ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන් ජීවය හතිලන පොළොවක් සංගීතයෙන් අස්වැද්දූ සැබෑ මිනිසෙකි. ඔහු නිර්මාණය කළ ටෝන් පොයම් (Tone Poem) සංගීතමය භාවිතය තුළින් මිනිසාත්, ඔහුගේ ජීවන පැවැත්මත්, ස්වභාවධර්මයත් පිළිබඳ කවදාවත් පරණ නොවන කතාවකට කටහඬක් දෙනවා. ඒ හඬින් ඇහෙන්නේ මිනිසාගේත්, ස්වභාවධර්මයේත් හදගැස්මේ රිද්මයයි. ඒ රිද්මයෙන් කාලයට හසු නොවුණු සත්‍යයේ ගැඹුරු දෝංකාරය පිළිබඳව ගැයෙනවා. ඒහි නිදන්ගත රිද්මයේ කිසිදු සීමාවකින් තොරව මහ පොළොවේ ජීවත් වෙන මානව සංහතියේම ආත්මය සුවපත් කිරීමේ ජීවගුණයක් පවතිනවා. ඒ සංගීතමය නින්නාදයෙන් රසිකයා තුළ ජීවත් වන මිනිසා ඇහැරවා මිනිසාත්, ලෝකයත් පිළිබඳ හිතන්න පුරුදු කරනවා. ඒ තුළින් ඉපදෙන ප්‍රඥාවෙන් එදත්, අදත් හෙටත් ලෝකය ගොඩනැගීමට තමන් මැදිහත් විය යුත්තේ කෙසේ ද? එය පටන් ගත යුත්තේ කොතනින් ද? යන සොයායාම වෙත මිනිසා රුගෙන යනවා.

තොරතුරු දැනගැනීමේ අයිතිය පොදු ජනතාවගේ අයිතියකි. එහෙත් තොරතුරු දැනගැනීමේ අයිතිය නීතිගත කරන්නට මූලික වූයේ ජනමාධ්‍ය සමාජයයි. එනිසා බොහෝ දෙනා සිතුවේ මෙම නීතිය ගෙනඑන්නේ ජනමාධ්‍යවේදීන්ගේ ප‍්‍රයෝජනයට යැයි කියාය. එහෙත් සාධනීය ලෙස මේ වනවිට එයින් වැඩි පල නෙළාගනිමින් සිටින්නෝ ජනමාධ්‍යවේදීන්ට වඩා පොදු ජනතාවය. කොමිසම හමුවට ඉදිරිපත්ව ඇති අභියාචනා ඊට සාක්ෂි දරයි. එයින් සාතිශය බහුතරයක් ඉදිරිපත් කරනු ලැබ ඇත්තේ සාමාන්‍ය ජනතාව විසිනි. එසේ බලද්දී සෙමින් සෙමින් වුවද රටක් හැටියට අප තොරතුරු සංස්කෘතියක් කරා පියනඟමින් සිටීම සන්තුෂ්ටියට කරුණකි.

සිහින් මද සුළඟට මුහුණ පෑ පොල් අත්ත තාලානුකූලව ඒ මේ අත වැනෙයි.. වියළි පොල් අත්තක් ගස පාමුල හබරල ගොල්ලේ වැටී තම දිගු ඉරටු ඇසිලිනාට පෙනෙන්නටදෝ අහසට දිගුකර සිටින්නේ වට්ටියක්ව ඇසිලිනා අත වියෙන්නට කැමැත්තක් ඇතුවාක් මෙනි. අයාලේ ගිය ඇටිකුබ්බෙක් කෝපි පඳුරු අතර තම  රතු ඇස් කරකවමින් සැඟව සිටිනා ගොළුබෙල්ලන් සොයන්නේ කලබලකාරී බවකින් තොරවමය.. 

යහපාලන ආණ්ඩුවේ දෙවර්ෂපූර්ණය සමඟ එහි දේශපාලන යථාර්ථය සම්බන්ධයෙන් සමාජ කතිකාවක් සිදුවෙමින් තිබේ. දේශපාලන වෙනසක් වෙනුවෙන් දුන් පොරොන්දු හා ආණ්ඩු බලය මගින් කළ කී දෑ එහිදී මූලික වශයෙන් කතා බහට ලක්වේ. රාජපක්ෂ පාලනයට එරෙහිව සකල බලවේග ඒකරාශි වූ වේදිකාව වෙනුවට නව දේශපාලන සන්ධාන බිහිව ඇත. මේ වටපිටාව තුළ නව සමාජ ව්‍යාපාරයක අවශ්‍යතාව හා මෙතෙක් හඬ නැගූ බලවේගවල දේශපාලන චර්යා රටා ගැන සාවධාන වීම වැදගත් යැයි සිතමි.

