ඈත දුමබර කඳු පෙළට මුවා වී උදෑසන ළා හිරු තම පළමු රැස් කිරණ ගැබ්බර වළා බඳකට මුදා හැරියේ රිදී ඉරි පෙළක් අහසේ සිත්තම් කරමිනි'කැදලි වලින් බට දහසක් කුරුල්ලෝ රාත්රිව රෑහි නාදය නිමා කරමින් තම ගීත ගායනා කරති.රාත්රිවය පුරාම යුධ පිටියක්ව පැවති මානිස්ගේ ගෙමිදුල තැනිතලාවට බට ගඟක් සේ නිසසලය.අගිල් කපුරු ධූමයන් පමණක් නැහැ පුඩු කිති කවමින් ඇතුල් වන්නේ රාත්රිුයට අමතකව දමා ගිය මීදුම් පොකුරක් මෙනැයි මානිස්ට සිතෙයි...

පිදෙල් මට නම් වීරයෙක්. සමහර වාම ගුරුකුල වලට අනුව ඔහු සුළු ධනේශ්වර පාලකයෙක්. සමහරකට උත්තුංග විප්ලවවාදියෙක්. වම නොවන ඇතැම් උන්ට පිදෙල් ඒකාධිපතියෙක්. 

 

අලුත උපන් දරුවෙකුගේ අත්පා වල මොළකැටි බව අපි බොහෝ විට විග්‍රහ කරන්නේ මල් පෙත්තක් වගේ, කුරුළු පිහාටුවක් වගේ  සියුම්  සුසිනිදු ලෙසින් දස මසක් මවගේ සුරක්ෂිත  ගර්භය තුළ නිදුකින් ආරක්ෂාකාරීව සිටින දරුවා මෙලොවට වඩා දුන් මොහොතේ  සිටම ස්පර්ශය කියන සංවේදනය අත්විදින්නට පටන් ගන්නවා.

පුද්ගලික ස්පර්ශයන් මෙන්ම තමා අවට ඇති ශරීරය ගැටෙන  සීමාවෙහි ඇති දෑ දරුවාගේ මූලිකම ස්පර්ශ හෙවත් දැනීම් සංවේදන වේ. සියුම් හා රළු යන ස්පර්ශ  විවිධත්වයට ක්‍රම ක්‍රමයෙන්  දරුවකු හුරු විවිධත්වයට  ක්‍රම  ක්‍රමයෙන්  දරුවෙකු හුරු වන්නේ  එමෙන්ම මොළයට  ලබා දෙන ස්පර්ශ ස්වේදන පණිවුඩ ඔස්සේ..

ගීතය යනු භාවාත්මක ගණුදෙනුවකි. එය අතිශය සෞන්දර්යාත්මක මෙන්ම භාවාර්ද්‍ර වස්තුවක් ද විය යුතුය. ගීත හරහා රසිකයන්ගෙන් ඉල්ලීම් කරන ගායක ගායිකාවන් වර්තමානයේ කොතෙකුත් දැක ඇත්තෙමි. නමුත් ඒ ගායකයා හෝ ගායිකාව කෙරේ කෝපයක් විනා කිසිදු භාවයක් අපතුළ විකසිත නොවේ. මීට වසර කිහිපයකට පෙර සිදු වූ සිදුවීමක් මට සිහිපත් වේ. මහරගම ඇමිටි ආයතනයේ පාත මාලයේ ෆුඩ් කෝට් නමින් ආහාර ගන්නා ස්ථානයක් විය. දහවල් ආහාර ගැනීමට මා එහි ගිය දිනක ජපුර සරසවියේ ශාස්ත්‍ර පීඨයේ එක්තරා අධ්‍යනාංහයක ආචාර්යවරයෙක් සිය දියණියද කැටුව එහි පැමිණියේය. අතිශය නිහතමානී ගුරුවරයකු වූ ඔහු සිය දියණිය මා ළගින් හිදුවා ආහාර ලබා ගන්නට ගියේය.

මට පිලිකාවක් වැළදී ඇති බව දැන ගත්ත දවස. එදාම තමයි මට කුඩා දරුවෙකුගෙ ජීවිතය බේරා ගන්න ලැබුණෙත්. එදා හවස මම වෛද්‍ය වරයා ලඟට ගියෙ පරීක්ෂණ වාර්තා ටිකත් අරගෙනයි. 

 

“අහකට පල කොල්ලෝ...ඔතන දැපනෙ දාගෙන ඉඳලා කඩා දාපන්කො බලන්ට ඕක”

මල් යහනාව තනන ගමන්ම ගුරුන්නාන්සේ අයිවන්ට බැන වදී..ගොක් කොලින් සරසා පුවක් මල් නා කොළ ආදියෙන් අලංකාර කළ මල් යහන තොවිලයක පෙරනිමිති ගමටම පෙන්වන සළකුණකි..ඊට පසෙකින් පිදේනි තටු කිහිපයකුත් පෙරේත පිදේනියත් නිමවා ඇත්තේ කුඩා අයිවන්ගේ සිතිවිලි විචිත්ර වත් කරමිනි..ඊයේ  පටන්ම අප්පච්චීත් මාමලාත් කෙහෙල් කඳන්, පුවක් ගස්, පොල් මල්, ගොක් අතු ආදී බොහෝ දෑ ගෙනවිත් මිදුලේ ගොඩගසා තිබුනි..උදේ පාන්දරම ගැමුණුපුරින් ඉල්ලාන ආ කුකුළා වේ වැල් කූඩය තුළට වී බත් ඇට අහුලමින් සිටින්නේ මේ කිසිවක්ම නොදැකය..මුලු නිවසම මහා කලබලයකි..කැවිලි පෙවිලි සැදීමද තොවිලයට අවැසි නානාප්රණකාර අඩුමකුඩුම සෙවීමද මීට සතියකට පමණ පෙර ඇරඹී තිබුණි.මාතර සිටන් පැමිණි ගුරුන්නාන්සේ ඇතුළු කණ්ඩායම ගෙදරට හොඩ වැදුනේ අද පාන්දරම ය..සියල්ලෝම රාජකාරි බහුල වී සිටි අතර කුඩා අයිවකන් සෝමාද කැටිව ඉස්ටෝරු කන්ද දක්වාම ගොස් විවිධ පාටැති මල් නෙලාගෙන ආවේ මානිස්ගේ නියෝගයටයි..ගෙයි ඇතුලේ කාමරයක තිබූ මුතු කුඩය, සේසත්, චාමර, වීණාව, හොරණෑ, තම්මැට්ටම් ආදී පෙර නොවූ විරූ අදුභූත භාණ්ඩ දුටු සෝමා මහත් බියකින් ඇලලී සිටියාය..මේ අතර ගුරුන්නාන්සේ සමග ආ තරුණයෙක් සිතුවමක් අදින්නට විය...