ඒ අසහාය නායකයා වූ සමාජවාදී කඳවුරු එකිනෙක බිද වැටෙද්දී වුව රතු ධජය තම අත්ලෙන් නොහල එය කිසිදු කොන්දේසියකට යටත් නොකොට සුරැකිව තබාගත් විප්ලවීය නායක ෆිදෙස් කස්ත්‍රෝ 2017 අප්‍රේල් මස 16-19 වැනි දින තෙක් පැවැති කියුබානු කොමියුනිස්ට් පක්ෂයේ 7 වැනි සමුළුව අමතා මෙසේ තම අදහස් දැක්වීම සිදුකළේය.  

නුවර පාරක් පාරක් ගානේ . කාස්ටක අව්ව....හෝන් සද්ද...කුනු වෙච්ච මස් කෑල්ලකට නිල මැස්සො වහනව වගේ , ශ්‍රියානි.මච් මෝ..පැෂන් බග් වල මිනිස්සු,පෝලිම් ගනං...මේ තෑගි දෙන මාසෙ හින්දද මන්දා ගුණ්සේනෙත් මිනිස්සු වැහි වැහලා..ලොකු ,පොඩි ,පොශ්, දෙපොශ්...දුප්පත් ,පෝසත් හැමෝම සතුට හොයාගෙන නගරයට එකතු වෙනව.සමහර මිනුස්සු බල්ලො මරල හරි සල්ලි හොයනකොට තවත් සම හරක්...තියන සබ්බ සකලමනාවම කඩවල් වලට පූජා කරලා සතුට හොයනව...වරදක් කියන්නත් බෑ..මිනිස්සු සතුට කියල අඳුරගෙන තියෙන්නෙ කොයි වගේ භාවමය බාවයක්ද කියන අවුල වෙලාවකට මට එනව.

 

ඈත දුමබර කඳු පෙළට මුවා වී උදෑසන ළා හිරු තම පළමු රැස් කිරණ ගැබ්බර වළා බඳකට මුදා හැරියේ රිදී ඉරි පෙළක් අහසේ සිත්තම් කරමිනි'කැදලි වලින් බට දහසක් කුරුල්ලෝ රාත්රිව රෑහි නාදය නිමා කරමින් තම ගීත ගායනා කරති.රාත්රිවය පුරාම යුධ පිටියක්ව පැවති මානිස්ගේ ගෙමිදුල තැනිතලාවට බට ගඟක් සේ නිසසලය.අගිල් කපුරු ධූමයන් පමණක් නැහැ පුඩු කිති කවමින් ඇතුල් වන්නේ රාත්රිුයට අමතකව දමා ගිය මීදුම් පොකුරක් මෙනැයි මානිස්ට සිතෙයි...

පිදෙල් මට නම් වීරයෙක්. සමහර වාම ගුරුකුල වලට අනුව ඔහු සුළු ධනේශ්වර පාලකයෙක්. සමහරකට උත්තුංග විප්ලවවාදියෙක්. වම නොවන ඇතැම් උන්ට පිදෙල් ඒකාධිපතියෙක්. 

 

අලුත උපන් දරුවෙකුගේ අත්පා වල මොළකැටි බව අපි බොහෝ විට විග්‍රහ කරන්නේ මල් පෙත්තක් වගේ, කුරුළු පිහාටුවක් වගේ  සියුම්  සුසිනිදු ලෙසින් දස මසක් මවගේ සුරක්ෂිත  ගර්භය තුළ නිදුකින් ආරක්ෂාකාරීව සිටින දරුවා මෙලොවට වඩා දුන් මොහොතේ  සිටම ස්පර්ශය කියන සංවේදනය අත්විදින්නට පටන් ගන්නවා.

පුද්ගලික ස්පර්ශයන් මෙන්ම තමා අවට ඇති ශරීරය ගැටෙන  සීමාවෙහි ඇති දෑ දරුවාගේ මූලිකම ස්පර්ශ හෙවත් දැනීම් සංවේදන වේ. සියුම් හා රළු යන ස්පර්ශ  විවිධත්වයට ක්‍රම ක්‍රමයෙන්  දරුවකු හුරු විවිධත්වයට  ක්‍රම  ක්‍රමයෙන්  දරුවෙකු හුරු වන්නේ  එමෙන්ම මොළයට  ලබා දෙන ස්පර්ශ ස්වේදන පණිවුඩ ඔස්සේ..

ගීතය යනු භාවාත්මක ගණුදෙනුවකි. එය අතිශය සෞන්දර්යාත්මක මෙන්ම භාවාර්ද්‍ර වස්තුවක් ද විය යුතුය. ගීත හරහා රසිකයන්ගෙන් ඉල්ලීම් කරන ගායක ගායිකාවන් වර්තමානයේ කොතෙකුත් දැක ඇත්තෙමි. නමුත් ඒ ගායකයා හෝ ගායිකාව කෙරේ කෝපයක් විනා කිසිදු භාවයක් අපතුළ විකසිත නොවේ. මීට වසර කිහිපයකට පෙර සිදු වූ සිදුවීමක් මට සිහිපත් වේ. මහරගම ඇමිටි ආයතනයේ පාත මාලයේ ෆුඩ් කෝට් නමින් ආහාර ගන්නා ස්ථානයක් විය. දහවල් ආහාර ගැනීමට මා එහි ගිය දිනක ජපුර සරසවියේ ශාස්ත්‍ර පීඨයේ එක්තරා අධ්‍යනාංහයක ආචාර්යවරයෙක් සිය දියණියද කැටුව එහි පැමිණියේය. අතිශය නිහතමානී ගුරුවරයකු වූ ඔහු සිය දියණිය මා ළගින් හිදුවා ආහාර ලබා ගන්නට ගියේය.