02 October 2019 Written by 

ඔබ සිංහල පරිවර්තන නොකියවිය යුත්තේ ඇයි ? - අනුරංගා ප්‍රනාන්දු

මේක බොහොම විවාදාත්මක තේමාවක්.මම නෑ කියන්නේ නෑ. කෙනෙක් තර්ක කරාවි..මට ඉංග්‍රීසි  බැරි නම් මම වෙන මොනවා කරන්නද කියලා.

ඉංග්‍රීසි කියන්නෙත් භාෂාව ක් පමණක් කියලා කවදා අපේ අය තේරුම් ගනීද මන්දා.

අපිට සිංහල පුලුවන් නම් දමිළ පුලුවන් නම් ඊට වඩා බොහොම සරල ඉංග්‍රීසි බැරි වෙන්නේ ඇයි කියන කාරණේ මට හැමදාම ගැටලුවක්..

නිදහසට කාරණා නම් ගොඩක් තියේවි නමුත් රටේ ඔක්කොම ළමයි ඉගෙනගත්තු පෙළපොත් වලින්ම...ඉගෙනගත්තු මට නම් කියන්න තියෙන්නේ  තමුන්ගෙ උත්සාහය ඕනෑකම  තියේ නම් කරන්න බැරි දෙයක් නෑ කියන එක විතරයි.

ඒ නිසා ඒ කාරණාව ගැන මාත් එක්ක තර්ක කිරීමෙන් වැඩක් නෑ.

 

 

ඉතිං අපේ මූලික කාරණාව දිහාට හැරුනොත්....පරිවර්තන බිහිවෙන්නේ බොහෝ විට ඉතා ජනප්‍රිය ,දුර්ලභ ,වටිනා ...ඒවගේ මොනයම් හේතුවක් නිසා හෝ වැදගත් නිර්මාණයන් අරඹයා.

මෙතනදි පරිවර්තකයා ගේ වගකීම මොකක්ද? .කරන්නන් වාලේ පරිවර්තනය කරලා ඔන්න ඕනෑනම් බලපල්ලා කියලා ප්‍රකාශනය  කරන එකද?.

මෙවර පොත් ප්‍රදර්ශනයට ගිහින් එක්තරා ප්‍රවීණ ලේඛිකාවක ගේ පරිවර්තනයක් මිලට ගත්තා.ඒ පොත කියවද්දී හොදටම පැහැදිලියි ...වචනෙන් වචනෙට පරිවර්තනය කරලා කියලා.කිසිම පද ගැලපීමක්වත් ..ගලා යාමක් වත් නෑ.

මට දැනෙන්නෙ මම වචන ගොඩක් වචනෙන් වචනෙට කියවාගෙන යනවා විතරයි.

අවම වශයෙන් මුද්‍රණය ට පෙර ඈ වත් මේ පොත ආයේ කියෙව්වානම් මේ පොත් මෙහෙම අච්චු ගහයි ද කියලා මට හිතුනා...

කරන්න ඕනි හැම අවුරුද්දකම මොකක් හරි බඩකඩිත්තුවක්  මුද්‍රණ ද්වාරයෙන් පිට කරන්න තකහනි වෙන එක නෙවී.

කාලයක් අරන් හරි හරි දෙයක් හොඳ දෙයක් පාඨකයන් ට දෙන එකයි....

නැතිනම් ඒක මුදල් ගෙවලා පොත ගන්න මනුස්සයා ට කරන වංචාවක්.

 

මොකද අපි කාටවත් පිනට මුදල් ලැබෙන්නෙ නෑ.

 

අවුරුද්දකට සැරයක් උඩ පැනගෙන ගිහින් විය කරලා ,ආඩම්බරෙන්..මෙන්න අස්වැන්න කියලා පෙන්නන්න පොත් ගන්නෙ දාඩිය මහන්සියෙන් හරි හම්බු කරපු මුදලින්....

 

මේ රටේ අද තියෙන තත්වය බොහොම සෝචනීයයි.මේවගේ අත්දැකීම් බොහොම තියෙන නිසාම පරිවර්ථන කියවන එක සපුරා අත් ඇරලා තියෙන්නේ..මෙතුවක් කල් ඉවසාගෙන හිටියට මේකෙන් නම් හොදටම තරහා ගිය නිසා ලියන්නම හිතුවා.