ලංකාවේ මෙතෙක් ක්‍රියාත්මක කළ සංවර්ධන ව්‍යාපෘති අතුරින් වැඩි ම පාරිසරික හා කෘෂි වගා බිම්  විනාශය මෙන්ම වැඩි ම ජනතාවක් අවතැන් කළ ව්‍යාපෘතිය වන්නේ උමා ඔය බහුකාර්ය ව්‍යාපෘති යයි. මෙම ව්‍යාපෘතියේ භූගත උමං කැණීම හා වේලි ඉදිකිරීම ඇතුළු සංවර්ධන කටයුතු හේතුවෙන් බදුල්ල හා මොනරාගල දිස්ත්‍රික්ක දෙකට අයත් බණ්ඩාරවෙල, හාලි ඇළ, වැලිමඩ, ඌවපරණගම, ඇල්ල හා වැල්ලවාය යන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල ජීවත් වනපවුල් 7450ක් පමණ මේ වන විට බලපෑමට ලක් ව අවතැන්ව සිටී. භූගත උමං කැණීමෙන් ඇති වී තිබෙන මහා ජල කාන්දුවීම් හේතුවෙන් ළිං ඇතුළු ජල මූලාශ‍්‍ර සම්පූර්ණයෙන් ම සිදී ගොස් දැවැන්ත ජල අර්බුද උද්ගතවීම, කුඹුරු ඇතුළු ගොවි බිම් විනාශ වීම හා භූමිය අස්ථාවර වීමෙන් නිවාස හා දේපල විනාශ වී බොහෝ ජනතාවක් අවතැන් වීම සිදු ව තිබේ.එපමණක් නොව ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු ස`දහා ගොවි බිම් ඇතුළුව ජනතාවගේ ඉඩම් අත්පත්කර ගැනීමෙන් සෘජුව අවතැන් වූ ජනතාවට මෙතෙක් ප‍්‍රමාණවත් වන්දි ගෙවීමක් සිදු කර නොමැත. නැවත පදිංචි කිරීමේ අක‍්‍රමිකතා හා අවතැන් වූ ගොවි ජනතාවට විකල්ප ගොවි බිම් ලබා නොදීම ඇතුළු ගැටලු බොහොමයකට මේ වනවිට ජනතාව මුහුණ දීසිටී. මීට අමතර ව උමා ඔයේ පුහුල්පොළ හා මහතැටිල්ල ජලාශ ඉදි කිරීම හේතුවෙන් පහළ ප‍්‍රදේශයට ජලය ගලා යාම සීමා වීමෙන් උමා ඔයේ පහළ පිහිටි බත්මැඩිල්ල මහා වාරි ව්‍යාපාරය ඇතුළු ව කුඩා අමුණු යටතේ උමා ඔයේ ජලය ලබා ගෙන ක්‍රියාත්මක වන සුළු වාරි ව්‍යාපෘති 19 කට හා මහවැලි ව්‍යාපාරයේ ගොවි බිම් වලට ජලය සීමා වීමෙන් ගැටලු ගණනාවකට ඉදිරියේ දී ගොවි ජනතාවට මුහුණ දීමට සිදු වේ.

යශෝධරා සහ සිදුහත් ජීවිත කතාව අපේ පරම්පාවෙ සිල්ලර ප්‍රේමකතා අත්දැකිම් එක්ක පටල ගන්න ගියාම , අපිට හිතෙන්නෙම සිදුහත් යශෝධරාව දාල ගියා කියල.

ඉතිං යශෝදරාටත් ඔය ගමන සිදුහත් එක්ක යන්න තිබුනනෙ.. කියල හිතල වෙනස්ම ශ්‍රද්ධාවක ඉන්න අය සමාජයෙ නැතුවාම නොවෙයි. එහෙම වුනානම් සිදුහත්ට දුෂ්කර ක්‍රියා කරන්න ඇය ඉඩ දෙන්නෙ නැ. ඇය සිදුහත්ට පලවැල කඩන් ගෙනත් දේවි. වැස්සට හිස වසන්න මුචලින්ද ( නයෙකි ) මොකටද , ඇය සිද්ධාර්තට සෙවන සදාවි.මාර පරාජය මොහොතෙ යශෝදරා ලග හිටිය නම් මාර දූවරුන්ට කිට්ටුවෙන්න ඉඩක් කොයින්ද ., ⁣