සිහිනය 01

හීනි පොද වැස්ස හීතලට ඇද හැලෙනවත් එක්කම පාර පුරා අතොරක් නැතිව විසිරිලා තිබුණු රොබරෝසියා මල් දිහා තත්පරයක් බලාගෙන හිටියා මම. බිම පතිත වූ මලින් ගහණ මාවත ඔස්සේ මගේ හිත වසරක පමණ අතීතයකට මාව එක්කරගෙන ගියේ අනවසරයෙන්මය. රොබරෝසියා මල් පෙති මත පුංචි වැහි බිඳු එක දෙක පතිතව පෙති මත විසිරෙන විදියේ අපූර්ව වූ චමත්කාරයකින් මගේ හිත හිරිවැටිලා ගියේ ක්ෂණිකවම දෑස් මත පුංචි තෙතමනයකුත් රඳවගෙනමය.

 

“අද පටන් ලක්දිව වැසියන් ලෝකයේ නිදහස් ජාතීන්ට සමානයි”

ඒ 1948 පෙබරවාරිය යි..බෝතල් අඩි කණ්ණාඩි දෙක අස්සෙන් ඇස් උස්සා බලමින් ආරච්චි මහත්තයා දිණමිණ පත්තරේ මුල් පිටුව කියවන්නේ මහත් උද්යෝගයෙනි...රැස්ව සිටි දහ දොළොස්දෙනා මිදුලේම කෙලින් කටින් ඉඳගෙන ඇස්කණ් අයා සිටිති..සුදු අධිරාජ්යිවාදීන් විසින් ලංකාවට නිදහස ලබා දීමේ ඒ ප්රීනතිමත් මොහොත පිළිබඳ තොරතුරු ගම් තුලානට ආවේ මේ පුවත්පත් හරහාය..දිණමිණ පත්තරේ මුල් පිටුව සැරසී තිබුනේ ඒ අභිමානවත් පුවතත් ජාතික ධජයත් යන ද්විත්වය ඉහළින්ම පළ කරමින් ය..

රාස්සිගේ අවු රැල්ලට හසු වූ වළාවක් මලානික කහ එලියක් විහිදුවමින් හෙමි හෙමින් ගමනක යෙදෙනු දැක දැකම වැහි ළිහිණින් දෙතුන් දෙනෙකු ඒ මේ අත පියඹා යයි..ඉස්ටෝරුවේ හයේ සංගුව පිම්ඹේ මද වේලාවකට පෙරයි..ඇසිලිනා සිටින්නේ උඩුබැලි අතට වැටීගෙනය..ඔව් සියල්ල අහවරය.!..සියල්ල අහවර කොට ඒ තිරිසනා ගොස් ඇත..ඔහුගේ හැඩි දැඩි බාහුවල එල්ලී පොරබැදූවත් බේරී යාමට තමා දැරූ තැත ව්යිර්ථ වී ගියේ තම හිසට වැදුනු පහරත් සමග බව ඇසිලිනාට මතකය..ඉන්පසු කුමක් වීද..? සියලු ආශාවන් සපුරාන ඔහු ගොස්ය..ඇසිලිනාට සිහිය එන විටත් ඒ තිරිසනා අතුරුදන් වී හමාරය..

 

“සුද්දා අපට රට දීලා යනවැයි කියන්නෙ මලයා ”

 

“මොකක් කිව්වා..?”

 

“මටත් ආරච්චි මහත්තයා තමයි කිව්වෙ..මේ රට අපිටම දීලා යනවැයි කියන්නෙ”

 

“අම්මද බොල...අපේ පුරන් අප්පුලා...ගොංගාලේ ගොඩ බංඩලා ජීවිත පුදලාවත් බේරගන්ට බැරිවෙචිචි රට...නිකම්ම දීලා යනවා..!”

 

සුමනේගේත් රංබණ්ඩාගේත් කතාබහට කන්දෙමින් පොල් අතු සෙවිල්ලන මානිස් බුලත්කෙල අහුරක් පොළොවට ගසන්නේ හීන් රතුපාට ඉරක් දූවිල්ල මත රඳවයි...

 

“මාත් අහගෙන රංබණ්ඩයියේ..උන් රට ලියවගත්තා වගේම ආයෙම අපිට ලියා දෙනවලු බොල..”

උදෑසන දුම්රියේ සේවයට පැමිණෙන විට අපූරු අත්දැකීම්වලට  මුහුණ පාන්නට සිදුවීම  දවසේ  පුරුද්දක් වෙලා දැන. ඒ අතරේ  ලියන්නට දැනුමට යමක් එක් කරන්නට සමත් වෙන අත්දැකීම්ද නැතිවා නොවෙයි. 

මා ඉදගත් අසුනේ ඉදිරිපස  අම්මා කෙනෙකුයි  පොඩි පුතෙකුයි මා  දුම්රියට නගින්නේ අතරමැදි  නැවතුමකින් නිසා ඔවුන් ඉදිරිපස  තිබූ අසුනේ මම හිදගත්තේ  අවුරුදු  හතරක් පමණ වියැති  දරුවා ජනේල කවුළුව අසල ඉන් එහාට  වෙන්නට අම්මා. මම  පුදුරුදු පරිදි  පොතක් අතට ගත්තා. නෙත් කෙළවර ට හසුවන්නේ  දරුවාගේ  හැසිරිම් රටාව.

කිරා විසින් සිටවූ ඇහැළ පැළයෙන් නැගි අලුත් දළු දෙකක් උදෑසන හීන් සුළඟට නැටුමක් නටන්නා සේ පෙනේ..දළු කන්නට එන මුවන්ගෙන් එය ආරක්ෂා කර ගැනීමට කිරා විසින්ම දඬු කැබලි කිහිපයක් සිටුවා කොළපත් දෙකතුනකින් වට කර ඇත..දින කිහිපයක්ම මහන්සි වූ පසුව ඉඩමෙන් සෑහෙන කොටසක් එලි කරගැනීමට මානිස්ට හැකිවිය..සාරෙට වැඩී තිබූ කැළැව කපා දැමූ පසු ඈත කඳු පන්ති තවත් ළං වූ බව මානිස්ට දැනේ..ඉඩමේ කොණකට වන්නට කුඩා උල්පතක් පාදා ගත් කිරා තැනූ වලෙහි වතුර පිරී උතුරා යයි..