම`ග සෙවීම වරදක් දැයි මට කියන්

 

ගින් ගන්නා රටක කෙලින මී හරකුන් වැනි පුතුන්

කුමට ද මට මහ විරුවෙකි සිරගෙයි මළ මගෙ පුතුන්

කෝටි ගණන් බිහි වේවා මගෙ පුතු වැනි තව පුතුන්

කිරි මව් ලෙස මම ඉන්නම් එවන් පුතුන් ළ`ග උතුම්

 

සරත් දසනායකයන් සංගීතවත් කළ එම ගීතයේ ඇති සරල බවත් එවක සමාජ තත්වය නිරූපණයත් ඉහළ විශිෂ්ඨත්වයක් ගෙන හැර පායි. බොහෝ තරුණයින් අත් අඩංගුවට ගත්තේ රාත‍්‍රී නින්දේ දී ය. ඊට හේතු ඇවැසි වූයේ නැත. එසේ පැහැර ගත් වුන්ට දස වධ දෙන ලදි. ඉඳිකටුවලින් නිය යටට ඇනීම සුලබ වධ ක‍්‍රමයක් විය. එය ඉතා සරලව ගීතවත්ව රචනය කර ඇති අයුරු වටනේ ය. ඒ අතරම ඒ කිසිවක් ගැන වගක් නැති පිරිස්වල මජර හැසිරීම ද ප‍්‍රකාශ කරයි. නීතියේ ද අධිකරණයේ ද ගර්භිත බව ද කියැවෙන ගීතයෙන් අවසානයට ඇරයුම් කරන්නේ යුක්තිය පතා යන දරු පරපුරකට ය. මේ සුභාවිත ප‍්‍රකාශනය එදාට හා අදට මෙන් ම හෙටට ද ගෝචර ය.

 

ඉදින් මම මගේ සටහන මෙතෙකින් නිමා කරමි. සාධු ජන ගණ මනා සබා ගැබ හොබවනා.... ගීතයේ තැනක කියවෙන්නාක් මෙන් නැත අපට භද්‍ර වූ කාලයක් භද්‍ර වූ දේශයක් රාජ්‍යයක්. නපුර රජ වූ සමාජයක ඊට එරෙහිවීම හැර අන් යුතුකමක් අපට නැත. ඒ උදෙසා මනස අවධිකර ගැන්ම හැර විකල්පයකින් සමාජ ඵල සමාජයට අත්පත් කරගත නොහැකි ය.

 

- දේවක

 

Last modified on Tuesday, 08 December 2020 13:20

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.