ළමා විය හා සම්බන්ධ ගැටුල සහගත තත්වයන් නිසා පිඩාවට පත්ව  සිටින දරුවන් පිළිබදව අප කොතෙකුත් ආස තිබෙනවා. ඇතැම් විට මේ ලිපිය කියවන ඔබ  එවැනි දරුවකු  සහිත මවක හෝ පියෙකු එසේත් නැති නම් හිතවතෙකු විය හැකියි. පහත සදහන් වන තොරතුරු සහිත දරුවන් මා විසින් ප්‍රතිකාර දෙනු ලැබූ විශේෂ වූ දරුවන් කිහිප දෙනෙක්..

“ඕං බලාපල්ලා ඒකෙත් හැටි.කොච්චර කෑ ගැහුවත් සේනානායක උත්තමයත් එක්ක එක්කාසු නොවුනා නං බණ්ඩාරනායක මහත්තැන්ට  මේ චන්දෙ දිනන්ට වෙන්නෙ නෑ....”

“පල යන්ට ගෙරියා....”

පය පාමුල නිදා සිටි බල්ලා කන්පට ගසන්නට වූයෙන් මානිස් පයින් පහරක් ගසා බල්ලා ඔලවා දැම්මේ තරහිනි.ගොම්මන් අඳුර මූසල පාටට වත්ත කෙළවරේ වූ කිතුල් ගහට වැටී ඇත.ලබු කැටයට රා මුට්ටිය බා ගත් සුමනේ සෙමෙන් සෙමෙන් උණ කරු වලට පය තබමින් ගහෙන් බසින්නේ ගහේදීම තොල ගෑ රා පොල්කට්ටේ රහ තවමත් තලු මරමිනි...වෙනදාට නම් මානිස්ද ඔහු හා එක්වෙයි.බඩවැටියේ  එරමිණියා ගාලට එපිටින් ඔවුන් නිතරම හමුවන කුඩා බිම්කඩක් කාලයක් තිස්සෙම වෙන්ව පැවතුනි.හැන්දෑවට ඇඟපත හෝදාගෙන එන ගමන් මෙතනට එබිකම් කරන මානිස් ඇතුළු නඩය ආ ගිය තොරතුරු කතා බහ කරමින් රා මුට්ටිය හිස් කරන්නේ වෙහෙස මහන්සිය දිය කර දමමින්ය.ඇතැමෙකු දඩමස් ටිකක් හො පුච්චා ගත් මඤ්ඤොක්කා අලයක් ගෙනෙන්නේ කටගැස්මටයි.කටගොන්නක් බීගෙන ආ දාට මදක් කන්කෙදිරි ගෑවාට රා බීම ගැන ඇසිලිනාගේද විරුද්ධත්වයක් නැත්තේ ගැමියන්ට එය නැතුවම බැරි ආහාරයක් මෙන් වූ බැවිනි..

ඉස්ටෝරු කන්ද මුදුනින් නිකුත්වන තප්පු නාදය අවට කඳුවල හැපී නින්නාද දෙන්නේ දින කිහිපයක සිටයි.බිනර මාසේ මුල් සතියේම මෙසේ මැදගොඩ වත්තේ ආඩිපුසෛ මංගල්ලය පැවැත්වෙන්නේ ඉස්ටෝරු කන්දේ ලැයිං කාමර පේලිය කෙළවරේම ඇති කෝවිලේදීය.කුඩාවට තැනූ කදිර කෝවිලත් මාරි අම්මාන් කෝවිලත් රතු රෙදි පටින් සරසා කෙසෙල් ගස් සිටුවා තිබුණි.

නිකිණි පෑවිල්ලට හසු වූ ඇල පාරේ තිත්ත පැටව් අල්ලමින් සිටි සෝමාත් අයිවනුත් දෙස බැලූ මී දෙනක් නිදිමතේ තප්පුලන්නට වූවාය.පුංචි එවුන්ගේ දාංගලය ඇගේ නින්දට බාධාවක්මය‍.පුරන් වෙල් යායේ පළා නෙලමින් ඉන්නා ඇසිලිනා කොයි මොහොතේ විලි රුදා වේ දැයි ඇත්තේ සැකයකි.වැඩිමනත් ඇගේ කල්පනාවට එන්නේ හරි හැටි කුසට අහරක් නොවැටුනු නිසාම මේ දරුවා නිරෝගීව ඇත්දැයි යන්නය.

පරුවතයක් වගේ සද්දන්ත හස්තිරාජයා..කෙහෙල් ගොබ වගේ කිරි පාට දළ දෙක.පාවාඩ පිටිං සීරුවට වඩින්නෙ හරියට මහ පොළොවටත් නොදැනෙන ගානට..ධාතු කරඞුව පිට තියාන යන හස්ති රාජයා දෙපැත්තෙන් තව දළ ඇත්තු දෙන්නයි”