 

මුල් පොත සොයාගන්න කොපමණ උත්සාහා කලත් බැරි උන නිසා  මමත් මේ ගොං කම කලා කියමුකෝ.

 

මට තරහා මෙච්චර වගකිවයුතු ප්‍රවීණ ලේඛක ලේඛ්කාවොත් මෙහෙම ප්‍රෝඩා කරද්දි...නවකයෝ මොනවා නොකරයිද?

 ඉතිං ......

සාහිත කෙත පුරන් වනු කවුරු නම් වළකාද?

 

කවමදාකවත් මුල් කෘතියේ රස ,ගුණ, වරුණ පරිවර්තනයක නෑ. ඒ ක මම පිළිගන්නවා.

එහෙම නැතුව පොතක් කියවලා වැඩක් තියෙනවාද?ඇත්තම කතාව නෑ.ඒනිසයි මම කොහොම හරි මුල් කෘතියම කියවන්න උත්සාහා කරන්නේ....

 

අපි පරිවර්ථනයක කියවන්නෙ පරිවර්ථකයාගෙ අදහස්..abridged version of the original document  or the  writing .

 ඊරියගොල්ල  මහතාගෙ මනුතාපය ඒවගේ..ලේ මිසරාබ්ල කියන මහා කෘතියේ සංක්ශිප්ත පරිවර්ථනයක්....රසාලිප්ත අති විශිෂ්ඨ නිර්මාණයක්....නිර්දිශ්ඨ පාසල් කියවීම් පොතක්....ඒ ඇයි..?

 

පරිවර්ථකයා තමුන්ගෙ භූමිකාව මැනවින් දත් නිසා නෙවීද ඒ දේ උනේ? 

 

 එතකොට අපි කවුරුත් පාහේ පාසැල් සමයේදී රස වින්ද  ටාර්සන්, මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා.. එතකොට ශර්ලොක් හෝම්ස් වගේ පරිවර්ථන ගැන කාටවත් වාදයක් තියෙනවාද ? නෑ නේද?

 තව රුසියානු සාහිත්‍යය අපිට තොල ගාවපු  දැදිගම .වී. රුද්‍රිගු වගේ ලේඛක යින් අදටත් ස්මරණීයයි නේද?

 ඒක තමයි විය යුත්තේ. 

මේකත් හරියට ටයි මහත්තයාගෙ හඬ කැවීම් වගේ...ඒ කොලිටිය දැන් හැදෙන වැඩසටහන් වල නෑ වගේ. පරිවර්ථන කරද්දි තමුන්ට ලැබෙන නිදහසේ නම්බුව තිබ්බ අය වෙනයි..poetic license එකක් වගේ පරිවර්ථකයාට තම අදහසත් යම්තාක් දුරට අඩංගු කරන්න ලැබෙන සුළු නිදහසට මෙහෙම ගරහන අය වෙනයි...

 

" කරතොත් කරපං හරියට...නැතිනම් පලයං අහකට..." කියන්න හිතෙන්නෙ මේ වෙලාවට තමයි...  unabridged කරනවානම් verbatim  නොකර මූලික ගලා යාම පවත්වන්න බැරි නම් නොලියා ඉන්න එක නම්බුයි.නිකම් අපේ සල්ලියි බලාපොරොත්තුයි විනාස නොකර.

 

ඉතිං මේ අර පුස්ථක මේ පුස්ථක  සම්මාන දිනපු අය  , ඒවාට නිර්දේශ උන අය  සහ අනෙත් ලියන අය ...පරිවර්ථන  වැඩේ බැරි නම්....  දන්න සිංහලෙන් තමුන් ගෙ ස්ව නිර්මාණ කරගෙන ඉන්නෙ නැතුව...නොදන්න දෙමළෙට ගිහින් වරිගෙ නහගන්න වැඩ නොකර හිටියා නම් හොඳ නැද්ද...මං අහන්නෙ?

 

හදවතට එකඟව නිර්මාණ කරන ලේඛක ලේඛිකාවන්ට සදා ආදරයෙන්....

Last modified on Wednesday, 02 October 2019 17:56

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.